• Lotharayiya Saha Thawath Ketikatha - ලොතරැයිය සහ තවත් කෙටිකතා

ලොතරැයිය සහ තවත් කෙටිකතා
THE LOTTERY AND OTHER STORIES
පරිවර්තනය රශ්මික මණ්ඩාවල
Translation Rashmika Mandavala
නුතන විශ්ව සාහිත්‍යය කෙටිකතා
Modern World Literature Short stories

පුතා,

අපි හුඟ කාලෙකින් කතාකරලා නැහැ. මම ඔයාව අල්ලන්න හදනකොට ඔයාට හුඟක් තරහා යන නිසා මට බයයි. සමහරවිට මට දැනෙන මේ වේදනාව හුඟක් බරපතළ එකක් කියලා මට සමහර වෙලාවට හිතෙනවා. ඉතින් මම තීරණය කළා ඔයාට ලියන්න ඔ්න කියලා. මම ඔයා ගොඩක් කැමති, මම ඔයාට හදලා දුන්න කඩදාසි සත්තු ඇතුළෙ ලියනවා.

මම හුස්ම ගන්න එක නැවැත්තුවට පස්සේ සත්තු ඇවිදින එක නවතියි. ඒත් මම මගේ මුළු හදවතින්ම ඔයාට ලිවුවොත්, මට මේ වචනවල, මගෙන් ටිකක් තියන්න පුළුවන් වෙයි මේ කොළෙන් එහාට යන. ඊටපස්සේ ඔයා ක්විංමිං දවසෙ මං ගැන හිතුවොත්, බැහැර වූ ආත්මවලට තමන්ගේ පවුල් වෙත යන්න අවසර ලැබෙන වෙලාවේ, මම ඔයා ගාව තියලා යන මගේ කොටස් ආපහු ජීවත් කරන්න අවස්ථාව ලැබෙනවා. මම ඔයාට හදලා දුන්න සත්තු ආයෙම දුවන්න පනින්න දඟලන්න පටන් ගනී. සමහරවිට මේ වචන ඒතකොට ඔයාට කියවන්න ලැබෙයි.

මට මගේ හදවතින්ම ලියන්න ඔ්න නිසා මට චීන බාසාවෙන් ලියන්න වෙනවා. මෙච්චර කාලෙකට මම ඔයාට මගේ ජීවිත කතාව කියලා නැහැ. ඔයා පුංචි කාලෙදි මම හිතුවා ඔයා ලොකු වුණාම කියනවා, ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් ඒ වයසෙදි කියලා. කොහොම වුණත් ඒ අවස්ථාව කවදාවත් ආවේ නෑ.
මම හෙබෙයි ප්‍රාන්තේ සිගුලු කියන ගමේ ඉපදුණේ 1957 දී. ඔයාගේ අත්තම්මයි, සීයයි හරිම දුප්පත් ගොවි පවුලකින් පැවත ආපු අය. එයාලට ඥාතියො හිටියෙත් ටික දෙනයි. මම ඉපදිලා අවුරුදු කීපෙකට පස්සේ චීනෙට විශාල සාගතයක් ආවා. ඒකෙන් මිලියන තිහක් මිනිස්සු මැරුණා. මට තියෙන මුල්ම මතකය තමයි මගේ අම්මා ජරාව කාලා එයාගෙ බඩ පුරවගෙන අන්තිම පිටි ටිකත් මට තියපු හැටි.

ඊට කාලෙකට පස්සේ හැමදේම ටිකක් යහපත් අතට හැරුණා. සිගුලු ප්‍රසිද්ධ වෙලා තිබුණෙ ෂෙෂි කියන කඩදාසි අත්කම්වලට. මගේ අම්මා මට ඉගැන්නුවා කඩදාසි සත්තු හදලා ඒවට ජීවිතය දෙන හැටි. මේක ගම්වල ජීවිතේ තියෙන ප්‍රායෝගික මායාවක්. කෙත්වතුවලින් තණකොළ පෙත්තෝ ඒළවන්න අපි කඩදාසි කුරුල්ලො හදනවා. කඩදාසි කොටියෝ මීයො පන්නනවා. චීන නව වසරට මමයි මගේ යාලුවොයි රතුපාට කඩදාසි මකරු හදනවා. ගෙවුණු අවුරුද්දේ සේරම අමිහිරි මතකයන් බය කරන රතිඤ්ඤා වැල් අල්ලාගෙන අහස පුරා මේ කඩදාසි මකරු එහා මෙහා යන දර්ශනය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔයා ඒකට පුදුම තරම් ආස වෙයි.

