• Para Kiyana Tharaka - පාර කියන තාරකා

පසුදා අපි ගමේ විවාහ රෙජිස්ටාර් කාර්යාලයට ගොඩ වවාහ විමී. යුගාන්ගේ පසින් අත්සන් තැබීමට ඔහු ඔහුගේ මිතුරෙකු ගෙන්වා ගත අතර මගේ පසින් මගේ තාත්තා අපේ විවාහයට අත්සන් කලේ ය. විවාහ රෙජිස්ටාර්වරිය මීට සය වසකට පෙර අපේ විවාහයට අත්සන් කළ තනත්තියම වූ නිසා ය තාත්තාගේ හිතවතියක වූ නිසා රූහිව හා යුග්මව දෙපසින් තබාගෙන විවාහ ලේඛනයට අත්සන් කිරීම ගැන පුදුම වූයේ නැත. ඇය කියූ දිවුරුම පෙරළා උච්චාරණය කරමින් අපි ඒ ලේඛනයට අත්සන් තබද්දී රූහිත් යුග්මත් දෙපසින් සිට සිනාසෙමින් බලා සිටිද්දී අම්මා මෙන්ම තාත්තා ද දෑසේ කඳුළු පිසගන්නවා මම දුටිමි.


"මේක මටත් විශේෂ දවසක් දරුවනේ... දික්කසාද වෙලා වෙන්වෙච්චි දෙන්නෙක් ආපහු එක මගකට ඇවිත් තමන්ගේ වැරදීම් හදාගෙන් දරුවෝ වෙනුවෙන් ආයෙම එක වහලක් යටට යනවා කියන එක කොයි තරම් දෙයක්ද ? බොහොම කලාතුරකින්  වෙන දෙයක්." විවාහ රෙජිස්ටර්වරිය අපට සුබ පතමින් හිනැහී කීවාය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha