• Biya Nowan Ayyandi - බිය නොවන් අයියන්ඩි
ඔහුගෙ නම රස්කෝල්නිකොවු වන්නට පුළුවන්ය
ඈ ඔහුගෙ පෙම්වතිය වූ නමුත්
සෝනියා නොවුණාය.

යා නොහැකි බව කියා ඇඹරෙමින්
දහක් රියසක සෙමෙන් ඉකිබිඳින හඬ ඇසිණ.
මැදිරියේ කවුළුවල
පේළියට මුහුණු අලවා තිබිණ.

ඈත සිර කඳවුරට පිටුවහල් කරන ලද
ඒ සෑම මුහුණක් ම
කෲර වධ වේදනා වල ම ප්‍රතිබිම්බ විය.

එක වරම කළු ධූලි පටල නැඟ
කවුළුවෙන් දුක්මුසුව එබීගත් මුහුණ ගෙන
ගොර බිරම් යක්ෂයා
ගුගුරමින් දුවන්නට ඉගිල්ලිණ.
රතැඟිලි හි
රත් පැහැව නිය දිලිහි
අතක් වේදිකාවේ සිට වැනෙන බව පෙණින.
නිදහසේ වනන්නට ඔහුට දෑතක් නොවිය.

දොරටුවට පොරකමින් ඇදී යන
මහ පිරිස් කටහඬට,
යුවතියක "චිරි බිරිස්" පාවහන් හඬ මුසුව
මැකී යනවා ඇසිණ.
ඇගේ උස් සිනා හඬ
හඳුන ගන්නට හැකිය යන්තමට.

වේදිකාවේ පසෙක බිමවැටී
නොපෑගී කිසිවකුට
කුමක්දෝ තිබෙන බව
පහන් කණුවට පෙණින.

නැඹුරු වී ඒ දෙසට
නිශ්චලව,
බොහෝ වේලා දුකින් බලා සිටි පහන් රුක
"කඳුළු බිංදුවක්" යයි පහත් ස්වරයෙන් කීය.

Write a review

Login

Biya Nowan Ayyandi - බිය නොවන් අයියන්ඩි

  • Rs. 150.00


Related Products

Suba Udasana - සුබ උදෑසන

Suba Udasana - සුබ උදෑසන

විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය 1988 - රාජ්‍ය සාහිත්‍ය සම්මානයතෙවන මුද්‍රණය - 2016දෙවන මුද්‍රණය  - 19..

Rs. 225.00 Rs. 250.00

Wassane - වස්සානේ

Wassane - වස්සානේ

වස්සානය ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල..

Rs. 135.00 Rs. 150.00

Netha Nilupul - නෙත නිලුපුල්
Sudu Neluma - සුදු නෙළුම
Tharu Lakuna - තරු ලකුණ

Tharu Lakuna - තරු ලකුණ

සමනොල ගල වනන්තරේ මල් යහන සකි සඳ නුඹ ඒ යහනට සඳ පහන සිඹ සනහා එහි නිදනා කිරි සිහින කිරි මවුදෝ නුඹ සු..

Rs. 225.00 Rs. 250.00

Sandhya Theerthaya - සන්ධ්‍යා තීර්ථය

Sandhya Theerthaya - සන්ධ්‍යා තීර්ථය

උදම් වෙයි මහ මුහුද වැතිර ඉන්නී වෙරළ කොට්ටම්බ අතුපතර කණමැදිරි කෙළිමඩල නොතකාම වට අවට ඝණ අඳුර කැලි ..

Rs. 135.00 Rs. 150.00

Alakamanda - ආලකමන්දා

Alakamanda - ආලකමන්දා

රාජ්‍ය සම්මානිත ගේය පද සරණිය සාරා සංඛ්‍ය කල්පයක් සත් වගට සෙත් සදනා සිතින් දුක් සැපම සේ ගෙන වළඳමින් ප..

Rs. 270.00 Rs. 300.00

Sandagira Pamula -  සඳගිර පාමුල
Ganga Geethaya - ගංගා ගීතය

Ganga Geethaya - ගංගා ගීතය

ගංගාවක් වී ගලන්න උල්පත පසුකර වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට නිල දිය මත ගල් කැටයක් වැටුණු වෙලාවට..

Rs. 135.00 Rs. 150.00

Wassanen Pasuwa - වස්සානෙන් පසුව

Wassanen Pasuwa - වස්සානෙන් පසුව

2018 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...

Rs. 225.00 Rs. 250.00

Liyawala - ලියවැල

Liyawala - ලියවැල

..

Rs. 203.00 Rs. 225.00