• 13 Kanuwa - 13 කණුව
තම නිවස ඉදිරිපිට නතර කළ පොලිස් ජීප් රථය දුටු හිමාලි මදක් තැති ගත්තාය.ජීප් රථයේ හඬ ඇසුණ සුරංග ද නිවස ඉදිරිපස ට පැමිණියේ තම නිවසට පැමිණියේ කවුරුන්දයි දැන ගැනීමට ය.ඔහු දුටුවේ ජීප් රියෙන් බැස එන පොලිස් නිළධාරියෙකු සහ සිවිල් ඇඳුමින් සැරසුන අයෙකි.ඔහු බිරිඳ අසළට පැමිණියේ ය.
"මොකටද  හිමාලි පොලිසියෙන් මෙහෙට එන්නේ.කලින් දවසක  ආවේ නම් ඇක්සිඩන්ට් එක නිසා වෙන්න පුලුවන් ඒත් දැන්....?"
"ඒක තමයි,,කෝ ළමයි . ..එයාලා කාමරේද ? "
"ඔව් එහෙම්ම ඉඳපුවාවේ, යයි පැවසූ සුරංගගේ සිතට මොකට ද මේ පොලීසියේ දෙන්නෙක් එන්නේ..යයි ප්‍රශ්ණයක්  හට ගත්තේ ය.
එවිට ම ඔවුන් දෙදෙනා සිටි තැනට ම උප පොලිස් පරීක්ෂක ජයවික්‍රම හා දෙනුවන් පැමිණියහ.
"මිස්ට සුරංගට මාව මතකද දන්නේ නෑ....ඔයාලගෙ ඇක්සිඩන්ට් එක ගැන පරීක්ෂණය කළේ මම නේ..මම එස්.අයි ජයවික්‍රම මේ මගේ යාලුවෙක් දෙනුවන්....පත්තරේ වැඩ කරන්නේ...."
"ආ......මට මතකයි එස්.අයි මහත්මයා  ....යමු ගේ  ඇතුලට වාඩිවෙන්න.."සුරංගගේ හා හිමාලිගේ බිය තුනී වූයේ ජයවික්‍රමගේ කාරුණික ඇමතීම නිසාවෙන්ය. ඔවුන් සාලයේ හිඳගත් පසු හිමාලි නිවස තුළට ගියාය.
"ඉතින් ඉන්ස්පෙක්ටර් මොකද මේ අපේ කේස් එක ඉවරයි⁣ නේද..ආයෙත් ආවේ...?සුරංග කුලුපගු ලෙස විමසුවේ දෙනුවන් දෙස ද බලමින්ය.
"හොඳයි මම කෙලින්ම කාර⁣ණේ කියන්නම් .කාලය අපතේ  යවන්නේ නැතුව.මේ දෙනුවන්ට ඕන වෙලා තියෙනවා පත්තරේට ආටිකල් එකක් අලුතෙන් ලියන්න.ඒකට ඕන කරන විස්තරයක් ගන්න තමයි මෙහෙට ආවේ.මේක ඔෆීශියල් විදියට කරන වැඩක් නෙවෙයි කියලා හිතාගෙන මිස්ට සුරංගට පුලුවන්ද දෙනුවන් ට එදා සිද්දවුන අනතුර ගැන  විස්තර කියන්න."
"මොනව ගැනද මම විස්තර කරන්න ඕන.."එය සුරංගට ගැටලුවක් විය..
"කලින් වුන අනතුර ගැන....එදා රෑ දැකපු දේ ගැන."උප පොලිස් පරීක්ෂක ජයවික්‍රම පැවසුවේය..
"එදා කාර් එකේ බ්රේක් වල ප්‍රශ්ණයක් නිසා අපි හැපුණා එතන තිබුණ කණුවේ..ඒ ගැන මොකටද පත්තරේට ලියන්නේ... ඔහු මදක් කෝපයෙන් පැවසුවේය .ඒත් සමඟම හිමාලිද එතනට පැමිණියාය.
"මිස්ට සුරංග ඔයාගේ වයිෆ් දීලා තියෙන කට උත්තරේ තියෙනවා ඔයාලා කිසියම් අදෘශ්‍යමාන දෙයක් දැකලා තියෙනවා කියලා.අපිට ඕන ඒ ⁣දේ ගැන දැනගන්න."
"මොනවද හිමාලි මේ කියන්නේ අපි එහෙම දෙයක් දැක්කද ?"සුරංග විමසුවේ හිමාලි දෙස බලමින්ය.ඇය මාරුවෙන් මාරුවට තිදෙනා දෙස බැලුවා ය.
