• Abela - ඇබේලා
ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හෙලෙව්වා..
ඒ අත්තම්මා..
“ඇබේලා.. අම්මට හොදටම අමාරුයි..“
එළියක් නැති නිසා කාවවත් පේන්නෙ නෑ.. නයෙක් වගේ පිඹින කටහඩකුයි, මගේ උරහිසින් තදින් අල්ලගෙන ඉන්න ගොරෝසු අතකුයි විතරයි.
මට දැනුණේ ලොකු බයක්.. අසරණකමක්. මං කලුවරේම මැටි පොලව අතගාලා අම්මා ඉන්න තැන හොයාගත්තා..
අම්මා ගින්දර වගේ රස්නෙයි.. තෙතයි.. අම්මගෙ හුස්ම ගහකින් ගැලවෙලා වැටෙන කොළයක් වගේ වේලිලා..
“දැන් ඉතින් එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න වෙලාව හරි..“ අත්තම්මා කිව්වා.
මං ඒ වෙනකොටත් හිටියෙ නින්දත් නොනින්දත් අතර.. ඒ වගේම බයෙනුත්, දරාගන්න බැරි දුකකිනුත් වෙව්ල වෙව්ලා.
ඉස්පිරිතාලෙ තියෙන්නෙ ටවුමෙ.. හොද සනීපෙන් ඉන්න කෙනෙකුට වුණත් ටවුමට යන්න මුලු දවසක්ම ගත වෙනවා..
වෙන මොනව කරන්නද..
ඉරිගු කොටන්න ගන්න හීන් දිගටි මෝල්ගහකුත් ආරක්ෂාවට අතේ තියන් මං අම්මාත් එක්ක පයින්ම ඉස්පිරිතාලෙ යන්න පිටත් වුණා.. මහ රෑ.. කට්ට කලුවරේ..
(අපේ තාත්තාව අරගෙන ගිය.. දැන් අම්මාවත් අරන් යන්න ලෑස්ති වෙන මේ ලෙඩේ.. ඒඩ්ස් කියලා ඒ වෙනකොට මං දැනගෙන හිටියෙ නෑ.. ඒ ලෙඩේ උණ හෙම්බිරිස්සාවක් තරමට, වසංගතයක් වගේ අපේ ගම් වල පැතිරිලා තිබ්බා.. ලෙඩේ හැදිලා ඉස්පිරිතාලෙට යන කවුරුවත් ආපහු ආවෙ නෑ..)
අපි දෙන්නා ඉස්පිරිතාලෙට ගියාම
ඉස්පිරිතාලෙ අම්මා වගේ ලෙඩ වුණ අය ගොඩක් හිටියා..
ඒත් දොස්තර කෙනෙක් නං හිටියෙ නෑ..
නර්ස් නෝනා කෙනෙක් නං හිටියා..
එක පිරිමි ළමයෙක් කිකිලියක් කිහිලි ගන්නගෙන
නර්ස් නෝනා පස්සෙන් ඇවිද්දා..
“මූව අරන් මගේ තාත්තට බෙහෙත් ටිකක් දෙනවද..? අනේ පිං සිද්ද වෙනවා.. අම්මා කිව්වා අපේ ගාව සල්ලි නෑ කියලා..“
“ඔයාගෙ කිකිලිවත් අරං යන්න මෙතනින්..“ නර්ස් නෝනා සැර කරා..
අපි ඉස්පිරිතාලෙට එන මගදි හම්බවෙච්ච සුදු නෝනා මගේ අතට කාසි දෙකක් දුන්නනෙ..
“මගේ ලග සල්ලි තියනවා..“ මං කිව්වා. මගේ අම්මට බෙහෙත් ටිකකුයි මෙයාගෙ තාත්තට බෙහෙත් ටිකකුයි දෙන්න.. මේ ඇත්තම සල්ලි..“
“සල්ලි හරි කිකිලියෝ හරි.. ඕවයෙන් දැන් වැඩක් නෑ දරුවෝ.. අපේ ලග කිසිම බෙහෙතක් ඉතිරි වෙලා නෑ.. අපේ ලග තිබුණ බෙහෙත් ඉවර වුණේ මීට සති දෙකකට කලින්..“
“මේ සල්ලි වලින් අම්මව දොස්තර කෙනෙකුටවත් පෙන්නන්න බැරිද.?“