ඊට පස්සේ 1966 සංස්කෘතිව විප්ලවය ආවා.

අසල්වැසියෝ අසල්වැසියන්ට විරුද්ධ වුණා. සහෝදරයො සහෝදරයන්ට විරුද්ධ වුණා. මගේ අම්මාගේ මල්ලි, මගේ මාමා 1946 දී හොංකොංවලට ගිහින් වෙළෙන්දෙක් වුණ බව කාට හරි මතක් වෙලා තිබුණා. හොංකොංවල ඥාතියෙක් ඉන්නවා කියන්නේ අපි ඔත්තුකාරයෝ, මිනිස්සුන්ගේ හතුරෙක් බවට පත්වුණා. අපිට හැමවිදියෙන්ම අරගල කරන්න වුණා. ඔයාගෙ දුප්පත් ආත්තම්මා - මේ චෝදනා දරාගන්න බැරිව එයා ළිඳකට පැන්නා. ඉන්පස්සේ, දඩයම් තුවක්කු තියාගෙන හිටපු කොල්ලෝ ටිකක් ඔයාගේ සීයව කැළේට ඇඳගෙන ගියා. එයා කවදාවත් ආපහු ආවේ නැහැ.

මම අවුරුදු දහයක අනාථ දැරියක් වුණා. මට හිටපු එකම ඥාතියා වුණේ හොංකොංවල හිටපු මාමා. දවසක් රෑ මම හොරෙන් පැනලා ගිහින් දකුණ බලා යන බඩු කෝච්චියකට ගොඩ වුණා. ගුවාන්ඩොං ප්‍රානත්තෙදි, දවස් කීපෙකට පස්සේ, හේනකින් කෑම හොරකං කරනකොට මාව අල්ල ගත්තා. මම හොංකොං යන්න හදනවා කියලා අහලා ඒ අය හිනාවුණා. “අද ඔයාගෙ වාසනාවන්ත දවස. අපේ වෙළඳාම තමයි හොංකොංවලට කෙල්ලන්ව අරගෙන යන එක.“

ඔවුන් මාව ට්‍රක් එකක පහළ හංගගෙන අනිත් කෙල්ලන් එක්ක අපිව දේශසීමාවෙන් එපිටට හොරෙන් අරන් ගියා. අපිව පාතම මාලෙට එක්කගෙන ගිහින් ගැනුම්කරුවන්ට පේන්න සෞඛ්‍යසම්පන්න හරි බුද්ධිමත් විදියට හරි ඉන්න ඔ්න කියලා කිවුවා. අපි කාව හරි ‘හදාගන්න’ බලාගෙන ආපු, පවුල් ගබඩාවට ගාණක් දීලා බලන්න ආවා.

චින් පවුල මාව තෝරගතා එයාලගේ පිරිමි ළමයි දෙන්නව බලාගන්න. මම හැමදාම උදේ හතරට නැගිට්ටේ උදේ කෑම හදන්න. මම ළමයි දෙන්නට කවලා නෑවුවා. කඩේ ගියා කෑම ගේන්න. මම රෙදි හේදුවා, බිම මැද්දා. ළමයින්ගේ පස්සෙන් ගිහින් එයාලා කියපු දේවල් කළා. රෑට මාව කුස්සියේ තිබුණ කබඩ් එකකට දාලා වහලා තමයි නිදියන්න දුන්නේ. මම හෙමින් වැඩ කළොත් හරි වැරැදුනොත් හරි ගුටි කෑවා. කොල්ලො දෙන්නා වැරැද්දක් කළත් මම ගුටි කෑවා. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා අහු වුණොත් ඒකටත් ගුටි කෑවා.

“උඹ මොකටද ඉංග්‍රීසි ඉගෙන ගන්නේ?” චින් මහත්තයා ඇහුවා. “උඹට පොලීසියට යන්න ඕනද? අපි පොලීසියට කියන්නම් උඹ චීනෙන් හොරෙං හොංකොංවලට ඇවිත් කියලා. උං කැමති වෙයි උඹව හිරේ තියාගන්න.”

අවුරුදු හයක් මම මේ විදියට ජීවත් වුණා. දවසක්, මාකට් එකේ මාළු විකුණපු වයසක ගෑණු කෙනා මාව පැත්තකට අරන් ගියා. “මම දන්නවා උඹ වගේ ගෑනු ළමයි. උඹේ වයස කීයද දැන්, දාසයයි? දවසක, තමුන්ව අයිති මිනිහා වෙරි වෙයි. මිනිහා තමුන් දිහා බලලා උගේ පැත්තට ඇද ගනියි. උඹට බැහැ ඌව නවත්තන්න. ගෑනි දැනගත්තම, උඹට හිතෙයි අපායට ආවා කියලා. උඹ මේ ජීවිතෙන් ඈත් වෙන්න ඕන. මම දන්නවා උදවු කරන්න පුළුවන් කෙනෙක්.”

එයා මට කිවුවා ආසියානු බිරියන් හොයන ඇමරිකානුවන් ගැන. මට උයන්න, පිරිසිදු කරන්න, මගේ ඇමරිකන් සැමියව බලාගන්න පුළුවන් නම් එයා මට හොඳ ජීවිතයක් දෙයි කිවුවා. මට තිබුණ එකම බලාපොරොත්තුව එච්චරයි. අන්න එහෙමයි මම ඒ බොරු ගොඩක් එක්ක නාමාවලියට ඇතුල් වෙලා ඔයාගෙ තාත්තව හමුවුණේ. ඒක ගෙඩක් ආදරණීය කතාවක් නෙමෙයි. ඒත් ඒක මගේ කතාව. කනෙක්ටිකට් වල නාගරික ජීවිතේ මම හුදෙකලා වුණා. ඔයාගෙ තාත්තා මට හුඟක් කරුණාවෙන් ආදරයෙන් සැලකුවා. මම එයාට ඒකට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒත් කවුරුවත් මාව වටහා ගත්තේ නැහැ. මම මුකුත්ම තේරුම් ගත්තෙත් නැහැ.

ඒත් ඊට පස්සේ ඔයා ඉපදුණා! ඔයාගෙ මූණට එබිලා බලද්දි ඒ මූණේ මගේ අම්මගෙයි තාත්තගෙයි, මගෙයි ලකුණු දැකලා මම ගොඩක් සතුටු වුණා. මට මගේ මුළු පවුලම, සිගුලු ගමම, මම දැනගෙන හිටපු සහ ආදරය කරපු හැමදේම නැති වුණා. ඒත් එකපාරම මෙන්න ඔයා. ඒ හැමෝම ඇත්තක් කියලා කියන්න තිබ්බ සාක්ෂිය ඔයාගෙ මූණ. මම කතා ගෙතුවා නෙමෙයි.
දැන් මට කතාකරන්න කෙනෙක් හිටියා. මම ඔයාට මගේ භාෂාව උගන්නනවා. අපිට පුළුවන් මම ආදරය කරපු, නැතිවුණ හැමදේකම පුංචි කෑලි අපිට එකතු වෙලා ආපහු හදන්න පුළුවන්. ඔයා මුලින්ම චීන භාෂාවෙන් වචන කියපු වෙලාවේ, මගේ අම්මගෙයි මගෙයි උච්චාරණය මට ඇහුණා. මම පැය ගාණක් ඇඬුවා. මම මුලින්ම ෂෙයිෂි සත්තු ඔයාට හදලා දුන්න වෙලාවේ ඔයා හිනාවුණා. මට දැනුණා මේ ලෝකේ දැන් වදවෙන්න දෙයක් නැහැ කියලා.

