නැගනහිර අප්‍රිකාවේ කින්යාවේ උපත ලැබූ  න්ගුගි වා තියොං ඕ  (Ngugi wa Thiong'o ) විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද  A Grain of  Wheat  නම් අති ප්‍රබල නවකතාව මීට වසර විසි එකකට පෙර සේන තෝරදෙනිය මහතා විසින්   තිරිඟු ඇටයක්  නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබිණි.  1999 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත්කරන ලද මේ නවකතාවේ  නවතම මුද්‍රණයක් 2020  අගෝස්තු 29 දා දයාවංශ ජයකොඩි සමාගම විසින් ප්‍රකාශයට  පත් කළේය. න්ගුගි, ඔහුගේ සාහිත්‍ය මෙහෙවර හා බ්‍රිතාන්‍ය යටත් විජිත විරෝධී මාව් මාව් ව්‍යාපාරය අළලා ලියන ලද දීර්ඝ ප්රස්තාවනාවක්ද ඇතුළත්වන මෙම පරිවර්තනය අප්‍රිකානු සාහිත්‍යයේ විශිෂ්ට කෘතීන් සිංහල පාඨකයාට හඳුන්වා දීමට සේන තෝරදෙනිය විසින් ගන්නා උත්සාහයේ තවත් පියවරක් වෙයි.
පරිවර්තකයකු විසින් විශ්ව සාහිත්‍ය කෘතියක් සිංහලට පරිවර්තනය කිරීමේදී , එම කෘතිය ශ්‍රී ලංකාවේ අපට වැදගත්වන්නේ ඇයිද ,එය එසේ වැදගත් වන්නේ ද? යන්න මත පිහිටා කරන ලද මෙම පරිවර්තනය දේශපාලන සංසිද්ධිවල ඇති විශ්වමය සාම්‍ය මනා ලෙස පහදා දෙයි. "න්ගුගි" නැගනහිර අප්‍රිකාවේ පහළ වූ ප්‍රධානම ලේඛකයා මෙන්ම අප්‍රිකාවේ සටන්කාමි හා විවාදයට තුඩු දුන් වැදගත් හා නිර්මාණාත්මක ලේඛකයන් අතුරින් කෙනෙක් වෙයි. 
Thiringu Atayak - තිරිඟු ඇටයක්
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
 - Categories:
 - - Novels - නවකතා
 - - සිංහල නවකතා
 - - Sena Thoradeniya - සේන තෝරදෙණිය
 - - Ngugi Wa Thiong'o - න්ගුගි වා තියොන්ගෝ
 - - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
 - ISBN: 9789556864670
 - Availability: Available
 
- 
              
Rs. 700.00
 - KBOOKS Cashback Rewards: 70
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Peradeniya Gurukulaye Upatha Nageema Ha Bindawateema - පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම
මෙය පේරාදෙණි ගුරුකුලයේ උපත නැගීම හා බිදවැටීම ගැන පිටු 640 කින් යුත් විමර්ශනාත්මක විචාර ග්රන්ථයකි..
Rs. 1,200.00