"මේ අහන්න සුරංග ඔයාලට කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ එදා දැකපුදේ කිව්වට .මොකද මම ආටිකල් එක ලියන්නේ ඔයාලගේ ඇත්ත නම්,පදිංචි  තැන් සඳහන් කරලා  නෙවෙයි.මට දැනගන්න ඕන එ⁣දා වුන දේ විතරයි.."
"ඔව් ,මිස් හිමාලි අපිට එදා කට උත්තරේදී ඔයාලා දැකපු අදෘශ්‍යමාන  දෙයක් ගැන කිව්වා.අපි පොලීසියෙන් ඒ ගැන වැඩිය පරීක්ෂණ කළේ නැත්තේ එතකොට අපේ පොලිසියේ  ඉඳපු  ඉන්සපෙක්ටර් මහත්තයා උනන්දුවක් නොදක්වපු නිසා.නමුත් දැන් ඉන්නේ අලුත් කෙනෙක් සමහර විට ආයෙත් මේ කේස් ඇදලා ගන්න පුලුවන්.එහෙම වුනොත් ආයෙත් මිස්ට සුරංගට පොලිසියට යන්න වෙයි.අනික එදා ගත්ත මෙඩිකල් රිපෝට් වල තියෙනවා සුරංග මත්පැන් පානය කරලා තිබුණ බව.දන්නවනේ මත් පැන් බීලා වාහන ධාවනය තහනම් කියලා.නමුත් මම ඒ දේ යන්තමින් යටපත් කළා.දැන් මිස් හිමාලිගේ කට උත්තරය ම  ඇති නේද මේ සිදුවීම ගැන හරියටම දැන ගන්න...එහෙම නේද මිස්ට සුරංග."උප පොලිස් පරීක්ෂක ජයවික්‍රම පැවසුවේය .
"මට හිමාලි ඒ බව කිව්වා.ඒත් අපි කැමති නැහැ අවතාර සම්බන්ධ දෙයක් කියලා තව ප්‍රශ්න ඇති වෙනවට.ඒකයි වරද්ද කාර් එක පිටින් දාලා හිටියේ.කොහොම වුනත් මම එදා සිදුවුන දේ ගැන මුලු ඉඳලම විස්තර කරන්නම්.හිමාලි ඔයා ගිහින් ⁣අපිට බොන්න තේ හදන් එන්න.."ඔහු සිය තීරණය වෙනස් කරමින් පැවසුවේය .
"බොහෝම ස්තුතියි මිස්ට සුරංගට අපිට ඒ දේ ගැන කියනවට"දෙනුවන් පැවසුවේ ස්තුති පූර්වකය..
"අපි ඒ දේ හිතින් අමතක කරන්න හැදුවේ..මෙහේ පිරිතක් කිවුවා අපි සනීප වෙලා ආවට පස්සේ...ඒත් සමහර වෙලාවට ඒ බය අපේ හිත්වලට තදින් දැනෙනවා..අපේ පොඩි පුතත් අනතුර සිද්ධවුන දවස් වල නිතරම වගේ හීනෙන් බයවෙන්නත් ගත්තා..ඒ නිසයි අපි ඒ දේ හිතින් අමතක කරන්න හැදුවේ  කමක් නෑ මම එහෙනම් කියන්නම් එදා රෑ වුන දේ........."සුරංග කතාවක් පැවසීමට මුල පිරුවේය.
               ********************
රෝහලේ ඇඳ මත සිටින මැදිවියේ පුද්ගලයාගේ හිස වෙලුම් පටි වලින් ඔතා ඇත.ඔහු ගතට දැනුන වේදනාව පරයවමින් ඇදෙහි දිගා වී සිටියේය .යාබද ඇඳෙහි සිටින ⁣අනෙක් තැනැත්තාද ඇද විට්ටමට හේත්තු වී ලා කොළ පැහැ තීන්ත ආලේප කර ඇති කොට බිත්ති වලින් ඈත බලා සිටියේය.අසළ ඇති ඇඳක සිටින රෝගියෙකුගේ කෙඳිරියත් වෛද්‍ය උපකරණ වල නාදයත් ඇසුනත් ඔහු එය ගැන නොසිතමින් පෙර දිනකදී තමන් හා සොහොයුරා ට සිදුවූ අනතුර ගැන මෙනෙහි කළේ ය.එක් වරම ඔහු ගැස්සී ඇඳෙන් බිමට වැටිමට  ද ගියේය .හෙදියක් එදෙස බලා ඔහු ට කරදරයක් සිදු නොවුනෙන් යලිත් තමන් කරමින් සිටි වැඩය වූ රෝගින්ගේ රෝග ගැන සඳහන්  සටහන් දෙස දෙනෙත් යොමු කළේ ය.
