" ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත්, අනිද්දටත්, කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනව, කනව බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ."
ඔහු මුවින් නොබැණ මා දෙස බලා සිටිය සැටි මට මතකය. ඔහු මගේ දුක දුටුවේය. එහෙත් " මම යන්නෙ නෑ," යි නොකීවේය. " මම ආයෙමත් එනවනෙ, " යි ඔහු කීවේය. එහෙත් ඒවා දුබල වදන් විය. ඔහුවත් ඒවා විශ්වාස කලාදැයි මට සැක සිතුනි. ඔහුට නොයන්ට තිබුනි. හෙට නොගොස් අනිද්දා යන්ට තිබුනි. " මම අනිද්දා යනව," යි කීවේ නම්, මම කෙතරම් සැනසෙම්ද. අනිද්දා වුවත් තව එක් දවසක් තිබෙනවා නොවේද? ඒ දවසත් මේ වාගේම ගෙවී යනු නියතය. ආයෙමත් " මම හෙට යනව, " යි ඔහුට කියන්ට සිදුවේ. එහෙත් අද? අද ඔහු හෙට නොයයි. ඔහු හෙට යන දවස නොවේ අද. අදට හෙට තිබේ, හෙටට කුමක් වෙතත්.
ඔහු නිසොල්මන්ව හුන්නේය, මා දෙස බලාගෙන. ඔහුගේ තීරණය අනිවාර්යය. එය ලෝකයේ ජරා මරණය සේ වෙනස් නොවෙන නියත ධර්මයක් සේ විය. ඇයි එසේ වන්නේ? යන්ට තීරණය කලේ ඔහු නොවේද?
" තව කල් දැම්මත් කවදා හරි යන්න එපාය. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුලුවන්."
මගේ කණට මේ වචන කොඳුරනවා ඇසිනි. යලිත් ආ හැකි නිසා ද යන්නේ? නොගියොත් යළිත් ආ නොහැකිය. එය සැබෑවකි. මට එය නොතේරුනි. යාම හොඳයි. ගොස් ඊමද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. මගේ හදවත සැනසුම් ලද්දේය.
"ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම...."
Malawunge Awurudu da - මළවුන්ගේ අවුරුදු දා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර
- ISBN: 9789552021596
- Availability: Available
- Rs. 400.00
-
Rs. 380.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mala Giya Aththo - මළගිය ඇත්තෝ
මා නොකා නොබී සිතිවිලි දමෙහි පැටලී සිටින බව දකින එක් ස්ත්‍රියක් මී විතක් ගෙන මට පිරිනමයි. ඈ කජු අහුරක..
Rs. 190.00 Rs. 200.00
Vilasiniyakage Premaya - විලාසිනියකගේ ප්‍රේමය
උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියල? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළඟට ගන්ට,..
Rs. 285.00 Rs. 300.00
Pematho Jayathi Soko - පේමතෝ ජායති සෝකෝ
ඈත සිට පිරිනමන භක්තිය ගෙනත් පාමුල තබන බුහුමන ඒ එකක් වත් නොවේ සෙනෙහස දිවා රෑ දෙක නෙතු සමීපේ දෑස න..
Rs. 190.00 Rs. 200.00