• Sri Lankawe Kurumbara Dewa Sankalpaya - ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය

දේශීය ශාන්තිකර්ම ආශ්‍රිතව පුද ලබන කුරුම්බර ඇදහිල්ල හා දේවාලය 

පිළිබඳ මනා විමසුමකින් රචිත ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය 

නම් වූ මෙම කෘතිය පර්යේෂණයක අග්‍රඵලයකි. පහතරට නර්තනය, 

ගායනය හා වාදනය කෙරෙහි මනා නිපුණතාවක් දක්වන හර්ෂ වික්‍රමතුංග 

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් පහතරට නර්තනය පිළිබඳ ප්‍රථම 

උපාධියත්, අනතුරුව එම විශ්වවිද්‍යාලයෙන් ම දෑ අවුරුදු ප්‍රාසංගික 

කලාපති උපාධියන් ලබා නර්තන හා නාට්‍ය කලා පීඨයෙහි පහතරට 

නර්තන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය 

කරයි. ඔහු. ප්‍රායෝගික ශිල්ප අධ්‍යයනයෙන් ලත් දැනුම හා අත්දැකීම් 

තවදුරටත් ඉදිරියට ගෙනයමින්, පර්යේෂණ ක්‍රියාවලියට මෙන් ම 

ග්‍රන්ථකරණයෙන් ලේඛකයෙකු ලෙස ද ප්‍රවිෂ්ටවීම සුවිශේෂ අවස්ථාවකි. 

ශ්‍රී ලාංකේය වත් පිළිවෙත්හි විවිධාකාරයෙන් පුද ලබන කුරුම්බර 

පිළිබඳව ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය යන මැයෙන් රචිත මෙම 

ග්‍රන්ථය ඇදහිලි විශ්වාස, මානව සමාජ විද්‍යාව, අස්පර්ශනීය සංස්කෘතික 

උරුමය ආදී විෂය ක්ෂේත්‍ර විමර්ශනයට යොමුවන විද්‍යාර්ථින්ට මෙන්ම 

දැනුම එක් රැස් කිරීමේ පිපාසිත සෙසු පාඨකයන්ට ද පරිශීලනය කළ හැකි 

ඉතා වටිනා ග්‍රන්ථයකි. එමෙන්ම දේශීය සංස්කෘතික වපසරිය අධ්‍යයනය 

කිර්ම තවදුරටත් පුළුල් කරවන ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බව මෙහි ලා සඳහන් කළ යුතු ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sri Lankawe Kurumbara Dewa Sankalpaya - ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය

  • Rs. 900.00


Tags: Sri Lankawe Kurumbara Dewa Sankalpaya - ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය