• Iban Battutage Lanka Gamana - ඉබන් බතූතාගේ ලංකා ගමන

     මහාවාර්ගික ජනසමාජයකින් සුසැදි ලංකා නම් විස්මිත දේශයේ සැරිසැරූ ඉබන් බතුතාගේ අපූර්ව චාරිකා සටහන්

කීර්තිමත් මොරෙක්කානු උගතෙකු වූ ඉබන් බතූතා මධ්‍යකාලීන යුගයේ දේශාටනයේ යෙදුණු මාකො පෝලේ ඇතුළු අන් සියලූ දේශ ගවේෂකයන්ට වැඩියෙන් රට රටවල් කරා සංචාරය කර ඇති බවට ප‍්‍රසිද්ධියක් උසුලයි.
පුත්තලම ප‍්‍රදේශයේ ඉබන් බතූතා නමින් වූ දැළි කුණු වැකුණු මාර්ග සංඥ පුවරුවක් දැකීමෙන් එ් ඔස්සේ කරුණු හාරා අවුස්සා බැලීමට අමීනා හුසේන් නම් ලේඛිකාව තුළ පෙළඹවීමක් ඇතිවේ. එකල ලංකා හෝ සෙරන්ඞීබ් නමින් පතළ දේශයේ ඉබන් බතුතා ආගිය තැන් යැයි අනුමාන කළ හැකි දිශානතිය ඔස්සේ ඇගේ ගමන ඇරඹෙන්නේ එ් අනුවය.
මුතුපර ගහන වයඹදිග මුහුදු තීරයෙන් පටන්ගෙන ලංකාවේ පූජනීය ගිරි සිරස ලෙස ප‍්‍රකට සිරිපාදය හරහා පහතරට දෙවිනුවර අත්‍යලංකාර දේවාලය පසු කර එද්දී බ‍්‍රාහ්මණ වංශික පූජකවරුන්ගේ ආශීර්වාද ලැබ හා නාට්‍යාංගනාවන්ගේ රැුඟුම් දැක බලා පීත්ත පටියක් සේ දිගින් දිගට දිවෙන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ඇය කොළඹට ළඟා වෙයි. ඉබන් බතූතාගේ ගමන් මඟ සෙවූ ඈ පෙරළා නවතින්නේ තමා ගමනාරම්භ කළ පුත්තලමේදී ය.
ලේඛිකාවගේ මේ චාරිකාවේ දී ඉබන් බතූතා පිළිබඳ මතක ශේෂයන් රැුගත් බොහෝ දෙනෙකු හමු වී ඇත.
මේ දේශගවේෂකයාගේ ලංකාගමන පිළිබඳව ගොඩනැඟී තිබූ මිථ්‍යාවන් හා පුරාවෘත්තයන් රැුසක් යථාර්ථය හෙළි කර ගැනීමට කතුවරිය මෙහිදී සමත් වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nobodies To Somebodies

Nobodies To Somebodies

The Rise of the Colonial Bourgeoisie in Sri Lanka...

Rs. 1,500.00

Ibn Battuta In Sri Lanka

Ibn Battuta In Sri Lanka

The fabled Moroccan Scholar Ibn Battuta is reputed to have travelled further through the medieval wo..

Rs. 1,500.00

Thaththage Parapura Hewath Kolaniye Nayo - තාත්තාගේ පරපුර හෙවත් කොලනියේ නෑයෝ

Thaththage Parapura Hewath Kolaniye Nayo - තාත්තාගේ පරපුර හෙවත් කොලනියේ නෑයෝ

කන්තලේ කොලනියක ඉපිද, එහිම හැදී වැඩී ජීවත් වන උපනන්ද වැලිකලයන් තම ජීවන අත්දැකීම් ඇසුරින් රචිත 'තාත්තා..

Rs. 1,200.00