“මෙහේ දොස්තරලා නෑ.. හැමෝම ඉස්පිරිතාලෙ අතඇරලා ගිහින්.. ඔයාට ඔය සල්ලි කොහෙන් ලැබුණත්.. ඒකෙන් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ.. අඩුම ගානේ ඒවා ඔයාට කන්නවත් බෑ.. මෙහේදි සල්ලි වලින් කරන්න පුලුවන් එකම දේ මිනී පෙට්ටියක් ගන්න එක විතරයි..“
අපි සතියක්ම ඉස්පිරිතාලෙ හිටියා..
ඒත් බෙහෙත් වෑන් එකක් ආවෙ නෑ..
දොස්තර කෙනෙක් ආවෙත් නෑ..
. ඉල්ලගත්ත ප්ලාස්ටික් බෝතලේකට වතුර ගෙනත් මං අම්මව නෑව්වා.. අම්මට වතුර බොන්න දුන්නා.. ඇවිදලා මොන මොනවා හරි කන්න දේකුත් හොයාගෙන ගෙනත් අම්මට කැව්වා..
ඒත් සතියකට පස්සෙ අම්මා මැරුණා..
මං පයින්ම ආපහු ගමට ආවා..
ගමට එනකොට දෙවියන් වහන්සේ මගේ නංගිවත් උදුරගෙන.. මට ඉතිරිවෙලා හිටියෙ අත්තම්මා විතරයි..
ඊට පස්සෙ..
මගේ මාමා එංගලන්තෙ කියන රටේ ඉදන් ආපහු ගමට ආවා.. රත්තරන් පාට කොණ්ඩෙ තියෙන සුදු නෝනෙකුත් එක්ක..
“මං ආපහු එංගලන්තෙට යනවා අම්මෙ.. එහේ හැමෝටම එක කාමරයක් ගානෙ තියෙන ගෙවල් තියනවා.. කාර් තියනවා.. උනුවතුර තියෙන නානකාමර තියනවා..“ මාමා අත්තම්මට කියනවා මට ඇහුණා..
“ඒත් උඹ කොහොමද එහෙට යන්නෙ..? උඹව එහෙන් එලෙව්වයි කියනවා නෙවද..?“ අත්තම්මා ඇහුවා.
“මං ගාව තියනවා හොද අපූරු ප්ලෑන් එකක්.. ඒ ගොල්ලොන්ට මාව ඕන වෙයි.. ඒ ගොල්ලො කොහොමටවත් මාව මගේ හාමිනේගෙනුයි.. දරුවගෙනුයි වෙන් කරන එකක් නෑනෙ..“ මාමා හිනා වෙවී කිව්වා.
“උඹේ හාමිනේ..? උඹ මේ ගෑනිව කසාද බැන්දද..?“ අත්තම්මායි මාමයි කතා කරේ අපේ ස්වාහිලි භාෂාවෙන් නිසා සුදු නෝනට ඒක තේරෙන්න නැතුව ඇති.
“තාම නෑ.. හෙට අනිද්දට කසාද බදිනවා.. මේ කෙල්ල පෝසත්.. හැබැයි හරි මෝඩයි..“
“ඉතින් එයාට උඹෙන් දරුවෙක් හම්බවෙන්න ඉන්නවද..?“
“ඒක තමයි මම කිව්වෙ මට හොද ප්ලෑන් එකක් තියනවා කියල.. ඒකට ප්‍රශ්නයක් නෑ.. මට දුවෙක් ඉන්නවා කියලා උප්පැන්න සහතිකයක් හදාගන්ඩ පුලුවන්.. මට එයාට පාස්පෝට් එකක් හදාගන්ඩත් පුලුවන්..“
“එයාට..? කාටද..?“
“ඇබේලා ම්බිසිට..!!“ මාමා හිනාවෙවී කිව්වා.
“මගේ ඇබේලා..?“ අත්තම්මා ඇහුවා.
“ඔයාගෙ ඇබේලා..? මගේ මැරුණ අක්කගෙ අනාත වෙච්ච ළමයා.. ඉතින් මොකක්ද ප්‍රශ්නෙ..? එයා අනාත ලමයෙක්..!“
..........................................
මගේ මාමට එංගලන්තෙට පැනගන්න එයාගෙයි සුදු නෝනගෙයි දුව විදිහට මට එංගලන්තෙට යන්න සිද්ද වුණා.. එංගලන්තෙ.. මගේ කියන්න කවුරුවත් නැති නාදුනන රටක්..
ඒ නාදුනන රටේ මං අතරමං වුණා..
.........................................
ඊට පස්සෙ....?????

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Man Kageda - මං කාගේද

Man Kageda - මං කාගේද

මාපිය සෙනෙහස අහිමිවූ දරුවෙකුගේ අනුවේදනීය කතාවක් මං අම්මගේ ඇඟට හේත්තු වුණා .මට හරිම මහන්සියක් දැ..

Rs. 400.00

Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය

Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය

In The Skin Of A Jihadist කෘතියේ සිංහල පරිවර්තනයයි.  මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආ..

Rs. 680.00

Hirakari - හිරකාරි

Hirakari - හිරකාරි

“නංගී මෙව්වා උඹේ විතරක් නෙවෙයි අපෙත් වැරදි“ අක්කා කිව්වා. එදා මට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා කියලා දැනග..

Rs. 450.00

Thara - තාරා

Thara - තාරා

Kiss The Dust කෘතියේ සිංහල පරිවර්තනයයි.  "තමන්වම රවට්ටගන්ඩ එපා දරුවො.. ඒ ගෑනි මොනවද මේ දේවල් ..

Rs. 500.00

Madurasi Kella - මදුරාසි කෙල්ල

Madurasi Kella - මදුරාසි කෙල්ල

හෝරා දෙකකට පසුව ඔවුන් උන්නේ එකට තුරුළු වී සයනය මත නිදාගෙනය. කිසිවෙකු මහ හඩින් දොරට තට්ටු කරන හඩක්..

Rs. 850.00

Pituwahal Siththari - පිටුවහල් සිත්තරී

Pituwahal Siththari - පිටුවහල් සිත්තරී

එදා රෑ... උන් හදිස්සියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු රෑ ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන..

Rs. 730.00

E Mama Neweyi - ඒ මම නෙවෙයි

E Mama Neweyi - ඒ මම නෙවෙයි

මගේ පිටිපස්සෙන් "ටක්.. ටක්.." හඩින් අඩි සද්දයක් ඇහුණා. ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේග..

Rs. 360.00

Kolaniye Kumariya - කොලනියේ කුමරිය

Kolaniye Kumariya - කොලනියේ කුමරිය

 මගේ අම්මා ගණිකාවක්.අම්මා වැඩ කළේ ප්‍රංශ කොලනියේ “විලී වුඩ්ලි” ගේ ගණිකා නිවාසෙ.මාත් වැඩ කළේ එතන..

Rs. 780.00

Nalandawe Shapaya - නාලන්දාවේ ශාපය

Nalandawe Shapaya - නාලන්දාවේ ශාපය

Manna Bahadur විසින් රචිත The Curse of Nalanda ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 600.00

Nivunnu - නිවුන්නු

Nivunnu - නිවුන්නු

ඒ දෙන්නා නිවුන්නු ..."කරදර කාර නිවුන්නු  .."හැමොටම ඒ දෙන්නා එපා වෙලා ඒ දෙන්නටත් හැමෝවම එපා..

Rs. 580.00

Samuduru Susanaya - සමුදුරු සුසානය

Samuduru Susanaya - සමුදුරු සුසානය

ඔව් මම හොරෙක් .........හොරෙකුගෙන් හොරකම් කරන හොරෙක්..

Rs. 850.00

Natuwen Gilihee - නටුවෙන් ගිලිහී

Natuwen Gilihee - නටුවෙන් ගිලිහී

අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින් ....එනකල් බලා ඉදලා වැඩක් නෑ .....මමයි මල්ලී වෙන මොනවා කරන්නද ?කන්න ..

Rs. 500.00

Umathu Mandiraya- උමතු මන්දිරය

Umathu Mandiraya- උමතු මන්දිරය

"ඇතුල්වීම තහනම්." එහෙම දැන්වීමක් අලවලා තිබුණෙ අගුළු දාලා තිබ්බ දොරක.. ඒ දොරෙන් එහා පැත්තෙ තියෙන්නෙ ප..

Rs. 800.00

Sangu Adaharaya - සංගු අඩහැරය

Sangu Adaharaya - සංගු අඩහැරය

'සංගු අඩහැරය' වූ කලී මරී මැජ්රෝව නම් චෙක් ජාතික ලේකිකාව විසින් ලියා පල කරන ලද 'ද සයිරන් ' නමැති නවකත..

Rs. 500.00

Sagala Warahan - සගල වරහන්

Sagala Warahan - සගල වරහන්

"ධනුකගේ වයිෆ් එයාට වඩා වැඩිමල් ..""බලපු ගමන් පේනවා ලොකු එජ් ගැප් එකක් තියෙනවා .." ”එහෙම්මම නෑ... අ..

Rs. 550.00

Shuddha Bhumiya - ශුද්ධ භුමිය

Shuddha Bhumiya - ශුද්ධ භුමිය

ඩෑන්ට එය හමු වන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේදීය..එය රතු මැණිකකි...ගින්දර තරම් දිප්තිමතව ඇවිලෙන අමුතු ..

Rs. 830.00

Nihanda Ulpath - නිහඬ උල්පත්

Nihanda Ulpath - නිහඬ උල්පත්

''කපුටෝ ''තාත්තාව නිවාස ඉදිරිපිටම මරා දැමුහ.අම්මා සිපිරිගෙය තුලදී මැරුම් කෑවාය.මුළු පවුලම ද්‍රෝහීන් ..

Rs. 1,200.00

Polkichi Premaya - පොල්කිචි ප්‍රේමය

Polkichi Premaya - පොල්කිචි ප්‍රේමය

‘මම ලෙඩෙක් කියල මාව අප්පිරියා කරන්න එපා ප්ලීස්... මෙතැනින් නිදාගන්න... ඔයාට අවුලක් නම් ටිකක් ඈතින් ව..

Rs. 525.00

Sisira Geethaya - සිසිර ගීතය

Sisira Geethaya - සිසිර ගීතය

''දුක,පිළිගන්න එය,විඳින්න.ප්‍රතික්ෂේප නොකරම එය රස විඳින්න.එවිට ඔබට දැනේවි එය විසින්ම ඔබව සංතෘප්තිය න..

Rs. 490.00

Dupathe Avi Daru Katha - දූපතේ අවි දැරූ කත

Dupathe Avi Daru Katha - දූපතේ අවි දැරූ කත

ලියූ-චී-වූ හනිකට ගොඩබැස්ස විගසම ෂුවන්-හෝ මාමා වෙත දිවයමින් ඔහුවෙත ලිපියක් ඉදිරිපත් කර සිටී.''මේ ලිපි..

Rs. 550.00

Senehase Bhumiya - සෙනෙහසේ භූමිය

Senehase Bhumiya - සෙනෙහසේ භූමිය

'ඔයා මාව දන්නෙ නැද්ද,ඇලෙක්සැන්ඩ්‍රා? මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා.'දෑසට උඩින් අත තබා මුවා කර ..

Rs. 600.00

Mayakari - මායාකාරි

Mayakari - මායාකාරි

රූමත් ගැහැනියක් කෙරේ වසඟ වී ඇය පිළිබඳව ඇතිවන උමතු තෘෂ්ණාවෙන් බැඳෙන මිනිසෙකු හට නොකළ හැක්කේ කුමක්ද..?..

Rs. 700.00

Night Singer - නයිට් සිංගර්

Night Singer - නයිට් සිංගර්

හැනා ඇයගේ තාත්තා විසින් කළ අපරාධයක අවමානය දරාගෙන, දාසය වසරක් තිස්සේ සමාජයෙන් මුළුගැන්වී දිවි ගෙව්වාය..

Rs. 1,980.00