ළිං මැඩියකුගෙ හදවත' නමින් එළිදක්වන මේ
කුලුඳුල් කවි සරණිය සැබැවින් ම ආධුනිකත්වය
ඉක්ම වූ සාධනීය ගුණාංග රැසකින් යුක්ත ය.
ඉහත ප්රවේශයේ දී සඳහනු ලැබූ ධ්වනිකාව්ය
ලක්ෂණ බොහෝ දුරට ඇගේ කවියෙහි දැක්ක හැකිය.
අනවශ්ය දිගු කිරීම් හා අනෞචිත පද
යෝජන හැකිතාක් බැහැර ලා ඇති ඔවිනිගේ කවි සංක්ෂිප්ත ගුණ කවියට ඕනෑ පරිදි රැක ගනී.
බස අතවැසි කරගන්නා බුහුටි කවි පදමට ඔවිනිගේ මේ කවිය සෑහේ.
ඉණේ වතත් අහිමිව ඉවුරේ රැදුණී රැදුණී
තනේ කිරි සුදෙන් කෙකටිය මල් පිපුණී
සදේ සාවු දොරකඩ වැලපෙත් සොවිනී
විනේ කිම්ද ඇඩුවේ නුඹ කනකෙකිනී
Lin Madiyekuge Hadawatha - ළිං මැඩියෙකුගේ හදවත
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- ISBN: 9786244866015
- Availability: Available
-
Rs. 500.00

