බමුණෙක් සිටී
අප අතර අප තුළ ම...
හේ ...
පිළිම ළඟ දණ නමයි ;
සන්නාම අස
වැඳ වැටෙයි;
දෙවියන් ඉදිරියේ
දණ ඇනෙයි;
ගවයා ද අගුපිළේ සතපා
වැස්සේ එළියේ නිදයි;
වවුලන් ලේ බොතැ යි
සිතයි;
මහසොහොන් වලස් බිත
සිතෙන් පහ නො වෙයි;
සර්පයෙකු ඇතැ යි
අඩි තබන්නට බයයි;
පෝච්චිය පවා තබන්නේ
ඇඳ යට යි.
ඔව් ඒ තරම්
බය යි...
ඒත් ගෑනුන්ට
රවයි...
Baya Naththe Ganunta Witharai - බය නැත්තේ ගෑනුන්ට විතරයි
- Publisher: Ahasa Publishers - අහස ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - Lakshan Madhuranga Wickramarathna - ලක්ෂාන් මධුරංග වික්රමරත්න
- ISBN: 9786246004170
- Availability: Available
-
Rs. 800.00
Tags: Baya Naththe Ganunta Witharai - බය නැත්තේ ගෑනුන්ට විතරයි

