සිය පාදයේ පහළ කොටසට වෙඩි ප්‍රහාරය එල්ලවන්ම ලුතිනන් මැදවල විසිවී ගොස් ඇදවැටුණේ යාබද වතුර වළකටය. ඒ සමගම තැන තැන තවත් සෙබළු කිහිපදෙනකුම එලෙස වෙඩි වැදී බිම පතිතවන අයුරු ඔහුට දැකගත හැකි විය. එසේ තුවාල ලැබූවන් හැකි අයුරින් ඉදිරියට රැගෙනයාමට ඇතැම්හු අසාර්ථක උත්සාහයක නිරතවන්නට ද වූහ. නමුත් දිගින් දිගටම එල්ලවන සතුරු ප්‍රතිරෝදය හමුවේ එහි කිසිවකුට තවකෙක් වෙනුවෙන් උපකාර කළ හැකි තත්වයක් නොවීය. මේ අතර සෙබළෙකු පැමිණ වතුර වළෙහි වැටී සිටි ලුතිනන් මැදවල ගේ කරට අත දමා ඔහුව වත්තම් කරගනිමින් ඉදිරියට යාමට උත්සාහ දැරීය. නමුත් එම සෙබළාට සහාය විය හැකිව තිබුණේ පියවර කිහිපයක් දුරට පමණි. ඒ ආසන්නයෙන්ම ඇදී ආ උණ්ඩයකින් ඔහුව සැනින් නිහඬ කරවූයේ අවාසනාවන්ත ලෙසය. එම සෙබළාගේ මරණය හමුවේ ලුතිනන් මැදවලට සිය වේදනාව අමතක වූ සෙයකි. හෙතෙම එම වතුර වළෙහිම වැතිරි තම පාදය අතගා බැලීය. එහිදී ඔහුට දැනුණේ දණහිසට පහළින් එය කුඩුවී අස්ථි පවා පිටතට නෙරා ඇති අයුරුය. පාදයේ පිටුපස කොටස පමණක් ඉතිරිවී යාන්තමින් එල්ලා වැටෙමින් තිබිණ. පැවති අඳුරද අඛණ්ඩව ඇද හැලෙමින් තිබූ වර්ෂාවද අතරේ ඔහු උඩුබැලි අතට හිඳ මඳක් හිස හරවා බැලීය. වම් කකුල කිසිවිටෙකත් සෙලවිය නොහැකි බැවින් ඔහුට මුණින් අතට හැර භූමියේ ගමන් කිරීම කිසිසේත්ම කල නොහැකි විය. එහිදී ඔහුට ඉතිරිව තිබුනේ පසුපසට ගමන් කිරීම පමණි. ඒ අනුව අත් දෙක හා දකුණු පාදය ආධාරයෙන් ඔහු පිටුපසට ඇදෙන්නට වූයේ උඩුබැලි අතට සිටින ඉරියව්වේම රැදෙමිණි. එය වූ කලී අතිශය අපහසු ගමනක් වූ අතර ඊට පෙර හමුදා පුහුණුවකදී හෝ ඔහු එලෙස ගොස් නොතිබිණ.
Boot Lace - බුට් ලේස්
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Sujith Chaminda Edirisinha - සුජිත් චමින්ද එදිරිසිංහ
- ISBN: 9786244951001
- Availability: Available
-
Rs. 1,600.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Avi Bimaka Giniyama - අවි බිමක ගිනියම
1990 කොකාවිල් ප්‍රහාරය වූ කලී පසුගිය තිස් වසරක යුධ ඉතිහාසය තුළ සිදුවූ බිහිසුණුම හා සංවේදීම සිදුවීමකි..
Rs. 1,400.00
Armouriya Seal - ආමරිය සීල්
ක්‍රමයෙන් අවට පරිසරය අඳුරු පැහැද ගනිමින් තිබිණ. බරපතල තුවාලකරුවන් තරමටම සාමාන්‍ය තුවාල ලැබුවන් පවා ඒ..
Rs. 1,500.00
Tags: Boot Lace - බුට් ලේස්



