• Malak Se Pawathima Maraniya Waradaki - මලක් සේ පැවතීම මරණීය වරදකි

කවිය බහුජන මාධ්‍යයක් බවට පත්වීම සියළු ආකාරයෙන් ම සතුටු විය හැකි කාරණයකි. මන්දයත්, එමඟින් "ළ” ඇත්තන් හෙවත් සහෘදයන් වැඩි වැඩියෙන් බිහිවීමත්, සහානුකම්පිත සමාජයකට ඉඩහසර සෑදීමත් සිදුවන බැවිනි. කල්‍යාණි රූපසිංහ කිවිඳියගේ කාව්‍ය එළඹුමද මංගල කරුණක් වන්නේ එකී අරුතිනි. "මලක් සේ පැවතීම මරණීය වරදකි” යනුවෙන් නම් කළ ඇගේ පළමු අස්වනු සම්පතෙහි මතු මත්තේ ක්ෂේත්‍රය සරුසාර කළ හැකි විභවතා සහිත බීජ රැසක් ඇතුළත් බව නිසැකය. කිවිඳිය සිය කවිය සඳහා වහරට ගන්නා කවි බස, හුදු වාචනා මාර්ගය ඉක්මවන ධ්වනි ගුණයෙන් ප්‍රබල ය. එසේම ඇතැම් රූපක සහ වාග් ප්‍රකරණ බහුමානී අරුත් නගන ව්‍යංගයන්ගෙන් පොහොසත්ය.

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Malak Se Pawathima Maraniya Waradaki - මලක් සේ පැවතීම මරණීය වරදකි

  • Rs. 500.00


Tags: Malak Se Pawathima Maraniya Waradaki - මලක් සේ පැවතීම මරණීය වරදකි