• Depalu Karana Lada Hadawathaka Chodana Pathraya – දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

කෙටිකතා රචනයේදී තම එකම තරඟකරුවා දෙවියන්වහන්සේ යයි ප්‍රකාශ කරනා මන්ටෝ යනු ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම, එසේම ඉන්දියාව මෙන්ම පකිස්ථානය තුළද අමතක වන්නට ඉඩ හල ලේඛකයා ලෙස සැලකීම වැරදි නැත.
අධිකාරීන් විසින් නොතකා හරින ලද ද පාඨක ලෝකයට ඔහු කෙසේවත් අමතක වන්නේ නැති. ඔහු වනාහී කුරිරු ඉතිහාසයක සාක්ෂිකරුවෙකි, චෝදකයෙකි. ඒ කුරිරු ඉතිහාසයේ නිර්මාපකයන්ට සිය පන්හිඳෙන් සාහිත්‍ය ප්‍රහාරයන් එල්ල කරනා ඔහු අමතක කිරීම බරපතළ අපරාධයක් බව අපට ව්‍යංගයෙන් පවසයි. ඒ අර්ථයෙන් අද අපටද ඔහු ඉතා වැදගත්ය.
ඔබට මේ කතා ඉවසා දරාගන්නට බැරි නම් එහි අරුත සමාජය අප්‍රසන්න බවය. දැනටමත් විහින් නග්නව ඇති සමාජයක සළුපිළි ගලවන්නට මා කවරෙක්ද. මම එය ආවරණය කරන්නට තැත් නොකරමි. එය මගේ කාර්යයද නොවන්නේය. ඒ සන්නාලියන්ගේ කාර්යයි. ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ නම් එහි අරුත ඔබ ජීවත් වන සමාජය කැත බවයි. මගේ කතා තුළින් මම සත්‍යය නිරාවරණය කරමි. එසේම මට මා දැනෙනුයේ සෑම දෙයම කැබලිවලට ඉරා යළි ඒවා එකතු කර මසන්නෙකු මෙනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Depalu Karana Lada Hadawathaka Chodana Pathraya – දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

  • Rs. 1,200.00

  • KBOOKS Cashback Rewards: 120