ඔයා ටිකෙන් ටික ලොකු වුණා. දැන් ඔයාට පුළුවන් මටයි ඔයාගෙ තාත්තටයි එකිනෙකාට කතා කරන්න උදවු කරන්න. මට දැන් තමයි ඇත්තටම ගෙදර ඉන්නවා වගේ දැනුණෙ. අන්තිමට මට හොඳ ජීවිතයක් ලැබුණා. මම ප්‍රාර්ථනා කලා මගේ අම්මයි තාත්තයි මෙහේ හිටියනම් කියලා. මම එයාලට කන්න උයලා දෙනවා. හොඳ ජීවිතයක් දෙනවා. ඒත් මගේ දෙමව්පියෝ මේ ලෝකේ අතෑරලා ගිහින් ඉවරයි එතකොට. ඔයා දන්නවද මේ ලෝකේ චීන ජාතිකයෙක්ට තියෙන දුක්බරම හැඟීම මොකක්ද කියලා ඔයා දන්නවද? දරුවෙක්ට තමන්ගේ දෙමාපියන් රැකබලාගැනීම කියන හැඟීම දැනෙන්නේ ඔවුන් මේ ලෝකෙන් ගිහින් හුඟ කාලෙකට පස්සේ.

පුතා, මම දන්නවා ඔයා ඔයාගෙ චීන ඇස්වලට, ඔයාට ලැබුණ මගේ ඇස්වලට කැමති නැහැ කියලා. මම දන්නවා ඔයා ඔයාගෙ කොණ්ඩෙට, ඔයාට ලැබුණ මගේ කොණ්ඩෙට කැමති නැහැ කියලා.

ඒත් ඔයාගෙ පැවැත්ම මට කොච්චර සතුටක් ගෙනත් දුන්නද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්ද? ඔයා මට චීන භාෂාවෙන් කතාකරන්න නොදී, මාත් එක්ක කතා කරන එක නැවැත්තුවම මට දැනුණ හැඟීම ඔයාට වටහා ගන්න පුළුවන්ද? මට දැනුණා හැමදේම ආපහු නැතිවෙන්න යනවා යනවා කියලා. ඇයි පුතේ ඔයාට මාත් එක්ක කතා කරන්න ඕන නැත්තේ? මේ වේදනාව නිසා ලියන්න අමාරුයි.

කෙන් ලියූ ගේ The Paper Menagerie කෙටි කතාවෙන් උපුටා ගත් කොටසකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Lotharayiya Saha Thawath Ketikatha - ලොතරැයිය සහ තවත් කෙටිකතා

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Maranaye Rala Naguma - මරණයේ රළ නැගුම

Maranaye Rala Naguma - මරණයේ රළ නැගුම

චෙක් ජනරජයට මාඉම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩු..

Rs. 620.00

Chinayata Mandagami Bottuwakin - චීනයට මන්දගාමී බෝට්ටුවකින්

Chinayata Mandagami Bottuwakin - චීනයට මන්දගාමී බෝට්ටුවකින්

මම චීනය ගැන දුසිම් ගණන් පොත් , පුරාවෘත්ත වල සිට රතු තරුව දක්වා සියල්ලම කියවා ඇත්තෙමි. චීනය ගැන මට සො..

Rs. 450.00

Monalisage Misara Gamana - මොනාලිසගේ මිසර ගමන

Monalisage Misara Gamana - මොනාලිසගේ මිසර ගමන

" මිනිහා දවසක් මේ කාන්තාර පාරේ ගිහින් තියෙනවා. මගදී මිනිහට රට ඉදි කන්න හිතුනලු. ගෙදර කොච්චර රට ඉදි ත..

Rs. 350.00

Kolamba Ganikavo - කොළඹ ගණිකාවෝ

Kolamba Ganikavo - කොළඹ ගණිකාවෝ

සු..නේ..ත්‍රා  වික්‍රමසිංහ.. නෝනා වගේම ලස්සන නමක්..සුනේත්‍රා කියන්නේ ලස්සන ඇස් ඇති කාන්තාව කියන..

Rs. 750.00

Poddi - පොඩ්ඩි

Poddi - පොඩ්ඩි

" හිර ගෙවල් ඇතුළෙ ගෑනු අපි විඳින දුක් කන්දරාව කොයිතරම් ද කියලා ඔයාලා හරියට ම දන්නවනම් හිර ගෙයක් ළඟි..

Rs. 800.00