හිරු එලියට නිරාවරණය වූ විට සංඥා නිකුත් කරන උපකරණයක්..
මින් වසර ලක්ෂ ගණනකට පෙර එය හඳේ වැළලු බුද්ධිමත් ජීවින් සොයා ගිය ගමනක්..
මිනිස් සඟයන් වනසා දමා තම අරමුණ ඉටුකරගැනීමට මාන බලන පරිගණකයක්.. අභ්‍යාවකාශයේදී හමුවන ලෙයින් මසින් පමණක් නොව සිරුරින්ද තොර ජීවියෙක්.
2001- අභ්‍යවකාශ වීර චාරිකාව 1
..............................................................
කාලය ගෙවා ගැනීම සඳහා ඔහු කළේ කියවීමයි. නිල වාර්තා හා සටහන් ආදිය
කියවීමෙන් වෙහෙසට පත් වූ ඔහු තම 'නිවුස් පෑඩය' ගෙන යානයේ තොරතුරු පරිපථයට
සවිකොට පොළොවෙන් එන අලුත්ම වාර්තා කියවන්නට විය. පොළොවේ ප්‍රධාන පෙළේ
ඉලෙක්ට්‍රොනික පුවත්පත්වල අංක ඔහුට මතක තිබුණි. නියම අංක ඇතුළු කිරීමෙන්
ඕනෑම පුවත්පතක් තම නිවුස් පැඩය තුළින් කියවීමට මේ වන විට හැකි විය. නිවුස්
පෑඩය සර්ව සම්පූර්ණ සන්නිවේදන මාධ්‍යයක අවසානය දැයි ඔහුට සිතුණි.
පෘථිවියෙන් සැතපුම් 1000ක වේගයෙන් ඉවතට යමින් සිටි නමුත් ඔහුට තත්පර කිහිපයකදී පොළොවේ ඕනෑම පුවත්පතක් කියවිය හැකි විය. පුවත්පත් යන්න ඇත්ත වශයෙන්ම අතීතයෙන් ඉලෙක්ට්‍රොනික යුගයට පැමිණි නොගැලපෙන වචනයකි. පුවත්පත් පැයකට වරක් ස්වයංක්‍රීය ලෙස සංස්කරණය වී ඉංග්‍රීසි පමණක් කියවන කෙනෙකුට වුව ද ප්රවෘත්ති චන්ද්‍රිකාවලින් නොකඩවා ගලා එන තොරතුරු උකහා ගනිමින් ජීවිත කාලයක්ම වුවත් ගත කළ හැකි විය.
මෙම ක්‍රමය තවත් දියුණු කළ හැක්කේ කෙසේදැයි සිතා ගැනීම පහසු නොවේ. එහෙත් කවදා හෝ නිවුස් පෑඩය වැනි අපට සිතාගත නොහැකි දෙයක් ඒ වෙනුවට නිපද වෙනු ඇත.
සන්නිවේදන ශිල්පීය ක්‍රම
දියුණු වත් ම ඒවා තුළින් එන දෑ වඩාත් නරක අතට හැරේ. මෙම මාධ්‍ය තුළින් ගලා
එන වචන කෝටි ගණනක අඩංගු වන්නේ අනතුරු, අපරාධ,ගැටුම් හා විනාශ ආදිය පිළිබඳ
විස්තරයි. එක් අතින් බලන විට මෙය එතරම්ම නරක තත්ත්වයක් නොවේ යැයි ෆ්ලොයිඩ් ට
සිතුණි. කිසිම වරදක් නැති ලෝකයක් ඇත්නම් එහි පුවත් ඉතා නීරස වනු ඇත.
...............................................................
පරිවර්තනය - එස්. එම්. බන්දුසීල
ප්රකාශනය - S&T Group
ක්ලාක් 2001 වීර චාරිකාව රචනා කරනුයේ 1968 වසරේදීය. ඒ පෘථිවි මිනිසා සඳට යාමටත් පෙරය. අන්තර්ජාලය ගැන කිසිදු ඉවක් නොතිබූ, ජංගම සන්නිවේදන ක්‍රමයක් සිහිනයකින් වත් නොපෙනෙන එම යුගයේ, අද අපට නැතිවම බැරි ව ඇති අන්තර් ජාලයේ සීඝ්‍ර පණිවුඩ හුවමාරුවත්, වර්තමානයේ රජයන් විසින් නොමිලේ බෙදන්නට තැත් කරන ටැබ් පරිගණකත්, ඊ පුවත්පත් පිළිබඳවත් ක්ලාක් මේ කරන හෙළිදරව්ව විශ්මයජනක නොවේ ද? විද්‍යා ප්රබන්ධයක ඇති සාරය එයම නොවේද? ක්ලාක් ප්‍රබන්ධය තරම් අද ලොවට යථාර්ථවාදී වන තවත් ප්‍රබන්ධයක් නැති තරම්ය.
