• Arigo - ඇරිගෝ

ඇරිගෝ නම් බ්රසිීලයේ ඈත ගමක දුප්පත් ගොවියෙකුට ජර්මනියේ මියගිය වෛද්යවරයකුගේ ආත්මය ආවේශ වීමෙන් පසු, ඔහු විසින් කරන ලද ඇසේ සුද ඉවත් කිරීම, ලියුකේමියා වැනි රෝග හා වෛද්යවරුන් විසින් සුව කළ නොහැකි බවට අත්හැර දමා තිබූ මරණාසන්න කාන්තාවන්ගේ ගර්භාෂයේ පිළිකා වැනි රෝග මුළුතැන්ගෙය පිහියක් පාවිච්චි කරමින් නිර්වින්දනය නොකර විශබීජ හරණය කිරීමකින් තොරව මැහුම් දැමීමකින් තොරව සුව කිරීම පිළිබඳ කථාවයි මේ. ඔහු විසින් සමහර සැත්කම් සිදු කරන ලද්දේ වෛද්යවරුන්ගේ සුපරික්ෂාව යටතේය. කිසිදු මුදලක් අය නොකරමින් ඔහු මෙම සුව කිරීම් කළ ද, බ්රසීලයේ වෛද්ය සභාව හා පල්ලිය ඔහුට එරෙහිව අවි අමෝරා ගැනීම හේතුකොටගෙන ඔහුට දෙවරක් බන්ධනාගාර ගතවීමට සිදු විය. ඔහුගේ මෙම ඇදහිය නොහැකි හැකියාවන් ඔහුගේ කැමැත්ත ඇතිව නූතන වෛද්ය ක්රම අනුගමනය කරමින් පරීක්ෂා කිරීමට එක්සත් ජනපදයේ වෛද්ය විශේෂඥයින් කණ්ඩායමක් සූදානම් වෙමින් සිටි කාලයක දී ඔහුගේ මරණය සිදු වූයේ ද විස්මයජනක ආකාරයකිනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha