• Ru Sala Ru - රූ සළ රූ

කෙල්ල ඇත්ත කියපං...

උඹ සුරංගනාවී වගේ ඌ ළඟටම වෙලා ඉන්නවා ඇති.. 

අම්මේ ඉතිං.

මහීමාට අවැසි තවත් ඔහු ගැන දැන ගැනීමටයි. 

“උඹ හිතන තරම් උහේ ගතිගුණ ලස්සන නැහැ මහී. මිනිහා මගේ 

දිහා බලන්නේ කුණු ගොඩක් දිහා බලන විදියට...”

“මොකක්.. කුණු ගොඩක්... උඹට විකාරද?”

“හ... හ් .... විකාර නෙමෙයි මහී . ඇත්තටම සනන් අද වෙනකම් මාත් එක්ක වචනයක්වත් කතා කරලා නැහැ....

පහන්‍යාගේ  වදන් හී තැවර් තිබුණු වේදනාව මහීමාට හොඳින්ම

දැනුණා.

“මොකක්.... උඹ මට කියන්නේ මේ සති දෙකටම මිනිහා උඹත් එක්ක කතා කරලා නැහැ කියලද?” 

ම්.. කතා කරලා නැහැ තමයි.  ̋

“එතකොට අර උඹව බදාගෙන පින්තූර ගහපු දවසේ...

මොකක්ද මේ ආ ආ... අර මුහුරත් උළෙල දවසේ.

අච්චර ලස්සනට උඹ දිහා බලාගෙන ඒ පින්තූරවලට හිටියේ උඹ එක්ක කතා නොකරද? 

මහීමා ඇසුවේ නෙත් විසල් කර බලමින්.

ඇයි උඹට අමතකද මිනිහා නළුවෙක් කියලා..” 

පහන්‍යා ඇසුවේ සමච්චලයට හිනැහෙමින්,

“මට උඹ කියන දේ විශ්වාස කරන්නත් අමාරුයි කෙල්ලේ. දේවාන්

 කොහොමද මිනිහගෙත් ලොකු ඔළුවද?”

සවස් වරුවේ හමු වූ කඩවසම් තරුණයාගේ සුහදත්වය මහීමාට 

තවමත් මතකයි.

“අපරාදේ කියන්න බැහැ. දේවාන් හුඟාක් හොඳයි. 

සනත්ගේ වැරදිවලට පවා එයා මගෙන් සමාව ඉල්ලන්නේ 

හරිම නිහතමානීව.”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Tags: Ru Sala Ru - රූ සළ රූ