• Handanu Pembara Deshaya - හඬනු පෙම්බර දේශය

හඬනු පෙම්බර දේශය
( Cry, the beloved Country - Alan Paton )
- මාලිනී ගෝවින්නගේ

හඬනු පෙම්බර දේශය’ යනු 'Cry, the beloved Country' කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙය වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප‍්‍රිකානු ලේඛකයකු විසින් ලියන ලද මුල්ම කෘතිය සේ සැලකේ. වර්ණභේදවාදයට එරෙහිව ඇරඹුණු දකුණු අප‍්‍රිකානු නිදහස් අරගලයේ ප‍්‍රධාන නියමුවන්ට එරෙහිව පැවැති නඩු විභාගයේ දී නෙල්සන් මැන්ඩෙලා ප‍්‍රධාන චූදිතයන්ට පැන වූ ජීවිතාන්ත සිරදඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ කිහිපදෙනා අතර මේ පොතෙහි කතුවර ඇලන් පේටන් ද සිටියේ ය. වර්ගවාදය මිනිස් සමාජය තුළ ඇති කරන අසමානත්වය, උනුන් කෙරෙහි උත්පාදනය කරන බිය, දරිද්‍රතාව හා අපරාධ යන විෂම තත්ත්වයන් පිළිබඳ අපක්ෂපාත හා විෂයබද්ධ විවරණයක් Cry, the beloved Country කෘතිය පාඨකයා හමුවේ තබයි. ඇමෙරිකාවේදී හා බි‍්‍රතාන්‍යයේදී මුලින්ම ප‍්‍රකාශයට පත්කරන ලද මෙම කෘතිය සිංහලයට පරිවර්තනය කර ඇත්තේ ලේඛිකා මාලිනී ගෝවින්නගේ මහත්මිය විසිනි. ‘‘මා මෙහි පැමිණියේ එය මගේ යුතුකම ලෙස මට හැගුණු නිසා යි. එසේම මම මගේ දේශයට ආදරය කරන්නෙක් බැවිනු යි.’’ සිය ප‍්‍රකාශය අරඹමින් පේටන් උසාවිය හමුවේ කියා සිටියේ ය. ඉන්පසු ඔහුට විනිශ්චයකරු විසින් එල්ලකරන ලද කර්කෂ හා දීර්ඝ හරස් ප‍්‍රශ්නාවලියකට පිළිතුරු දීමට සිදු විය. වර්ණවාදයට එරෙහි ක‍්‍රියාවාදියෙකු වූ හෙයින් රජයේ විවිධ කෙණෙහිලිවලට පේටන් ලක්විය. ඔහුට එරෙහිව 1960 දී උපත ලද ඇලන් ස්ටුවට් පේටන් සරසවි අධ්‍යාපනයෙන් පසු ඉකොපෝ නම් කුඩා ගම්මානයෙහි පාසලේ ගුරුවෘත්තියෙහි යෙදුණේ ය. හඬනු පෙම්බර දේශය කෘතියට පසුබිම් වන්නේ මේ ගම සම්බන්ධව ඇති කථාන්තරයයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Handanu Pembara Deshaya - හඬනු පෙම්බර දේශය

  • Rs. 950.00

  • KBOOKS Cashback Rewards: 65

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kadadahi Gedara - කඩදහි ගෙදර

Kadadahi Gedara - කඩදහි ගෙදර

කතාව ආරම්භ වන්නේ කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්‍යවරියක් වන බ්ලුමාගේ මරණයෙනි. ඇය එමිලි ඩිකින්සන් ඇමරික..

Rs. 275.00

Rala - රළ

Rala - රළ

ශී‍්‍ර ලංකාවේ සුනාමි ඛේදවාචකය පදනම් කරගෙන විදේශීය ලේඛිකාවක් විසින් ලියන ලද ජනපි‍්‍රය කෘතියක සිංහල පර..

Rs. 450.00