යාගය හමාරය. එහෙත් එකී යාගය ඉතිරි කර ගිය අහුකොන් කැබලි තාමත් එක එක්කෙනාගේ හිතේය. සුදු මහත්තයාට නම් ඇතුළාන්තයේ ගැටලු තැන් තියා ගෙන මේ සිද්ධීන් එක්ක තවත් ඉස්සරහට යන්න අමාරුය. ඔහු මේ ගැටලු සහගත තැන් ලිහා ගන්නට උත්සාහ කරන්නේ ඒකය.
" මේ ශාන්තිකර්මේ කරන්න කතරගම තෝරා ගත්තෙ ඇයි..? මං මේ අහන්නෙ සාමාන්‍යයෙන් ලංකාවෙ මේ වගේ ශාන්තිකර්මයක් කරන්න ඕන තරම් ගැළපෙන තැන් තියෙනවා... අනුරාධපුරේ, කැලණිය , මහියංගනේ වාගේ ඕනෑ තැනක මේක කරන්න පුළුවන්. අනික ඒ නැතත් තමන්ගෙ පැත්තෙ තියෙන දේවාලෙක , තමන්ගෙ ගේක වුණත් මේක කරන්න පුළුවන්.. ඇයි මෙතනම තෝර ගත්තෙ..?"
සුදු මහත්තයා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේය.
" මට අඳුනෙන් තමා පෙන්නුම් කළේ... අඳුනකින් අවශ්‍ය දේවල් පෙන්නනවනේ.. මට කතරගම් මහ දේවාලෙ තමා පෙන්නුම් කළේ.. ඒකෙන් කියන්නෙ කතරගම් මහ දේවාලෙ ප්‍රධාන කරගෙන ශාන්ති කර්මෙ කරන්ඩ කියලනෙ.. ඇයි පුතා ඒක වරදක්ද?.."
දිසා ගුරුන්නාන්සේ ඇසුවේය.
" නෑ වරදක් නෑ... ශාන්ති කර්මයක් කරන්ඩ විශ්වය එහෙම තැනක් පෙන්නුම් කරනව නම් ඒ පෙන්නන ස්ථානෙයි, කෙරෙන යාගෙයි අතර පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා කියන එක තමා ඒකෙන් කියන්නෙ.."
සුදු මහත්තයා කීවේය.
" ඒ කියන්නෙ ගෞරාධි චූටි නෝනයි එයා වටේ මේ සිද්ධ වෙන දේවලුයි... අර කළුපාට උන්නැහෙයි එක්ක මේ පළතේ මොනාහරි සම්බන්ධයක් තියෙනවා කියන එක නේද..?"
දිසා ගුරුන්නාන්සේ ඇසුවේය.
" හරියට හරි... එහෙම දෙයක් නැත්නම් විශ්වය ඔය සෙත් ශාන්තිය මෙහෙ කරන්න කියන්නෑ... ඒකට මේ අඩවිය එක්ක මොකක් හරි ළඟ සම්බන්ධයක් තියෙනවා.."
සුදු මහත්තයා කල්පනාබරව කීවේය.
" ඉතිං අයියා මට සෝමෙ අන්කල් කිව්වේ අයියට ඕන දෙයක් බලන්න පුළුවන් කියලා... අනාගතේ ගැන උනත් අපිට පේන්නැති ඇත්ත අයියා තෙවෙනි ඇසෙන් බලල දකිනවනේ.. මේ සිද්ධිය ඇයි එහෙම බලලා හොයා ගන්න බැරි..?"
ඒ රුවීනාය.
හොඳම ප්රශ්නය ඇසුවේ ඇය කියා අනෙක් අයට හිතිණ.
" තෙවෙනි ඇස හරි ඒ වගේ යම් පෙනීමක් මනුස්සයෙකුට විශ්වය දීල තියෙනවා නම් ඒ සීමා කරලා නංගී... දකින්න ශක්තිය තිබ්බට තමන්ට ඕන දෙයක් දකින්න පුළුවන් කියලා හිතන්නෙපා නංගී... අපිට සමහර වෙලාවට අපට ඕන කරන දෙයක් තෙවෙනි ඇසින් අරමුණු කරලා බලන්න පුළුවන් තමා.. හැබැයි අපි ඒ ඉල්ලන දේ පෙන්නුම් කරනවද නැද්ද කියන තීරණය තියෙන්නෙ මේ මහා විශ්වය අතේ. අපි පෙන්වන්න කියලා අරමුණු කරන දේ දකින එක අපට සුදුසු නම් , ඒකෙන් අවැඩක් වෙන්නෙ නැත්නම් විශ්වය අපට ඒක පෙන්වනවා... ඒත් ඒක මේ වෙලාවේ බලන්න දකින්න සුදුසු දෙයක් නෙමේ නම් විශ්වය ඒක හංඟල තියනවා... අපි කොයිතරම් ඉල්ලීම් කළත් ඒක අවශ්‍ය වෙලාව එනතුරා පෙන්නුම් කරන් නෑ.."
