• Durga Man Petha - දුර්ග මං පෙත

තණ පදුරු ඇගේ පා මුල නැලැවෙමින් තිබුනි. එය හරියටම මුහුදක් මැද සිටින්නා වාගේය.ගන සැරේට දණක් උසට වැවුනු තණකොල අතරින් ඇවිද යන විට ඒවා දෙපයේ පටලැවුණි.තණ බිස්ස කෙලවර වූයේ තුරු පෙලකින්‍ ය.එතැන ට ගිය විට තුරු වදුලු ඔබ්බේ ගලා යන අපූරු දිය දහරකි.ඕ දෙදණ බිම ඔබා දියට එබුනා ය.පිරිසිදු සුනිල දිය තලය මත වේගයෙන් පිහිනන මාලුන් ගේ දිලිසෙන කුඩා සිරුරු, රවුම් බියපත් ඇස්, සෝබමාන සිනිදු වරල් වල හැඩය පවා ඇයට පැහැදිලිව පෙනුණි.ඇය පරිසරයේ මනෝරම්‍ය බව දැසින් උරා ගන්නට සැරසී ඒ දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය.
සුලග ඇගේ මුහුලස අවුල් කරමින් තණ පදුරු අතරින් හමා ගියේය.හදිසියේම ඕ ඒ සුන්දරත්වයෙන් මන්මත්ව ගිය තරම් ය.

Write a review

Login

Related Products

Hitler Soragath Rosa Hawa - හිට්ලර් සොරාගත් රෝස හාවා

Hitler Soragath Rosa Hawa - හිට්ලර් සොරාගත් රෝස හාවා

බර්ලින් හි ගෙවූ අවසන් නත්තල තවමත් ඇයට සුන්දර මතකයකි. හිම කඳු මතින් සඳ කැන් ගලා ගිය සීතල රාත්‍රියක ..

Rs. 405.00 Rs. 450.00