විශ්මයකි ! මොහු ද, මෙහි කථා නායකයාණන් මෙන් දිලීප කෙනෙකි. හේ කවරකු ද යත් ? භාරත දේශයේ ප්රවීණ මහ නළුවකු ව සිටි දිලීජ් කුමාර යි. හේ නළුවකු වීමට ගිය පළමු සම්මුඛ පරීක්ෂණයේ දී නිරීක්ෂකයකු කීවේ " ඇයි මෙහි ආවේ ? යනව යන්න, වඳුරකු ගේ චරිතයක් අවැසි වූ විටෙක දන්වන්නම්" දිලීප් වහා දිවගොස් මව්ගෙන් ඇසූ පැනය නම්, “අනේ අම්මේ, මා එතරම් ම අවලස්සන ද? යන්න යි. එවිට මව් කීවේ. මයි පුතා තමයි ලොකේ ඉන්න කඩවසම් ම තරුණයා " යැයි කී විට උත්සාහය අත්නොහළ දිට්රීජ් නතර වුයේ, ඉන්දියාවේ ජනප්රිය ම නළුවා වීමෙනි. හෘදය සංවේදී සහකම්පනයෙන් ප්රකම්පිත වූ ජයසන්තඋඩුවල ආරච්චි කතුවරයා විසින් "අකම්ප" නමින් රැසැයුණු මෙම අගනා නව කථාවට පාදක කොටගත් "දිලීප" නමැති ස්වීය සහෘදයාගේ ධනාත්මක පරමාදර්ශී චරිතානුභූතියට හෘදයග්රාහී ව සැසඳිය හැක්කේ මා පෙරැ කී භාරතීය සිනමා නළු දිලීප් කුමාරගේ චරිතාදර්ශයට යි. "උදෙව්ගිනං පුරුෂ සිංහමුපෛති ලක්ෂ්මිර්" යනු සඳහන් පරිදි අරමුණු සාක්ෂාත් කරගනු පිණිස වීර්යවන්ත ව ක්රියාශූර ව ඉලක්ක සපුරාලන සුධීමත් පුරුෂයන් වෙතට ලක්ෂ්මිය හෙවත් ශ්රී කාන්තාව එළඹෙන බවයි.
Akampa - අකම්ප
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- ISBN: 9786246335960
- Availability: Available
-
Rs. 1,200.00

