• Mama Ma Novana thuru - මම මා නොවන තුරු

බර සපත්තු අඩි තියමින් මං කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළ ළඟ හිට ගත්තේ එක් අතකින් තරප්පු පෙළේ යකඩ බඳ අල්ලගන්න ගමන්. මේ වහල යට මට මගේ හිස කෙළින් තියාගන්න බැරි වුණාට අද මේ හැමෝම ඉස්සරහා මං මුළු කශේරුකාවම කෙළින් තියාගත්තේ අමුතු ගාම්භීරත්වයක් ආරූඪ කරගෙන.

“ම්..ම්..මොකක්? ම්..මෙච්චර රැවටීමක්'

කවදාවත් වචන නොපැටලෙන අගස්තිට අද එකම වචනේ කියාගන්න අමුතු උත්සාහයක් දරන්න වෙලා. මං ඒ ඇස් දිහා බැලුවේ ආගන්තුක හැඟීමකින්. ඒ ඇස්වල තිබ්බේ අදහගන්න බැරි බයක්, ත්‍රාසයක්, වේදනාවක්. මුතුමාල පටලන් එයා ඉස්සරහට එයි කියලා මවන් උන්නු උඩරට මනමාලි මිසක් මේ වගේ චරිතයක් එයා කවදාවත්ම බලාපොරොත්තු නොවෙන්න ඇති.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha