• Abhisarika - අභිසාරිකා
ඒ මිනිසා තවත් වචනයක්වත් කීවේ නැත. ඔහු මගේ කෙස් වැටියෙන් අල්ලා තදින් පසුපසට ඇද්දේය. හදිසියේම ඔහුගේ දෑත් යදඩු මෙන් මගේ ඉණ වටා එතිණ. තවත් මොහොතකින් මට දැනුණේ ඔහු මා අකමැති වූ තැනින්ම මගේ සිරුරට ඇතුළු වූ බවය. මම යටිගිරියෙන් කෑ ගැසුවෙමි.
“උඹ වේස බැල්ලි..” ඒ මිනිසා කෑ ගැසුවේය.
මම වාහනයේ ඉදිරියට බඩගාන්නට උත්සාහ කළෙමි. එහෙත් ඔහුගේ අත දඩු අඩුවක් ගාණය. ඔහු තව තවත් වේගයෙන් චලනය වෙන්නට පටන් ගත්තේය. මගේ මුළු යටිකයම වේදනාවෙන් පිරී ගියේය.
මම ඔහුගේ අතැගිලි සපා කන්නට වෑයම් කළෙමි. එහෙත් මට ඒවා අල්ලාගත හැකි වූයේ නැත. ඔහු මගේ තට්ටම් වලට වැරෙන් පහර දෙන්නට පටන් ගත්තේය.
“උඹ මීට කලින් ඕන තරම් මේක කරල තියෙනව.. උඹ හැදුවෙ මට ගාණ උස්සන්ඩ නේද..” ඔහු හති හැලුවේය. “උඹ මේකට කැමති නෑ.. අරක මේක කියන්ඩ ගත්තෙ බොරු රගපෑමට නේද..?”
ඔහුගේ කාරිය හමාර කරගත් පසුව ඔහු මදෙසට හැරී සිනාසුණේය. “උඹ ඒකට කැමතියි නේද.?”
එදා රෑ ආපසු හෝටලයට ගිය විට මම සිදුවූ සියල්ල ආර්ඩිට කීවෙමි.
“ඉතින් තමුසෙට තිබ්බනෙ එයාගෙන් තව වැඩිපුර ගාණක් ගන්ඩ..” ඔහු බෙරිහන් දුන්නේය. “”ඕකට ලක්ෂයක්වත් ගන්නව..”
මගේ මුළු සියොලගම හිරිවැටී ගියේය. මම රවාගෙන ඔහු දෙසම බලාගෙන උන්නෙමි.
“මං කිව්ව දේ ඇහුණෙ නැද්ද.? ඒ මිනිහා මට බලහත්කාරකමක් කළා..”
“බාහ්..” ආර්ඩි සමච්චල් හඩක් නැගුවේය. “තමුසෙ මේ බිස්නස් එකට ඇවිත් දැන් මාස ගාණක් වෙනව.. කවුරුවත් කොහොමද තමුසෙට බලහත්කාරකම් කරන්නෙ..? මිනිස්සුත් එක්ක නිදාගන්න එක තමුසෙගෙ රස්සාව.. තමුසෙ ඒ නැති කරගත්ත ගාණ තමුසෙගෙ ණය ගොඩට එකතු කරනව මං..”
ගැහැණියක බෑ කියන්නේ ඇයට හා කියන්නට උවමනා වූ විට යැයි මිනිස්සු සිතති. විශේෂයෙන්ම ඇය ගණිකාවක් නම්, ඇය බෑ කියන්නේ ඇගේ මිල වැඩි කරගන්නට යැයි ඔවුහු සිතති. එවැන්නියකට තමන්ගේ සිරුරේ කිසිදු තැනක් අයිති නැති බවත්, ඒ සියල්ලම ඇය විකිණිය යුතු බවත් ඔවුන් සිතනවා ඇත. එහෙත් ඔවුන් වැරදිය. ගණිකාවකට වුවත් තමන්ගේම යැයි හැගීමක් ඇත. කලාතුරකින් කෙනෙකු දෙන්නෙකු ඇරෙන්නට කිසිම ගණිකාවක් තමන්ගේ කය විකිණීමෙන් විනෝද වෙන්නේ නැත. ඔවුන් එය කරන්නේ වෙනත් කරන්නට දෙයක් නැති නිසාය. ඔවුන් එහි නියැලෙන්නේ හදවත අගුළු දමාගෙනය. එහෙත් කිසිවෙකු හිංසා කළ විට, දූෂණය කළ විට, පහර දුන් විට, එයින් පසු ඇතිවන හැගීම් වලට අගුළු දමන්නට අසීරුය.
එදා රාත්රියෙන් පසු මගේ හැගීම් කෙබදු වීදැයි විස්තර කරන්නට මට අපහසුය. මට ඒ වේදනාව අමතක කරන්නටම බැරි විය. අර මිනිසා “වේස ගෑනි” කියා කෑ ගැසූ හඩ මගේ මනස තුළ එක දිගට දෝංකාර දුන්නේය. ඒ දෝංකාර දුන් හඩින් මා වලදමා තිබුණු වෛර සිතිවිලි අවදි විය.
------------------------------------------------------------
ඇගේ හොදම මිතුරිය විසින් ඇයව රවටා විකුණා දමන ලදී. යුක්රේනයේදී දාමරිකයින් විසින් රවටා විකුණනු ලැබූ ඇය අන්තිමේදී නතර වූයේ ලන්ඩනයේ ගණිකා නිවාසයකය. දාමරික තැරැව්කරුවන් විසින්, වධ දෙමින් ඇයව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන, දිනකට සළෙලුන් පහලොවක් පමණ පිනවන්නට සිදුවන, හරිහැටි කෑමක් බීමක්වත් නොලැබෙන බිහිසුණු ඉරණම විසින් ඇයව මානසික රෝගියෙකු කරනු ඇතිද.? ගණිකා නිවාසයක සිරවුණු සිරකාරියකගේ සිට, ගත් කතුවරියක දක්වා ඇය එන ගමන ගැන අනුවේදනීය කතාව...

මා කී වරක් නම් මැරෙන්නට උත්සහ කලාද.

එහෙත් ඒ එක උත්සහයක්වත් හරි ගියේ නැත.

දෙවියන්වත් මාව ඔහු ලගට ගන්නට කැමති නැති පාටයි.

මම  එතරම් පව්කරියක්මි.එතරම් අපිරිසිදුය.

එහේත් මා පව් කලේ කැමැත්තෙන් නොවේ.

මගේ සිරුර විකුණන්නට උන් මට බල කළ බැවිනි.

මේ සිරුර මත රමණය කළ හැම මිනිසෙකුටම මම වෛර කලෙමි........


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Hirakari - හිරකාරි

Hirakari - හිරකාරි

“නංගී මෙව්වා උඹේ විතරක් නෙවෙයි අපෙත් වැරදි“ අක්කා කිව්වා. එදා මට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා කියලා දැනග..

Rs. 450.00

E Mama Neweyi - ඒ මම නෙවෙයි

E Mama Neweyi - ඒ මම නෙවෙයි

මගේ පිටිපස්සෙන් "ටක්.. ටක්.." හඩින් අඩි සද්දයක් ඇහුණා. ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේග..

Rs. 360.00

Kolaniye Kumariya - කොලනියේ කුමරිය

Kolaniye Kumariya - කොලනියේ කුමරිය

 මගේ අම්මා ගණිකාවක්.අම්මා වැඩ කළේ ප්‍රංශ කොලනියේ “විලී වුඩ්ලි” ගේ ගණිකා නිවාසෙ.මාත් වැඩ කළේ එතන..

Rs. 780.00

Dupathe Avi Daru Katha - දූපතේ අවි දැරූ කත

Dupathe Avi Daru Katha - දූපතේ අවි දැරූ කත

ලියූ-චී-වූ හනිකට ගොඩබැස්ස විගසම ෂුවන්-හෝ මාමා වෙත දිවයමින් ඔහුවෙත ලිපියක් ඉදිරිපත් කර සිටී.''මේ ලිපි..

Rs. 550.00

Mayakari - මායාකාරි

Mayakari - මායාකාරි

රූමත් ගැහැනියක් කෙරේ වසඟ වී ඇය පිළිබඳව ඇතිවන උමතු තෘෂ්ණාවෙන් බැඳෙන මිනිසෙකු හට නොකළ හැක්කේ කුමක්ද..?..

Rs. 700.00

Pol Ruppa Saha Muthu Panthi - පොල් රුප්පා සහ මුතු පංති

Pol Ruppa Saha Muthu Panthi - පොල් රුප්පා සහ මුතු පංති

ආචාර්ය ඇලන් වෝල්ටර්ස් විසින් සිලෝනය සංචාරය කොට තමා ලද අත්දැකීම් ඇසුරෙන් වර්ෂ 1892 දී ලියා ප්‍රකාශයට ..

Rs. 890.00

Gamanaka Nimawa - ගමනක නිමාව

Gamanaka Nimawa - ගමනක නිමාව

එහෙත් 'මුලානෝ' කෙල්ලක වූ ඇය ගේ ජීවිතය සුදු - කළු මිශ්‍රිත ලෝකයක අතරමං වන අතර තමා විසින්ම ගනු ලැබූ තී..

Rs. 1,400.00

Nimanga - නිමංගා

Nimanga - නිමංගා

ආරම්භයේ දී නම් සිත සෙස්සන් සමඟ පූජාව තුළ සිටිය ද මද වේලාවකින් එය මෙහෙක කරා දිව ගියේ ඇයට ද රහසිනි.ඇයග..

Rs. 1,200.00