• Wassane - වස්සානේ

වස්සානය
ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට

සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර                                    

දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එලිය
මිහිරි මවු කිරි වගේ පොවන්නෙමි නුඹලාට

රමණීය වන ගැබෙහි ගැබෙහි මොණරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිලුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට

වැහි වළාකුලු රංචු කඳු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට සිතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න

ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිත
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස

Write a review

Login

Wassane - වස්සානේ

  • Rs. 150.00
  • Rs. 135.00


Related Products

Suba Udasana - සුබ උදෑසන

Suba Udasana - සුබ උදෑසන

විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය 1988 - රාජ්‍ය සාහිත්‍ය සම්මානයතෙවන මුද්‍රණය - 2016දෙවන මුද්‍රණය  - 19..

Rs. 225.00 Rs. 250.00

Netha Nilupul - නෙත නිලුපුල්
Sudu Neluma - සුදු නෙළුම
Tharu Lakuna - තරු ලකුණ

Tharu Lakuna - තරු ලකුණ

සමනොල ගල වනන්තරේ මල් යහන සකි සඳ නුඹ ඒ යහනට සඳ පහන සිඹ සනහා එහි නිදනා කිරි සිහින කිරි මවුදෝ නුඹ සු..

Rs. 225.00 Rs. 250.00

Madyama Yamaya - මධ්‍යම යාමය
Biya Nowan Ayyandi - බිය නොවන් අයියන්ඩි

Biya Nowan Ayyandi - බිය නොවන් අයියන්ඩි

ඔහුගෙ නම රස්කෝල්නිකොවු වන්නට පුළුවන්යඈ ඔහුගෙ පෙම්වතිය වූ නමුත්සෝනියා නොවුණාය.යා නොහැකි බව කියා ඇඹරෙම..

Rs. 135.00 Rs. 150.00

Sandhya Theerthaya - සන්ධ්‍යා තීර්ථය

Sandhya Theerthaya - සන්ධ්‍යා තීර්ථය

උදම් වෙයි මහ මුහුද වැතිර ඉන්නී වෙරළ කොට්ටම්බ අතුපතර කණමැදිරි කෙළිමඩල නොතකාම වට අවට ඝණ අඳුර කැලි ..

Rs. 135.00 Rs. 150.00

Alakamanda - ආලකමන්දා

Alakamanda - ආලකමන්දා

රාජ්‍ය සම්මානිත ගේය පද සරණිය සාරා සංඛ්‍ය කල්පයක් සත් වගට සෙත් සදනා සිතින් දුක් සැපම සේ ගෙන වළඳමින් ප..

Rs. 270.00 Rs. 300.00

Sandagira Pamula -  සඳගිර පාමුල
Ganga Geethaya - ගංගා ගීතය

Ganga Geethaya - ගංගා ගීතය

ගංගාවක් වී ගලන්න උල්පත පසුකර වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට නිල දිය මත ගල් කැටයක් වැටුණු වෙලාවට..

Rs. 135.00 Rs. 150.00

Wassanen Pasuwa - වස්සානෙන් පසුව

Wassanen Pasuwa - වස්සානෙන් පසුව

2018 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...

Rs. 225.00 Rs. 250.00

Mal Ahura - මල් අහුර

Mal Ahura - මල් අහුර

දළදා වහන්සේ දැක වැඳ පුදා ගන්නට එදා පෝලිම් දෙකක් වූ බවත්, ඒවා ඇතැම් විට තරමක් දිගු වූ බවත්, ඇතැමුන්..

Rs. 270.00 Rs. 300.00

Irabatu Tharuwa - ඉරබටු තරුව