• Armouriya Seal - ආමරිය සීල්

ක්‍රමයෙන් අවට පරිසරය අඳුරු පැහැද ගනිමින් තිබිණ. බරපතල තුවාලකරුවන් තරමටම සාමාන්‍ය තුවාල ලැබුවන් පවා ඒ වන  විට සිටියේ බොහෝ සෙයින් අඩපනවය. අඛණ්ඩ ලේ වහනය ද, වේදනාව ද ඔවුන්ව පෙළමින් තිබුණේ එකසමවය . තුවාලකරුවන්ගේ හැකිළුණු මුහුණු අතරින් වුවද අපේක්ශා සහගත දෑස් දිලිසෙමින් තිබිණ. ඔවුන් සෑම අයකුගේම අවධානය නිරන්තරට යොමුවී තිබුණේ අහස දෙසය. ක්‍රමයෙන් හෙලිකොප්ටරයක හැඩ ඇතින් ඇසෙන්නට විය. එකවන්නේ දර්ශනය නොවුව ද, එය MI-17 වර්ගයේ යානාවක් බැව් හඳුනා ගන්නට එහි සිටි කිසිවකුටත් අපහසු නොවීය. එහිදී තුවාල කරුවන් අතර යම් පමණකට හෝ හිස ඔසවා බලන්නට හැකි අයවලුන් සූදානම් ඉරියව්වකට පැමිණීමට යුහුසුළු වනු පෙනිණ. එසේම සිහිසුන් තරමට බරපතල තත්ත්වයේ පසු වූවන් පවා හෙළිකොප්ටරයේ හඬ ඇසෙත්ම ඇසිපිය මදක් විවර කොට ජීවත්වීම උදෙසා වන සිය බලවත් උවමනාවේ තරම පෙන්වන්නට වූහ.
හෙලිකොප්ටරය තුළ ඔක්සිජන් හා රුධිරය ලබා දෙමින් සිටි තුවාලකරුවන් තත්ත්වය තවදුරටත් අවදානම් වන්නට විය. සිය පපු ප්‍රදේශයට වෙඩි පහරවල් දෙකක් එල්ල වී තිබු හෙයින් ඔහු මුල සිටම හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුනේය. වෛද්‍ය සහායකයා ඒ අසලින්ම රැඳෙමින් ඔහු වෙනුවෙන් සියලු වැර යොදන්නට වූයේ තටත් කළ හැකි යමක් ඉතුරුට තිබේදැයි නිරතුරු විමසිළිමති වෙමින් සිය පිවිතය ජීවත් කරවීම උදෙසා හෙළිකොප්ටරය තුළ සෙසු අය දරන වෙහෙස තුවාලකරුටද දැනී තිබූ සෙයකි. එනිසාම සියලු අපහසුතා හමුවේ වුව අවසන් හුස්ම පොද ඉතිරි කරගන්නට ඔහුද අසීමිතව වෑයම් කරනු පෙනිණ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Avi Bimaka Giniyama - අවි බිමක ගිනියම

Avi Bimaka Giniyama - අවි බිමක ගිනියම

1990 කොකාවිල් ප්‍රහාරය වූ කලී පසුගිය තිස් වසරක යුධ ඉතිහාසය තුළ සිදුවූ බිහිසුණුම හා සංවේදීම සිදුවීමකි..

Rs. 1,400.00

Major Sujith Chaminda Edirisinghe Book Bundle - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් රචිත පොත් කට්ටලය

Major Sujith Chaminda Edirisinghe Book Bundle - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් රචිත පොත් කට්ටලය

මරණය මැදින් මුලතිව් සිට - 950/-අවි බිමක ගිනියම - 950/-..

Rs. 1,900.00

Uthura Ginigani - උතුර ගිනිගනී

Uthura Ginigani - උතුර ගිනිගනී

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සොයන්නට දෙමළ ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් එම ප්‍රශ්නය දෙස බැලීම ඉ..

Rs. 450.00

Avikarayinge Kavikara Liyawili - අවිකාරයින්ගේ කවිකාර ලියවිලි

Avikarayinge Kavikara Liyawili - අවිකාරයින්ගේ කවිකාර ලියවිලි

යුධ බිමේ කුරුටු  ගී සඳ දිය වැටී නළලන දුර බබළන්නේ ලෙංගතු සිනා මුව රහසක් පවසන්නේ නුඹවත් ඇවිත් තනි..

Rs. 1,000.00