සුදු මහත්තයා තේරුම් කළේය.
" හරි පුදුමයිනේ.."
චමින්දට නිකම්ම කියවිණ.
" පුදුමයි කියලා හිතෙන්නෙ නොදැන උන් නමුත් ඇත්ත බව දැනගත් දේට.. ඔය පුදුම කියන වචනේ අර්ථය ඒක. අපිත් පුදුමයි කියන වචනෙ නිතර පාවිච්චි කරනවා. ඒත් කවදාවත් ඒකෙ අර්ථය ගැන හිතලා බැලුවද, නෑ නේද..? පුදුමයි කියන්නේ ඒ පුදුම හිතෙන තත්පරේ වෙනකන් නොදැන සිටි යමක්, නමුත් ඒ මොහොතේ යථාර්ථයක් කියලා ප්රත්යක්ෂ කර ගත්තා කියන දේ.. දැන් ඔය චමින්ද අන්කල් පුදුමයි කිව්වේ ඒ මං කියපු කාරණා ටික ඒ මොහොත වෙනකන් නොදැන ඉඳලා ඒ මොහොතේ ඒක ඇත්තනේ කියල තමන්ටම ඔප්පු වෙච්ච නිසා... සමහර වෙලාවට ගොඩාක් ලස්සන , ගොඩාක් විශාල , ගොඩාක් සුවපහසු දේ දැක්කම පුදුමයි කියනවා... ඒ කියන්නේ ඒ වෙනකන් ඒ වගේ දෙයක් දැකල ඉඳල නෑ , නමුත් දකින්න ලැබුණම ඇත්තටම තියෙනවා කියල තේරුණාම පුදුමයි කියල කියවෙනවා.. මායි රාජුයි අතරේ තිබුණ සම්බන්ධෙ දැකපු සමහර අය පුදුමයි කියල නිතර කිව්වා.. ඒ කියන්නේ එයාල මායි රාජුවයි දකිනකන් ඒ වගේ සමීප ඇසුරක් රාජාලියෙකුයි මනුස්සයෙකුයි අතරේ තියෙන්න පුළුවන් කියල දැන ගෙන ඉඳල නෑ.. යම්කිසි විදිහකින් ඒ වගේ දෙයක් අහල තිබුණත් අපිව දකිනකන් ඒක ඇත්තමයි කියල ප්රත්යක්ෂ වෙලා නෑ.. අපිව දැක්කම ඒක ඇත්තක් බව එයාටම ඔප්පු වුණාම 'අනේ පුදුමයි' කියල ඉබේ කියවෙනවා.. ඒ කියන්නේ මිනිස්සු හැම වෙලාවෙම තමන්ට එතෙක් ප්රත්යක්ෂ නොවුණු යමක් යථාර්ථය කියල ප්රත්යක්ෂ වුණාම අන්න ඒ බව අඟවන්න භාවිතා කරන වචනය තමා ඔය පුදුමය කියල කියන්නෙ.."
සුදු මහත්තයා දිගට විස්තර කළේය.
" අනේ හරිම ලස්සනයි අයියා... අපි පාවිච්චි කරන හැම වචනෙකටම ඔය වගේ ලස්සන තේරුමක් තියෙනවද..? "
ගෞරාධි ඇසුවාය.
'අයියා..' ගෞරාධි සුදු මහත්තයා වෙනුවෙන් ඒ නෑකම භාවිතා කළේ පළමු වතාවටය.
" මේ විශ්වය ඇතුළෙ ඕනෑම භාෂාවකින් වචන කියලා පාවිච්චි කෙරෙන්නෙ සිතුවිලි... වචන වලින් බොහෝ විට මිනිස්සුන්ගෙ සිව්තුවිලිම විස්තර කරනවා.. පුද්ගල හෝ ස්ථාන හඳුන්වාදීමේ නාම සහ සිතුවිලි ප්‍රකාශ කරන වචන කියලා භාෂාවේ වචන වර්ග කොටස් දෙකක් තියෙනවා... එයින් මිනිස්සු තමන්ගෙ සිතුවිලි ප්‍රකාශ කරන්න භාවිතා කරන වචන වලට හුඟක් වෙලාවට ඔය වගේ මතුපිටින් නොපෙනෙන ගැඹුරු අර්ථයක් තියෙනවා..."
සුදු මහත්තයා කීවේය.
" ඉතිං ඒක ඇයි අපට පේන්නැත්තෙ..? සුදු මහත්තයට විතරක් පේන්නෙ..?"
චමින්ද වහා ඇසුවේය.
එවර කට ඇරියේ රුවීනාය.
" ඒ ඉතිං ඔයාල සාමාන්‍ය ඇහෙන් විතරක් බලන නිසා. සාමාන්‍ය ඇහෙන් දකින දේ ප්‍රඥා ඇහෙන් දකින් නැති නිසා.. අහන දේ ප්‍රඥා ඇහෙන් විමර්ශනය කරලා පුරුද්දක් නැති නිසා.. ප්‍රඥා ඇහෙන් ඇහුවොත් අහන දේ සාමාන්‍ය අර්ථයට එහා ගිය අර්ථය.. නියම අර්ථය .. යථාර්ථය පේනවා... එහෙම නේද අයියා..? .. මං හරි නේද..?.."
උත්තරය දී අවසන රුවීනා සුදු මහත්තයා දෙසට හැරිණ.
මුලින් මුලින් සුදු මහත්තයා ළඟදී ඔය ප්‍රශ්නයම රුවීනාටත් තිබිණ. එකටම හිඳ ඔහු දකින දේ දැකලත්, එකට එක ළඟම හිඳ ඔහු අසන දේම ඇසිලාත් ඔහු දකින ඒ ඇත්ත, ඒ යථාර්ථය තමන්ට නොපෙනුණේ ඇයි දැයි කියා දුකක් ප්‍රශ්නයක් රුවීනාටත් තිබිණ. එහෙත් රුවීනා කලින්ම එය සුදු මහත්තයාගෙන් අසා දැන පැහැදිලි කර ගත්තාය. අද ඇයට මේ උත්තරය දෙන්න දැනුවත්කම ලැබී තිබුණේ ඒකය. ඇය හරි බව කියන්නට සුදු මහත්තයා හිස ඉහළ පහළ සෙලෙව්වේ සිනා මුහුණකින්ය.
" දැක්කද අයියා ළඟ ඉඳගෙන නංගිත් ඒ පාරෙම යන හැටි.."
අනෝමා කීවේ සතුටිනි.
" ඕකට කියන්නෙ නංගි සත්පුරුෂ ආශ්‍රය කියලා.. නෑකම සහෝදර කම වුණත් ඉන්නෙ සත් පුරුෂයෙක්ගෙ හෙවණෙ හින්දා ඒ ආශ්රයෙන් නිවැරදි පාරෙ ගමන් කරනවා.."
චමින්ද වහා කීවේය.
" දැන් එතකොට සුදු මහත්තයා ඔයි කියන්නෙ මේ අපේ දුවගෙ සිද්ධිය ගැන මොකවත්ම තමන්ට පෙන්නුම් කරන්නෙ නෑය කියලද..?"
මුදිත ඇසුවේය.
ඒ සියල්ලන්ගේ අවධානය නැවත ප්‍රධාන ප්රශ්නය වෙත ගෙන යමිනි.
" මොකවත්ම නෙමේ... දැන ගන්න ඕන සමහර දේවල් පෙන්නන්නෙ නෑ.."
සුදු මහත්තයා අවංකවම කීවේය.
" ඒ කියන්නේ අපට ඒ පැත්තෙන් උදව්වක් ගන්න බැරි වෙයිද..? සුදු මහත්තයට මේ දේවල් කවදාවත්ම පෙන්නුම් කරන එකක් නැති වෙයිද..?
මුදිත විස්සෝප විය.
