• Lavana - ලවානා
ඉතාමත් කෙටි කලකදී ශ‍්‍රීලාංකීය පාඨකයින් තුළද ඉමහත් ජනප‍්‍රියත්වයට පත් ශානර කීපයකටම අයිිති වෙන The Lunar Chronicles නැත්නම් චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාව ලොව පුරා ඉතාමත් ප‍්‍රසිද්ධ පොත් පෙළකි. විශේෂයෙන්ම ෆැන්ටසි හා විද්‍යා ප‍්‍රබන්ධ ශානරවලට කැමැත්තක් දක්වන අය මෙම පොත්වලට ආදරය කරති. චන්ද්‍ර පුරාවෘත්ත මෑත කාලයේ රචනා වුණු, සුරංගනා කතා නැවත කීමේ න්‍යාය අනුග මනය කර සාර්ථක වූ පොත් පෙළක් ද වෙයි. මෙම පොත් මාලාවේ Cinder, Scarlet, Cress, Fairest: Levana’s Story සහ Winter නමිත් නවකතා පහක් ඇත.

චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ හතර වෙනි පොත ‘ලවානා’ ප‍්‍රකාශයට පත් වන්නේ 2015 වසරේදීය. හතර වෙනි ලෝක යුද්ධයක් ඇති වීමෙන් පසු එළඹුණු අනාගත ලෝකයක දිග හැරෙන එම කතාව සින්ඩර් නවකතාවෙන් ඇරඹෙන චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ සිදුවීම්වලට වඩා අවුරුදු දහයකට පමණ පෙර වූ සිදුවීම් පෙළක් ඔබට ඉදිරිපත් කරයි. එනම්, එය චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ එන කතාවට පෙර සිදු වූ කතාවක් ඉදිරිපත් කරන නවකතාවකි, ඉංග‍්‍රීසියෙන් prequel යනුවෙන් හඳුන්වන කතාවකි. කතුවරිය මෙවැනි කතාවක් රචනා කරන්නේ චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ දුෂ්ටයාගේ චරිතය දරන ලවානා රැුජනගේ කතාව කීමටයි. කතුවරියට අනුව ලවානාගේ චරිතයSnow White and the Seven Dwarves සුරංගනා කතාවේ ඉන්නා නපුරු රැුජනගේ චරිතය මත පදනම් වී ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Cinder - සින්ඩර්

Cinder - සින්ඩර්

    "මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."  &nbs..

Rs. 2,000.00

Scarlet - ස්කාලට්

Scarlet - ස්කාලට්

    මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."   ..

Rs. 975.00

Cress - ක්‍රෙස්

Cress - ක්‍රෙස්

   "චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට කි‍්..

Rs. 1,250.00

Winter - වින්ටර්

Winter - වින්ටර්

ශානර කීපයකටම අයත් වෙන The Lunar Chronicles නැත්නම් චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාව ඉතාමත් ප‍්‍රසිද්ධ ප..

Rs. 1,600.00

Sirakariya - සිරකාරිය

Sirakariya - සිරකාරිය

මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුද..

Rs. 2,300.00

Wil Thera Niwahana - විල් තෙර නිවහන

Wil Thera Niwahana - විල් තෙර නිවහන

අත්හැර දැමූ නිවෙසක්...1933 ජුනි මස, දහසය හැවිරිදි ඇලිස් එඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත..

Rs. 2,700.00