• Vinirmukthiya - විනිර්මුක්තිය

රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියට විරුද්ධව පෙළපාළි ගිය සිසිත පි‍්‍රයංකර හා ජනක බණ්ඩාර ඒකනායක 2012 වසරෙ සැප්තැම්බර් මස 27 වැනිදා හදිසි අනතුරකින් මිය ගිය බව එවකදී පොලීසිය මගින් ප‍්‍රකාශ කෙරිණි. පොලීසිය විසින් හදිසි අනතුර සිදුවූ ස්ථානයේ සාක්ෂි මකා දැමීමට කටයුතු කර ඇති බව එවකදී මාධ්‍යය මගින් දිගින් දිගටම වාර්තා කළ අතර ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කළේ එම සිසුන් දෙදෙනා මෝටර් බයිසිකලයකින් ගමන් කරමින් සිටියදී ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී හදිසි අනතුරකින් මියගිය බවත්, රජයේ වන්දි මුදලින් අවසන් කටයුතු සිදු කෙරෙන බවත්ය. සාමාන්‍ය නෛතික පටිප්පාටිය අනුව ස්මම්ට අනතුරක් සිදුවූ විට මෘතදේහ හා සිද්ධිය වූ ස්ථානය මහේස්ත‍්‍රාත්වරයා පැමිණෙන තෙක් වික්ෘති නොකෙරුණද, එම සිදුවීමේදී එදා පොලීසිය පැමිණ දේහයන් රෝහල් වෙත යවා තිබුණි පාරේ සහ අවට ලේ සලකුණු ද මකා ඇති බව මාධ්‍යයේ පළ විය. පසුව මෘතදේහ ඉවත් කිරීම පිළිබඳව පොලීසිය මාධ්‍යයට පවසා තිබුණේ තමන් එම ස්ථානයට එන විට සිසිත හා ජානක මිය නොගොස් සිටි බැවින් ගම්පහ රෝහල වෙත යැවීමට සිරුරු එතැනින් ඉවත් කළ බවය. එහෙත් පසුව මාධ්‍යය මගින් හෙළිදරවු කර තිබුණේ එදින උදෑසන අසළ කඩයකින්, මෘතදේහ වැසීමට ගෝනි දෙකක් පොලීසිය විසින් ඉල්ලූ බව කඩහිමියකු ප‍්‍රකාශ කර ඇති බවය. ඒත් සමඟම මාධ්‍යය හා අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය ප‍්‍රශ්න කිරිමට පටන් ගත්තේ එලෙස ප‍්‍රධාන මාර්ගයක උදෑසනක රිය අනතුරක් සිදුවූවා නම් එහි හඬ ඒ අසළ සිටි කිසිවෙකුටත් නෑසුණේ කෙළෙසද යන්නය. ඒ සමඟම එවකදී එම මරණයන් සම්බන්දව සැක කටයුතු කරුණු බොහෝමයක් මාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි. එනම් හිස් ආවරණ සහිත ව පැමිණි දෙදෙනාම මිය ගියේ කෙළෙසද, එම සිසුන් දෙදෙනා පැමිණ තිබූ මෝටර් බයිසිකලයේ ටයර් සලකුණුවලට අමතරව පාරේ තිබූ අනෙකුත් සැක කටයුතු මෝටර් රථ ටයර් සලකුණු මොනවාද, සිසුන් දෙදෙනා වැදුණු බව කියන විදුලි කණුවක කුඩා කොටසක් පමණක් කැඩී යද්දී දෙදෙනකු මියයෑමට තරම් අනතුරක් සිදුවූයේ කෙසේද, පාරේ වම්පසින් ධාවනය වූ මෝටර් බයිසිකලය, පාරේ දකුණු පැත්තේ විදුලි කණුවක ගැටුණේ කෙසේද, සිසුන් දෙදෙනාගේම හිසට පමණක් දරුණු තුවාල සිදුවූයේ කෙසේද, ඔවුන්ට නින්ද ගොස් තිබුණි නම් බයිසිකලය ඇද නොවැටුණේ මන්ද යන්න සහ පැය භාගයකින් පසු කිරිමට හැකි දුරක් පසු කිරීමට ඊට වඩා වේලාවක් ගතවූයේ කෙසේද වැනි කරුණු රාශියක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එවකදී රාජපක්ෂ රජයෙන් ප‍්‍රශ්න කරන ලදි.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා උදෑසන හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පි‍්‍රශාන්ත ජයකොඩිගෙන් අදාළ මරණ ගැන මාධ්‍ය විමසූ විට ප‍්‍රකාශ කර තිබුණේ
මියගොස් ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ දෙදෙනකු නොව සාමාන්‍ය තරුණයන් දෙදෙනකු බවය. එවක සිදු වූ අපරාධමය සිද්දි ගණනාවක දී මුණිවත රැුකීම හෝ සත්‍ය ප‍්‍රකාශ කිරීමකින් තොරව කටයුතු කළ අදාළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා රාජපක්ෂ පාලනය අවසාන සමයේදී මෙරටින් පිටව ගොස් 2015 වසරේ රාජපක්ෂ රජය අවසන් වූ පසුව පෙබරවාරි මස 26 වැනිදා නැවතත් මෙරටට පැමිණෙන ලදි. එහිදී ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබුණේ තමන්ට එම කාලවකවානුව තුළදී රාජපක්ෂ ආණ්ඩුවෙන් ආ ඉහළ බලපෑම් මත කටයුතු කිරීමට හා මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීමට සිදුවූ බවය. තමන්ට කිසිවිටෙකත් අපරාධ සම්බන්ධව සත්‍ය ප‍්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදුන් බවත්, එවක ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේඛම් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහු වටා සිටි පිරිසක් තමන්ට බලපෑම් කරමින් කටයුතු කළ බවත් එහිදී ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළ අතර එමෙන්ම ඒ අනුව තමන් රත්නපුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටියදී එල්ල වූ ජීවිත තර්ජන හමුවේ විදේශගතව එම ආණ්ඩුව අවසන් වීමෙන් පසුව මෙරටට පැමිණි බවත් තවදුරටත් ප‍්‍රකාශ කරන ලදි. ප‍්‍රශාන්ත ජයකොඩි පසුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් විය...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

12 11 10 Walikada - 12 11 10 වැලිකඩ

12 11 10 Walikada - 12 11 10 වැලිකඩ

විසිහත් දෙනකුට මරු කැඳවමින් 2012 නොවැම්බර් 9 වැනිදා ආරම්භ වී 10 වැනිදා අවසන් වූ  වැලිකඩ බන්ධන..

Rs. 600.00

LTTE Sira Kandawuraka Awurudu 5 - LTTE සිර කඳවුරක අවුරුදු 5

LTTE Sira Kandawuraka Awurudu 5 - LTTE සිර කඳවුරක අවුරුදු 5

යුද්ධයක් ජයගත්තෙක් නැත. සිදුවන්නේ යුද්ධයක් පමණි. අපි යුද්ධයේ සෑම මුහුණුවරකටම එරෙහිවෙමු. ජාති, ආගම්, ..

Rs. 490.00