• Osho Deshan Niveeme Kalawa - ඕෂෝ දේශන නිවීමේ කලාව

මෙය සෙන් කතාවක් .එක් නගරයක පන්සල් දෙකක් තිබූනා.පොදුවේ ගත්කල පන්සල් වල විදියනම් එකකට එකක් විරුද්ධයි.මෙම පන්සල් දෙකත් ඒ විදියයි.එක් එක් පන්සල් තම බක්තිවන්තයන්ට අනෙක් පන්සලට
යන්නට ඉඩ දුන්නේ නෑ.ඔවුන් බයානක ලෙස ප්‍රතිවිරුද්ධයි.පූජකවරුන් දෙදෙනාම මහලු පූජකවරුන් .එක් පිරිමි ලමයා බැගින් හිටියා.(ඇබිත්තයකු වශයෙන්) පොඩි පොඩි වැඩ ,නොයෙකුත් විදිහේ වැඩට,වෙළඳ පොලෙන් බඩු ගෙන ඒමට,ආදී වශයෙන් කටයුතු ඔහුට පැවරී තිබුණා.පූජකවරුන් දෙදෙනාම තම ඇබිත්තයන් ට අණ කර තිබුණේ මග තොටේ දී හෝ වෙළඳපලේදී අනෙකා සමග කතා නොකරන ලෙසටයි.එපා...අනෙක් පන්සලේ සිටින අය හරිම දූෂිතයි ..ඔවුන් සමග කතා කරන්න එපා.
නමුත් පිරිමි ළමුන් කියන්නේ පිරිමි ළමුන්,ඔබ පිරිමි ළමයකුට යමක් තහනම් කළ හොත් ඔහු එය කරන්නට නැඹුරු වෙයි.එය ස්වභාවිකයි ඔවුන්ට මේ ගැන කුතුහලයක් ඇති වුණා.කුමක්ද මෙයට හේතුව?
එක් දිනක් වෙළඳපොළට යමින් සිටියදී සිටියදී ඔවුන් පාරේ මුණ ගැසුණා පළමුවන පන්සලේ ඇබිත්තයා අනික් ඇබිත්තයා ගෙන් ඇසුවා..ඔබ කොහේද යන්නේ? අනෙක් ඇබිත්තයා කිව්වා මගේ කකුල් ගෙන යන්නේ කොහේටද මා එතනට යනවා.ශ්‍රෙෂ්ඨ වූ ආද්‍යාත්මික කතාව්ලට සවන්දීම නිසා ඔහුත් ආද්‍යාත්මික වෙලා.මම ස්බාවික දේවල් එන විදිහට ඔහේ ජීවත් වෙනවා.ඔහු යමින් සිටියේ වෙළඳපලට එළවළු රැගෙන එන්නට.නමුත් ඔහු කීවේ මගේ දෙපා ගෙනයන තැනකට මා යන්නේ.මම ස්බාවිකවයි ජීවත් වන්නේ.අනෙකාට මෙය ප්‍රෙහෙලිකාවක්. ඒ ඔහු පැරදුනු නිසයි.තමාගේ අද්‍යාත්මික බව පෙන්වන්ට ඔහුට බැරි වුණා.
ඔහු ආපසු ඇවිත් තම ගුරුවරයාගෙන් ඇසූවා කුමක් ද කරන්නේ කීයා.ඔබ මට තහනම් කලා. නමුත් මම මෝඩවුනා.ඒ අය සැබැවින් ම නරක මිනිස්සු.මම සරල ප්‍රශ්නයක් ඇසුවා ඔබ කොහේද යන්නේ කියා .ඉතින් ඔහු බහුබූත කියවන්නට පටන් ගත්තා.ඒත් ඔහු මාව පැරැද්දුවා මගේ හිත රිදෙනවා.ගුරුතුමා කීවා ඔබ එහෙම විය යුතු නැහැ හෙට නැවතත් එය අහන්න.එවිට ඔහු කියාවි මගේ දෙපා මාව රැගෙන යන තැනක කියා.එවිට ඔබ මෙන්න මේ පරස්පර විරෝධී සෙන් ගැටලුව ඔහුගෙන් අහන්න.ඔබට කකුල් නැත්නම් ඔබ කොතැනට ද යන්නේ එවිට ඔහුව හරියට හැදේවි..
ඊළඟ දිනයේ ඇබිත්තයා අනෙකා එනතුරු බලා සිටියා අනෙක් ඇබිත්තයා ආවා.පළමුවැන්නා සිටියේ සූදානමින් ඔහු ඇසුවා ඔබ කොහෙද යන්නේ ? මම ජීවත්වන්නේ ස්වභාවිකව ස්වභාවිකව සුළඟ මාව ගෙන යන තැනකට තමයි තමයි මම යන්නේ.ඔහු කකුල් ගැන කොහෙත්ම කතා කළේ නැහැ.
පළමුවන ඇබිත්තයා පැරදුනත් කුමක් කරන්ට ද මේ මිනිස්සු හරිම කපටියි. විශ්වාසයක් තබන්නට බැහැ. ඔහු වෙනස් වෙලා.
ඔහු ආපසු ඇවිත් ගුරුතුමාට කීවා ඔබ හරි. මේ මිනිස්සු හරිම පරස්පර විරෝධී. කොහෙත්ම විශ්වාස කරන්න බැහැ. මම සූදානම් වෙලා සිටියේ. නමුත් ඔහු තම අදහස වෙනස් කරගෙන.ඔහු කීවේ සුළඟ මාව ගෙන යන තැනකට කියා. මම සුදු වලාකුළක් වගේ. ඉතින් මා කුමක්ද කියන්නේ. මොකද වලාකුලු වලට කකුල් නැහැ. ඉතින් කොහොමද ?
ගුරුතුමා කීවා මම ඔවුන්ව හොඳින් දන්නවා. මේ මිනිස්සු පරස්පර විරෝධී. හෙට ඔබ ඔහුගෙන් අහන්න ඔබ කොහෙද යන්නේ කියා.ඔහු කියා සුළඟ මාව ගෙන යන තැනකට මම සුදු වලාකුළක් කියා. ඔබ ඔහුගෙන් අහන්න සුළඟ හැමුවේ නැත්නම් ඔබ ඔහුගෙන් අහන්න සුළඟ හැමුවේ නැත්නම් ඔබ කොහෙද යන්නේ කියා?
පසුදින ඇබිත්තයා සූදානමින් සිටියා.ඔහු පැමිණ විට ඇහුවා ඔබ කොහෙද කොහේද යන්නේ කියා?එවිට කොල්ලා කිව්වා මම මේ පොලට යනවා එලවලු ගේන්න ......මෙම ඇබිත්තයා තමයි ඔබගේ මනස. ඔබ ජීවිතයට මුහුණ දීම සඳහා එයනැවත නැවත සූදානම් කරනවා.නැවත නැවතත් එය අසාර්ථක වන්නේ කලින් සූදානම් කළ පිලිතුරකින් පලක් නොවන නිසයි.ජීවිතය පරස්පර විරෝධීයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Osho Deshan Niveeme Kalawa - ඕෂෝ දේශන නිවීමේ කලාව

