• Bohemian Deriyo - බොහීමියන් දැරියෝ
නිවෙස්වලට නොකියා ගිය ගමන මනුෂ්‍යත්වය වෙනුවෙන් තබන යෝධ පිම්මක ආරම්භයක් සේ පෙනුණු මුත් සිරගෙයි එළිමහන් මිදුල පසු කරන විට ඒ සිතිවිල්ල මැරුණු පරෙයියකු තරම්වත් වටිනාකමක් තමන් තුළ ඉතිරි කර නැතැයි ඔවුන්ට දැනිණි. දැරියන්ගේ නිවෙස්වලින් ගෙනා ඇඳුම්, දත් බුරුසු, පෑන්, කඩදාසි එකින් එක පරීක්ෂාවට ලක් විය. අනූජා උස් බිත්තියේ ඉහළ මකුළුදැල් පිරුණු කුඩා කවුළු හොඳින් නිරීක්ෂණය කළාය. නාලිනී ඇය අතේ වූ ශොපිං මල්ල කොට්ටය යට තබා කිළිටි සිමෙන්ති පොළොවේ බිම හිඳගත්තාය. වැහි දිය කාන්දු වන, පාසි බැඳුණු සිවිලිම දෙස බලාන ගීතිකා අවනඩු කීවාය: “මිනිහෙක් මැරුණම මිනී පෙට්ටිය වළ දාන්නත් වර්ග අඩි දොළහක් ඕනෑ. හරියට ඉන්න ගානෙන් බෙදුවොත් ඊට වඩා අඩු ඉඩක් මෙතැන එක මනුස්සයෙක්ට තියෙන්නෙ.” ඔවුන් රැඳවිනියන් හා වෙන වෙනම කුටිවලට ගාල් කර තිබිණි. සිරකුටියේ තමාට හිමි සිමෙන්ති කණුව මතක තබාගත් ඔවුහු එදිනෙදා ක්‍රියාකාරකම් හැඳිනගනිමින් ශබ්දවලට සිය දෙසවන් හුරු කරගත්හ. ස්ත්‍රීන්ගේ අමිහිරි කෑගැසීම්, සෙරෙප්පු හඬ, ජේලර්වරියගේ අඩි ශබ්ද, යතුරු සැලෙන හඬ, නියෝග හා ගර්ජනා... ටික දිනකින් ඒවා එකම ගීතයක් බවට හැරිණි.
සිරමැදිරියේ නිඳන ගැහැනුන්ට මෙන් නොව, ඔවුන්ගේ පිබිදුණු යොවුන් වියට එහි ජීවිතය පහසු නැති බව දැරියෝ පළමු සතියේම තේරුම් ගත්හ. උදෑසනින්ම මුහුණ සේදීමට පෝලිමේ ඉන්නා අතර කතාබහට ඉඩක් ලැබිණි. වැසිකිලියට යාමට, දිය නෑමට ලැබුණු වේලාව හැරුණු විට උදේටද, සවසටද ව්‍යායාමය පිණිස පිටතට ගෙනියන විට එකිනෙකා මුණගැසෙන මොහොත දවසේ ප්‍රියතම හෝරාව බවට පත් විය.
“මට ඕනෑ ඉක්මනින් මෙතැනින් යන්න...”
ජීවිතය විකාරයක් කරගත්තේ තමාගේම මෝඩකම් නිසායැයි කියමින් නාලිනී නාහෙන් ඇඬුවාය.
“කොහොම හරි නඩු දවස එනකම් ඉවසන්න නාලිනී... අපට වෙන කරන්න දෙයක් නෑ. තාත්තා අපට ලෝයර් කෙනෙක් හොයලා තියෙන්නෙ.”
“මොනව උනත් ඒ දවස එනකම් අපට අපි තුන්දෙනා ඉන්නවා. ඒ මදිද?”
“මට නම් හිතෙන්නෙම අපේ නඩුවට කතා කරන්න කලින් එළියෙ වෙනසක් වෙයි. මිනිස්සු ආණ්ඩුව එක්ක තරහෙන් එක එක දේ කරන්න බලාගෙන ඉන්නෙ”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bohemian Deriyo - බොහීමියන් දැරියෝ

  • Rs. 950.00

  • KBOOKS Cashback Rewards: 95

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

America -  ඇමෙරිකා

America - ඇමෙරිකා

නිලංකා කොළඹ ජීවත්වනු, පුද්ගලික සමාගමක සේවය කරණ ලස්සන තරුණියක්....... ප්‍රදීප් අනුරාධපුරයේ ගොවි ..

Rs. 475.00

Anantha Deshaya - අනන්ත දේශය

Anantha Deshaya - අනන්ත දේශය

නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය පුද්ගලයකුගේ දියණියක මුහුණ දෙන අත්දැකීම් වටා ගෙතුණු ..

Rs. 500.00

Rosamalee - රෝසමාලි

Rosamalee - රෝසමාලි

පියෙක් නොදැන, අවිවාහක මවකට දාව ඉපදුණු දැරියක ලෝකය තුළ ඈ මුහුණ දෙන සියලූ අඬු ලූහුඬුකම් හා නින්දා අ..

Rs. 600.00

Gahanu Lamayage Maranaya - ගැහැණු ළමයාගේ මරණය

Gahanu Lamayage Maranaya - ගැහැණු ළමයාගේ මරණය

මංගලා ඇගේ ගර්භනී කාලය තුල මුහුණ දෙන්නට සිදුවන පුද්ගල හා සමාජ ඝට්ටන තුළ මුහුකුරා යන ඇය, තමා ඉදිරියේ..

Rs. 600.00

Niruwath Hadawath - නිරුවත් හදවත්

Niruwath Hadawath - නිරුවත් හදවත්

"ගැනියෙක්ට පුලුවන් තමන්ගේ හැබෑ ආදරය කොතැන ද තියෙන්නෙ කියලා නොදැන ජීවිත කාලයක් ඉදලා මැරිලා යන්න . ..

Rs. 450.00

Wav Pathule Kinduriya - වැව් පතුලේ කිඳුරිය

Wav Pathule Kinduriya - වැව් පතුලේ කිඳුරිය

මම කැමති ලස්සන ගැණු ළමයින්ට.එත් ඊට වැඩියෙන් කැමති පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න ගැණු ළමයින්ට." වින..

Rs. 550.00

Venusge Upatha - වීනස්ගේ උපත

Venusge Upatha - වීනස්ගේ උපත

යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැඳීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැුක ගත් යෞවනියක්....ප..

Rs. 450.00

Yali Upan Gahaniya - යළි උපන් ගැහැණිය

Yali Upan Gahaniya - යළි උපන් ගැහැණිය

" ජීවිතයේ මුලික අරමුණු බිදී විසිරි ගොස්, බලාපොරොත්තු සුන් වූ මොහොතක විශාකා ප්‍රේමය ගවේෂණය කරමින් අනන..

Rs. 390.00

Paradisayaka Daruwoo - පාරාදීසයක දරුවෝ

Paradisayaka Daruwoo - පාරාදීසයක දරුවෝ

" පරම්පරා කිහිපයක අන්තර් මානව සම්බන්ධතා කතුවරිය ඉතා රසවත් අයුරින් නවකතාවට නඟයි."..

Rs. 1,200.00

Kumara Kobeyi - කුමර කොබෙයි

Kumara Kobeyi - කුමර කොබෙයි

"අපි අපේ වටිනාකම් දන්නවා නම් අපිට හේතුවක් නැහැ කාත් එක්ක වත් තරහා ගන්න....කාටවත් කෑ ගහන්න. හරියට අ..

Rs. 680.00

Mage Chikago Hadawatha - මගේ චිකාගෝ හදවත

Mage Chikago Hadawatha - මගේ චිකාගෝ හදවත

කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික ..

Rs. 1,250.00