‘ඉකිගායි’ නමැති මෙම පොත ජපන් ජාතික කෙන් මොගි විසින් රචනා කරනු ලැබ ඇති ඉකිගායි ’ නමැති ග්‍රන්ථයේ පරිවර්තනයකි.
අප ජපානය යන නමින් හඳුන්වනු ලබන දේශයට ජපන් භාෂාවෙන් කියන්නේ ‘නිහොන්’ යනුවෙනි. එහි අර්ථය වන්නේ ‛නැගෙන හිරු’ යන්නය. පළමුවෙන් හිරු පායන විශාල දේශයක් වන්නේ ජපානයය.
ජපානය සංවර්ධිත රාජ්‍යයක් වෙයි. එහෙත් එය අනිකුත් සංවර්ධිත රටවල පවත්නා ලක්‍ෂණවලින් තොර රටක් වෙයි. ජපානයේ ධනවතුන් සිටිය ද ප්‍රභූන් ඇත්තේ නැත. අධිරාජයෙකු සිටියත් රටේ පාලනයට ඔහුගේ බලපෑමක් නැත.
මේ පොතෙන් කියැවෙන්නේ ජපානයේ සංස්කෘතිය ගැනයි. එයිනුත් ඉකිගායි නමැති සංස්කෘතික පැතිකඩක් පිළිබඳවය. ඉකිගායි යන්නේ අදහස වන්නේ 'ජීවන පිළිවෙතක්’ යන්නය. සතුටෙන් ජීවත්වීමට පිළිපැදිය යුතු ජීවන පිළිවෙතය.
ජපන් නොගියත් ගියා වගෙයි යන්නෙන් අදහස් වන තවත් අර්ථයක් ද ඇත. එය ඉකිගායි ජීවන පිළිවෙත යන්නට අමතර යමකි. මේ පොත ජපන් දේශය හඳුන්වා දෙන්නක් ද වෙයි. මෙය කියවූ විට ඔබට එය මනාව වැටහෙනු ඇත
ජපන් සංස්කෘතියේ පදනම වැටී ඇත්තේ ‘ෂින්ටො’ නමැති ඇදහිලි සමුදායක් මත වෙයි. ඊට අමතරව කොන්ෆියුසියස් දහමත්, බුදු දහමත් යම් පමණකට බලපෑමක් කොට ඇත. ඒ නිසා මෙහි සඳහන් ඇතැම් කරුණු අපට පහසුවෙන් අවබෝධ කර ගත හැක.
Ikigai Sathutin Jeewath Weeme Japan Rahas - ඉකිගායි සතුටින් දිගුකල් ජීවත් වීමේ ජපන් රහස්
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Sirisena Rathnayake - සිරිසේන රත්නායක
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246593209
- Availability: Available
-
Rs. 700.00

