• Paul - පෝල්

"මිත්‍රවරුනි." ඔහු කෑගැසීමට පටන් ගත්තේය. මම ඉල්ලා සිටියේ යුක්තිය විතරයි. අහිංසක මිනිහෙක්...." නමුත් තරුණ පොලිස් නිලධාරියා ඔහුගේ බටන් පොල්ලෙන් තද ප්‍රහාරයක් එල්ල කර,ඉබි යතුර කඩා බිඳ දැමීමට සමත්ව තිබුණි. නවතා සිටි පොලිස් රථයට පෝල්ව පටවා, පොලිස් ස්ථානය වෙත වේගයෙන් ගියේය. ඔහුව සිර කුටිය වෙත තල්ලු කරන තුරුම, දැන සිටියේ යන්තමිනි. ඔහුගේ නළල තදින් සිමෙන්ති පොළොවෙහි වැදුණි. මෙය ඔහුගේ හිස තුළ ස්ථීර ලෙස ගොඩනැගී තිබූ පුපුරු ගසන වේදනාව හා සම වුවද, ඇද වැටී තිබුණු හෙයින් එයට වඩා තරමක, සිහිමුළා බවින් පිට කම්පනයක් එහි පෙනෙන්නට තිබුණි. අඩු තරමින්, හෙතම කෙඳිරි ගෑවේය. මෙම කෙඳිරි ගෑම, ඔහු දෙස සිටගෙන බලා සිටිමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනා වෙත අවුල්සහගත බලපෑමක් ඇති කර තිබුණි. එමෙන්ම  ඔවුන් ඔහුට කල හිරිහැර කරණ කොටගෙන, දැනටමත් ඔවුන් තුළ සැලකිය යුතු තරමේ චිත්ත පීඩාවක්ද ඇතිව තිබුණි. 


"ඉලන්දාරී ඌරා." පළමුවැන්නා පැවසුවේය. ඌ හොඳටම බීලා. "නැහැ." සැරයන් ජුප් පැවසීය. "ඒ බීලා නෙමෙයි." තරාබාරු දේහයකින් යුතු තුන්වැනි නිලධාරියා තවමත් රත් පැහැව, මහත් කෝපයට පත්ව සිටියේය. අරගලයේදී යම් අයෙක් විසින් ඔහුව කරදරයට පත් කර තිබුණි. එක මොකක් වුනත් ඌට මාව මෝඩයා කරලා එකෙන් පැනලා යන්න බෑ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්