" දැන් පෙන්නන්නෙ නෑ කියන එකේ තේරුම මේ ඒකට වෙලාව නෙමේ කියනෙක.. මේ විශ්වය ඇතුළෙ තවත් වටිනාම දෙයක් තමා වෙලාව කියන්නෙ.. වෙලාව කියන්නෙ විශ්වයේ බොහෝ දේවල් තීරණය කරන සාධකයක්.. පෙනීමට වුණත් ඒක එහෙමයි.. ඒ බලන්න අරමුණු කරන දේ පෙන්නන්න නියම වෙලාව හරියන වෙලාව මේක නෙමේ වෙන්න පුළුවන්.. අන්න එතකොට අදාළ කාරණය අපි කොයි තරම් අරමුණු කළත් විශ්වය නිහඬවම ඉන්නවා.. සුදුසු වෙලාව එනකම්.. ඒ දේ පෙන්වන්න සුදුසු වෙලාව මේක නම් අපි අරමුණු කළේ නැතත් ඉබේම හරි අපට ඒක පෙන්නනවා.. ඒකයි පෙනීම කියන දේටත් වෙලාව ප්‍රධාන සාධකය වෙන්නෙ... අපි දෙයක් දැන ගන්න උණත් ඒකට නියම වෙලාව එන්න ඕන... මොකද මේ විශ්වයේ බොහෝ දේවල් සෑම තත්පරයකම වෙන්න නියමිතයි... කර්මය මුල් කර ගෙන තමා හැම දේකම වෙලාව අවේලාව හෙවත් විය යුතු වෙලාව... නොවිය යුතු වෙලාව තීරණය වෙන්නෙ.. විශ්වය ඇතුළෙ එක් ක්ෂණයක් වුනත් සංකීර්ණ ක්‍රියා පද්ධතියක්... එකම තත්පරේක කෙනෙක් කර්ම ගෙවන්න උපදිනවා.. ඒ තත්පරේම කෙනෙක් එක් භවයක කර්ම හමාර කරල යනවා.. තව කෙනෙක් ඒ තත්පරය තුළම භව චක්‍රය බිඳලා නිර්වාණ අවබෝධය ලබනවා.. එකම නිමේෂයක මේ වගේ විවිධාකාර දේවල් සිද්ධ වෙන්න පුළුවන්... ඉතිං මං ඉල්ලන දේට නියම වෙලාව එන තුරු මේ සිද්ධියට බලපාන ඉතිරි කර්ම වලට සක්‍රීය වෙන්න ඉඩ හැරලා විශ්වය නිහඬවම ඉන්නවා.. පෙන්නන්නෙම නෑ.. මේක තමා සංසාර චක්‍රයේ ස්වභාවය.. විශ්වයෙ යථාර්ථය.. ප්‍රඥා ඇහෙන් ජීවත් වීම කියන සිද්ධිය දිහා බලා ඉන්නකොට අන්න ඒ දේවල් පේනවා... අවබෝධ වෙන්න පටන් ගන්නවා.."
සුදු මහත්තයා කීවේය. 512pages
Guptha Dadabima - ගුප්ත දඩබිම
- Publisher: Warna Graphics - වර්ණ ග්‍රැෆික්ස්
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Monika Pushpakumari - මොනිකා පුෂ්පකුමාරි
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - New Arrivals - අලුත් පොත්
- ISBN: 9786246103286
- Availability: Available
-
Rs. 1,850.00
- KBOOKS Cashback Rewards: 49
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nadunana Yuwathiya - නාදුනන යුවතිය
'' ඒකනේ සර් . මේ ළමයා අඩුම තරමේ ට්‍රේන් එකට පනින්න කලින් ලියුමක්වත් ලියලා නැහැනේ. '''' මේ සිද්ධියේ ස..
Rs. 540.00
Dewala Duwa - දේවාල දුව
හොඳ නරක දෙකටම අයිති බලවත් ශක්තීන් විශ්වයේ තියෙනවා. ඒක තමා විශ්වයේ පැවැත්ම. ..
Rs. 590.00
Husmak Tharam - හුස්මක් තරම්
උදම් පාසලටම උන්න හැඩකාරයා .. දඟකාරයා. ඒ විතරක් නෙමේ. පාසලේම උන්න දඩබ්බරයත් උදම් තමා... හැබැයි ඒ කොලු..
Rs. 650.00
Duvili Baloli - දූවිලි බාලොලි
ඉවසන්න අමාරු මොහොතේ පවා ඉවසපු මිනිස්සුන්ට තමා ජීවිතේ සුන්දර කාලේ මුණගැහෙන්නේ නංගි ..
Rs. 590.00
Vandi Mudala - වන්දි මුදල
දුවන්ඩ එපා.. වෙඩි තියෙනවා. ඔහොම නතරවෙයන්.. විනුදිත් නිසලිත් තිගැස්සී හැරී බැලුවේ ඒ හඬටය . ..
Rs. 540.00
Thotupala Nihadayi - තොටුපළ නිහඩයි
ඩග්ලස් ගගට බැස්සේ වැලි කුඩ දෙකක් ගොඩදාගන්නය .බකිනිලන්ද තොටුපළට මහින් ගන් දියේ කිමිදී වැලි කුඩය පුරවම..
Rs. 720.00
Prabhathaya - ප්‍රභාතය
අනෝරාව පටන් ගත්තේ මහරැයේය.ගල්කැටවාගේ පොල්අතු වහලයට වැටෙන වැහිබිඳුවල හඬට ගෙයි ඇතුල් කාමරයේ නිදා උන් ග..
Rs. 1,800.00
Nisala Nethra 2 - නිසල නේත්‍රා 2
මන් දැන් ලස්සන හීනෙක ජීවත් වෙනවා මතීෂ. ඒ හීනෙන් ඇහැරෙන්න මන් කැමති නෑ. උඹ දන්නවද ඇස් දෙක පේන්නැතුවම ..
Rs. 1,400.00