කියවන්න කියවන්න අලුත් සිතිවිලි පහළවන, හෙට ලෝකයේ හැඩරුව අපට පවසන ලොව විශිෂ්ටතම විද්‍යා ප්රබන්ධයක රසය විදින්න ඔබ තවමත් පමා මන්ද?
2001
- Publisher: S And T Group
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - Arthur C Clarke - ආතර් සී ක්ලාක්
- - S.M.Banduseela - එස් එම් බන්දුසීල
- ISBN: 9789559529005
- Availability: In Stock
- Rs. 450.00
-
Rs. 405.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rama Hamuwa - රාමා හමුව
වර්ෂ 2131 දී අධික වේගයෙන් පොළොව වෙත ඇදී එන පිටසක්වළ යානයක් ගැනයි මේ පොත. විද්‍යාඥයන් විසින් 'රාමා'..
Rs. 450.00 Rs. 500.00
Rama 2 - රාමා 2
රාමා විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ දෙවන ග්‍රන්ථය මිනිස් වර්ගයා ගැන කිසිම තැකීමක් නොකළ පළමු වැනි රාමා ය..
Rs. 675.00 Rs. 750.00
Rama Uyana - රාමා උයන
රාමා තුළ සිරවුණු නිකොලි, රිචඩ් හා මයිකල් යන තිදෙනා සමඟ ඉදිරියට ඇදෙන පිටසක්වළ යානාවේ කතාව අරුම පුදු..
Rs. 675.00 Rs. 750.00
Manusath Uyana - මනුසත් උයන
ඩෙස්මන්ඩ් මොරිස්ගේ The Human Zoo නම් ග්‍රන්ථයේ පූර්ණ සිංහල අනුවාදය නිරුවත් වානරයා ලියමින් මිනිසා වෙත..
Rs. 405.00 Rs. 450.00
Niruwath Wanaraya - නිරුවත් වානරයා
වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙය වන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හ..
Rs. 495.00 Rs. 550.00
3001
3001 - අවසාන වීර චාරිකාව ආතර් සී. ක්ලාක් පරිවර්තනය- එස්. එම්. බන්දුසීල ...............................
Rs. 360.00 Rs. 400.00
Awasan Siddhanthaya - අවසන් සිද්ධාන්තය
මුහුදු කොල්ල කරුවකු ලෙස චෝදනා ලැබූ රංජිත් සුබ්‍රමනියම් නම් ශ්‍රී ලාංකීය සරසවි සිසුවා ජාත්‍යන්තර අධ..
Rs. 900.00 Rs. 1,000.00
Handuna Nogath Piyasara Wasthun Saha Pitasakwala Jeewin - හඳුනානොගත් පියාසර වස්තූන් සහ පිටසක්වළ ජීවින්
දිනෙන් දින විශ්වයේ සීමාවන් සොයා යන විද්‍යාව, තවමත් සිටින්නේ ළදරු අවදියකය. විශ්වය පිළිබඳ තවමත් නොදත් ..
Rs. 675.00 Rs. 750.00
Tharaka Vidyawa Hadareeme Dewana Piyawara - තාරකා විද්‍යාව හැදෑරීමේ දෙවන පියවර
..
Rs. 360.00 Rs. 400.00
Tharaka Vidyawa Hadareeme Palamu Piyawara - තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර
..
Rs. 540.00 Rs. 600.00
Tharaka Vidya Olympiad Perahuruwa - තාරකා විද්‍යා ඔලිම්පියාඩ් පෙරහුරුව
තාරකා විද්‍යාව හදාරණ සිසුන්ට අවශ්‍ය නිසි දැනුම ලබා ගැනීමට මෙම ග්‍රන්ථය ඉමහත් පිටුවහලකි. ..
Rs. 360.00 Rs. 400.00
Gamburu Muhuda - ගැඹුරු මුහුද
// ක්‍රි. ව. 2050 // තවමත් බලවත්ව පවතින්නේ බුදුන් වහන්සේගේ ධර්මය පමණි. අනෙක් ආගම්වල පිරිහීමත් සමග ඇත..
Rs. 585.00 Rs. 650.00
Mulika Tharaka Vidyawa Pela Potha - මූලික තාරකා විද්‍යාව පෙළ පොත
තාරකා විද්‍යාව හදාරණ සිසුන්ට අවශ්‍ය නිසි දැනුම ලබා ගැනීමට මෙම ග්‍රන්ථය ඉමහත් පිටුවහලකි. ..
Rs. 225.00 Rs. 250.00