කුඩා කුඩා බැකෝ යන්ත්‍ර
__________________________
කුඩා කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහපාරක් කපනවා
දෙපා රෝද හරව හරව _පොළොවේ පස් ගලව ගලව
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහපාරක් කපනවා
දහය හමාරට වාගේ_තේ ජෝගුවෙ වටේ ඉඳන්
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ගස් යට හති අරිනවා
දවල්ට එන බත් මුල් ටික_උඩින් උඩින් අනලා ගිලලා
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ගස් යට විට හපනවා
ඇණමුරිච්චි කකියන කොට
පපුවෙ ඔයිල් හිරවෙන කොට
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ග්‍රීස් ගාලා නානවා
නාන ගමන් ගල්පොතු උඩ මලකඩ පිට උලනවා
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර
බූරු ඇඳන් උඩ නැඟගෙන
රෑට ඕමි බලනවා
එහෙම ඕමි බලන ගමන්
පුංචි රේඩියෝ එකකින් සිංදු අරන් අහනවා
බැකෝ යන්ත්‍රයක අත රැඳි
ඉස්කෝප්ප කොළ රැජිනට
නැවිකට් දුම වදිනවා
රැජිණ වීජිනිපත වන වන අතින් නහය වහනවා.
Dhoomalawanyagaraya - ධූමලාවණ්‍යාගාරය
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Ruwan Bandujeewa - රුවන් බන්දුජීව
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246474003
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mata Adare Mage Adare - මට ආදරේ මගේ ආදරේ
මගේ හුස්ම ඔබ ගන්න මගේ ආදරෙත් ගන්න...මට අහිමි ජීවිතය විතරක්ම මට දෙන්න...මගේ පැතුම් ඔබ ගන්න&..
Rs. 450.00
Kshana Bhangura Mihiriyawa - ක්ෂණ භංගුර මිහිරියාව
අසනි වරුසා කලලයක රුව වැඩෙන මොහොතකි නබෝ දරු ගැබ අපල ඉවසා සපල ජීවිත ගැටෙන මොහොතකි පොළෝ ..
Rs. 500.00
Kalupata Sihinayaka Sudupata Piyapath - කළුපාට සිහිනයක සුදුපාට පියාපත්
පෙලක් හඳ ඇති දාට කොළොම් තොට අහස යට හතර රියන් සිරුර ඉබේටම ඔරලෝසු දුන්න සේ දිගෑරෙයි.සතර..
Rs. 250.00