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Thanthra Dakma - තන්ත්‍ර දැක්ම

Thanthra Dakma - තන්ත්‍ර දැක්ම

තන්ත්‍ර දැක්ම,ප්‍රඥාවේ බාධක වලින් ඔබ්බට - Tantra Vision Beyond The Barriers Of Wisdom හි සිංහල පරිවර..

Rs. 350.00

Adarayata Pasalak - ආදරයට පාසලක්

Adarayata Pasalak - ආදරයට පාසලක්

"ආදරණීය ඕෂෝ, මට හර්මන් හෙස්ගේ කතාන්තරයක් මතකයට නැගෙනවා. ගැහැණියක් ගර්භණීව සිටියදී ප්‍රඥාවන්ත මහලු මි..

Rs. 375.00

Osho - Gahanu Manussaya - ඕෂෝ - ගැහැනු මනුස්සයා

Osho - Gahanu Manussaya - ඕෂෝ - ගැහැනු මනුස්සයා

"ආදරයට කොන්දේසි නැහැ... පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාට සම්පූර්ණ යටහත් වීම තුළයි ආදරය විකසිත වන්නේ. ආ..

Rs. 1,400.00

Osho Athulantha Sarisara - ඕෂෝ ඇතුළාන්ත සැරිසර

Osho Athulantha Sarisara - ඕෂෝ ඇතුළාන්ත සැරිසර

ඔබේ ඇතුළාන්ත පැවැත්මේ සංගීතය ආදරයයි. කිසිවෙකුට ඔබට ආදරය දීමට නොපිළිවන. ආදරය පැන නැගිය හැක්කේ ඔබ තුළි..

Rs. 1,200.00

Adaraneeya Osho - ආදරණීය ඕෂෝ

Adaraneeya Osho - ආදරණීය ඕෂෝ

ආදරය ජිවිතයේ ඉහළම වටිනාකමයි..එය මෝඩ චාරිත්‍ර වලට සීමා කල යුතු නෑ..එමෙන්ම ආදරය හා නිදහස එක්ව ගමන් කරන..

Rs. 180.00

Yoga - යෝගා

Yoga - යෝගා

"මානසික සුවය උදාකරගැනීමට අත්වැලක් වන බිජෝයි ලක්ෂ්මි හොත ගේ 'Yoga' කෘතියේ පරිවර්තනයි"..

Rs. 200.00

Osho Me Jeewanaye Bhashawayi - ඕෂෝ මේ ජීවනයේ භාෂාවයි

Osho Me Jeewanaye Bhashawayi - ඕෂෝ මේ ජීවනයේ භාෂාවයි

Osho's Tao The Three Treasure's ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 590.00

Me Manaram Udyanayata Athul Wanna - මේ මනරම් උද්‍යානයට ඇතුල් වන්න

Me Manaram Udyanayata Athul Wanna - මේ මනරම් උද්‍යානයට ඇතුල් වන්න

ඇතුලාන්තය දෙස බලමින් මනස ගැන මෙනෙහි කරන විට ඔබ ප්‍රත්‍යක්ෂ කර ගන්නේ  මනස තුල මනස නැති බවය ..

Rs. 580.00

Osho Athulantha Kathawa - ඕෂෝ ඇතුළාන්ත කථාව

Osho Athulantha Kathawa - ඕෂෝ ඇතුළාන්ත කථාව

The Golden Gate ii ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 650.00

Osho Nirwana - ඕෂෝ නිර්වාණ

Osho Nirwana - ඕෂෝ නිර්වාණ

අරමුණු පාදාගැනීම හා ඉලක්ක පසුපස දිවයාම සම්බන්ධයෙන් මිනිසා තුළ ඇති ඇබ්බැහිකමට අනුකූලව නිර්වාණය ද හඹා ..

Rs. 650.00