"මොකෝ උඹ ආයෙත් බය වුණා ද,මම කිව්වනේ ඕක හිතෙන් අයින් කර ගනින් කියලා.දැන් උඹේ හිතේ බය යවන්න මානසික බෙහෙත් ගන්නත් වෙයි.." ඇදෙහි හාන්සි වී සිටි  අනෙක් තැනැත්තා පැවසුවේය.ඔහු නමින් කරුණාපාලය කවුරුත් ඔහු හඳුන්වන්නේ කරු අයියා ලෙසය.ඔහුගේ සොහොයුරා සෝමසිරිය ..
"මට බයයි අයියේ ඒ මූණ දැක්කම හරියට අපි ගිලින්න වගේ ඒ ඇස් වලින් බලාගෙන හිටියේ..."සෝමසිරි කතා කලේ උච්ච ස්වරයෙන්ය.අනෙක් ඇඳෙහි සිටි පිරිමි පුද්ගලයා හිස ඔසවා ඔවුන් දෙස බැලුවේය.
"හෙමින් කියාපන්,නැතිනම් උඹව මෙතනින් අයින් කරන් මානසික රෝගි වාට්ටුවට ගෙනියයි."
"ඒත් අයියේ....ආයෙනම් මට රෑට හයර් යන්න බෑ...අපේ පස්සෙන් ඒ අවතාරේ එයි."
"එතකොට උඹලට කන්න අදින්න⁣ දෙන්නේ අවතාරෙද,පිස්සු නැතිව ඉඳපන්..."
"මම කිව්වේ දවල් ට යන්න බෑ කියලා නෙවෙයි ,රෑට යන්න බෑ කියලා...."
"කට පියන් ඉඳින් අපි ඒකට සනීපවෙලා ගෙදර යන්න ඕන.එතකන් ඕක කාටවත් කියනවා හෙම නෙවෙයි.හෙට අනිද්දා ටිකට් කපන් යන්න පුලුවන් .එතකොට මම ලොරිය අරන් යන්නම් කෝ උඹ හිටහන් පැත්තකින්..."
"ලොරියට ලොකු කරදරයක් නෑ කියලා කිව්වා දිනපාල බාසුන්නැහේ ඊයේ ආව වෙලාවේ කිව්වා..ඉස්සරහා බොඩි එක හදලා දෙන්න පුලුවන් කිව්වේ...."
"මටත් ඇහුනේ...ඒක නෙවෙයි අද හෙට ආයෙත් පොලිසියෙන් එන්න පුලුවන් කට උත්තර ගන්න .එතකොට ඔය අවතාර කතාව එහෙම කියනවා නෙවෙයි..ඊට පස්සේ ඉන්ෂුවරන්ස් එක ගන්නත් බැරිවෙයි අවතාර කතා කියලා..."කරුණාපාල පැවසුවේ සෙමින්ය .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Makarage Paya - මකරාගේ පැය

Makarage Paya - මකරාගේ පැය

ශ්‍රි ලාංකීය ගැමි සමාජය තුළ විශ්වාසයේ පවතින මහසෝනා , මෝහිණී රීරියකා, කළු කුමාරයා හා අපරදිග ජනයාගේ වි..

Rs. 380.00

Diyagahalande Abirahasa - දියගහලන්දේ අබිරහස

Diyagahalande Abirahasa - දියගහලන්දේ අබිරහස

ශ්‍රි ලාංකීය ගැමි සමාජය තුළ විශ්වාසයේ පවතින මහසෝනා , මෝහිණී රීරියකා, කළු කුමාරයා හා අපරදිග ජනයාගේ වි..

Rs. 350.00