• Lowatama Rahasin - ලොවටම රහසින්

වෙනදා වගේ ඉඹින්න හදිස්සියක් මගේ හිතට ආවෙත් නෑ.... මම හිතන් හිටියට කවදා හරි එයාගේ රස බලනවා කියලා, පුදුමයකට වගේ ඒ වෙලාවේ මට ඕන වුණේ නෑ එහෙම කරන්න. මට ඕන වුණේ නෑ එයාව පෙරළගන්න, බිම දාගන්න, එයාව විඳින්නවත් මට ඕන වුණේ නෑ. මට ඕන වුණේ... එයාව සනසන්න... එයාව නිවන්න.... එයාගේ පිච්චෙන්න වගේ ඇවිලෙන, ආත්මය මගේ ආත්මය එක්ක පටලගන්නයි මට ඕන වුණේ. එයාගෙ කම්මුල ලස්සනට අතගාන්න හිතුණා, ඒ තොල් දෙකට වඩා මට ඕන වුණේ ඒ නළල ඉඹින්න... මෙතන ඉන්න උන්ගෙන් එයාව ඈත් කරලා මගේ පපුවට ගන්න ඔන වුණා. මගේ පපුවේ හංග ගන්න ඕන වුණා... හැමෝගෙම ඇස් වලින් දුරකට එයාව ගෙනියන්න ඕන වුණා.. එක හරිම පිවිතුරු හැඟීමක් . රාගයක් ගෑවිලාවත් නෑ...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha