“ඔයා මාත් එක්ක තරහද?” පහත් හඬින් නර්මදා ඇසුවේ ක්‍රිෂාගිගේ අතක් අල්ලා ගනිමිනි.
" ඒ මොකටද?" ක්‍රිෂානි වහා ඇසුවාය.
"රුක්ෂාන් මට හවස කොෆී එකක් බොන්න එන්න කියලා කිව්වා… ඒක මං උඹට කිව්වේ නෑ… ඒ වෙලාවේ මට ඒක ලොකුවට දැනුණේ නෑ… ඒත් උඹ ඒ ගැන ඇහුවාම, මට මොකක්ද ගිල්ටි බවක් දැනෙනවා…
"විකාර නැතුව හිටිං මෝඩ්… රුක්ෂාගේ ඉන්වයිට් කළේ උඹටනේ… මට කතා කළේ නෑනේ? ඉතිං මොකටද මට ඒ ගැන කියන්නේ?”
"ම්ම්… උඹ එහෙම ඇත්තටම හිතනවා නම් කමක් නැහැ… මං හිතුවා මම මොනවා හරි හංගනවා කියලා උඹ හිතුවද කියලා… නර්මදාගේ කතාවට බාධා කරමින් ක්‍රිෂාගි ඇගේ අත මිරිකුවාය.
" උඹ හිතනවා වැඩියි… හිතන්න ඕහි දේ ගැන නෙමෙයි උඹ හිතන්නේ… වෙන විකාර. ඒකයි උඹ මේ තරං ප්‍රශ්න සංකීර්ණ කර ගන්නේ…"
“අනේ ඇත්තමයි ක්‍රිෂානි, රුක්ෂාන් හම්බවෙන්න ගියාට පස්සෙ මට හිතුණා උඹත් හිටියා නම් හොදයි කියලා…” මුවට සිනහවක් හංවා ගැනීමට උත්සාහ කරමින් නර්මදා කීවාය.
“උඹ දන්නවානේ මං ඔය දේවල් ලොකුවට ගණන් ගන්න කෙල්ලෙක් නෙමෙයි කියලා… මං බොහොම සැහැල්ලුවෙන් ඉන්නෙ ඒකනේ… හරී… ඒක නෙමෙයි, කියපන්කො කෝපි බොන්න දීලා මොනවද රුක්ෂාන් කිවේ?”
Narmadage Swayanwaraya – නර්මදාගේ ස්වයංවරය
- Publisher: Aratuwa Prakashana - අරටුව ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kanchana Dissanayaka - කංචන දිසානායක
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789557012735
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 100

