• Manju Maranaya Ha Smaranaya - මංජු මරණය හා ස්මරණය
මංජු
ජීවිතයත් මරණයත් අතර බැඳීම පිළිබඳ නිර්මාණයක්...
මෙය කැත්ලීන් ජයවර්ධනගේ අලූත්ම සාහිත්‍ය නිර්මාණය වන ‘මංජු’ පිළිබඳ විචාරයක් නොවේ. මගේ අරමුණ වී ඇත්තේ මෙම කෘතිය කියවා මා තුළ ජනිත වූ ධාරණා කිහිපයක් පාඨකයා සමග බෙදාහදා ගැනීම ය.
‘මංජු’, මරණය ජීවිතය ඇතුළෙහිත්, ජීවිතය මරණය ඇතුළෙහිත් ක‍්‍රියාත්මක වන අයුරු මැනවින් විදහා දක්වයි. මෙය නවකතාවකි; එහෙත් මෙය සාම්ප‍්‍රදායික නවකතා ක්‍ෂේත‍්‍රය ඉක්මවා යන්නකි. මෙම කෘතියෙහි මුළු මහත් ජීව ලෝකය හා අනුබද්ධ අර්ථ ගම්භීරත්වයක් පැතිර ඇත. නවකතාව රචනා කිරීමේදී කැත්ලීන් ජයවර්ධන විසින් උපයෝගී කර ගන්නා ලද ව්‍යක්ත භාෂා ශෛලිය ඇයගේ අභිමතාර්ථ සාධනයට ඉවහල් වේ.
‘මංජු’ නවකතාවෙහි සන්දර්භය සිංහල පාඨකයාට එතරම් හුරුපුරුදු එකක් නොවේ. බටහිර සාහිත්‍යයෙහි නම් මෙබඳු කෘති වරින්වර දැකගත හැකි ය. උදාහරණයක් වශයෙන් විශිෂ්ටතම අමෙරිකානු නවකතාවක් වන හර්මන් මෙල්විල්ගේ ‘මෝබි ඩික්’ යන කෘතිය සලකා බලමු. මෙහි මුඛ්‍ය ආඛ්‍යානයට අමතරව තල්මසුන්ගේ ජීවිතය පිළිබඳවත්, ඔවුන් වටා ගොඩ නැගී ඇති කර්මාන්ත පිළිබඳවත් අති දීර්ඝ විස්තර ඇතුළත්ව තිබේ. අබාධිතව ගලා යන එකිකෘත ආඛ්‍යානයට පුරුදු වූ පාඨකයන්ට මෙම විස්තෘත සන්දර්භය අමුත්තක් ලෙස පෙනෙනු ඇත.
‘මංජු’ දාර්ශනික චින්තනයට නැඹුරු වූ පාඨකයාගේ කල්පනා ශක්තිය තීව‍්‍ර කිරීමට යත්න දරන ගද්‍ය ප‍්‍රබන්ධයකි. බුදුදහමෙහි අන්තර්ගත ඇතැම් මත සංකල්ප මෙන් ම මාර්ටින් හයිඩෙගර් වැනි චින්තකයකුගේ සිතුම් මග මෙම නිර්මාණය වටහා ගැනීමට පිටුබලයක් වේ. මාර්ටින් හයිඩෙගර්ගේ දර්ශනයෙහි මරණය යන්න අත්‍යාර්ථයෙන් වැදගත් සංකල්පයකි. මරණය ජීවිතයට අර්ථය සපයන ආකාරය ඔහු කදිම ලෙස විවරණය කරයි. භව්‍යත්වය හා මරණය ඔහුට කේන්ද්‍රිය සංකල්පය වේ. එමෙන්ම මරණයත්,  භාෂාවත් අතර පවත්නා අවියෝජනීය සම්බන්ධය හයිඩෙගර් මතුකොට දක්වන්නේ ඉතා සියුම් ලෙස ය. ඔහු පවසන ආකාරයට මිනිසා භාෂාව නිපදවා ගත්තේ මරණයෙහි සීමාවන් අතික‍්‍රමණය කිරීමේ අභිලාෂයෙනි.
‘මංජු’ නවකතාව සිංහල පාඨකයා අලූත් වින්දන ක්‍ෂේත‍්‍රයක් හා බුද්ධිමය ක්‍ෂේත‍්‍රයක් කරා ගෙන යන්නට වෑයම් කරයි. මෙබඳු දුෂ්කර සාහිත්‍ය පරිශ‍්‍රමයක් සාර්ථක වීමට නම් මූලික අවශ්‍යතා දෙකක් සපුරාලීමට කතුවරයා හෝ කතුවරිය සමත් විය යුතු ය. පළමුවැන්න ජීවිතය හා මරණය පිළිබඳ ඉදිරිපත් කොට ඇති ආලෝචන සාරගර්භ වූත් ගැඹුරු වූත් ඒවා විය යුතු ය. දෙවැන්න නවකතාවෙන් ඉදිරිපත් කොට ඇති බුද්ධිමය නිරීක්ෂණ භාවමය ලෝකයකට සම්බන්ධ විය යුතු ය. මෙම අවශ්‍යතාවන් සපුරාලීමට කැත්ලීන් ජයවර්ධන කොතෙක් දුරට සමත්ව ඇත්දැයි විශ්ලේෂණය කිරීම විද්වත් රසිකයන් සතු වගකීමකි.
ජීවිතය හා මරණය අතර සම්බන්ධය මුල් කොට ගෙන රචිත විශිෂ්ට නවකතා සැලකිය යුතු සංඛ්‍යාවක් ලෝක සාහිත්‍යයේ ඇත. මේවා අතුරින් කෘති දෙකක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවනු කැමැත්තෙමි. පළමුවැන්න ලියෝ තොල්ස්තෝයිගේ The Death of Ivan Ilych යන්නයි. මරණයට මුහුණලා සිටින රෝගියකු පිළිබඳ කතාපුවතක් මෙහි ඇතුළත් වේ. දෙවැන්න ෆ‍්‍රාන්ස් කෆ්කාගේ The Metamorphosis  නමැති දීර්ඝ කෙටිකතාවයි. උදෑසන අවදිව බලන විට තමා දැවැන්ත කෘමියෙකු බවට පත්ව ඇති බව වික්ෂොභයෙන් දැන ගන්නා පුද්ගලයකු පිළිබඳ ආඛ්‍යානයක් මෙයට මුල් වී ඇත. ජීවිතයත් මරණයත් අතර සංකීර්ණ සම්බන්ධය මෙම නිර්මාණ දෙකටම පාදක වී තිබේ.
කැත්ලීන් ජයවර්ධනගේ අභියෝගාත්මක පරිශ‍්‍රමය බුද්ධිමත් පාඨකයාගේ සාවධාන විමර්ශනයට පාත‍්‍ර විය යුතු ය. මෙවැනි නවකතාවකින් අර්ථය ජනනය කිරීමෙහි ලා සක‍්‍රිය පාඨක සහභාගීත්වය අවශ්‍ය වන්නේම ය.
-මහාචාර්ය විමල් දිසානායක

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Manju Maranaya Ha Smaranaya - මංජු මරණය හා ස්මරණය

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Iwuru - ඉවුරු

Iwuru - ඉවුරු

...සර්පයන්ට පවා ලැගුම් ගෙවල් තනා දෙන්නට යොමු වූ දෑතක්... බුද්ධත්වය කෙසේ වුව නිර්වාණය වුව මවකගෙන් ඈ..

Rs. 680.00

Hima Kandu - හිම කඳු
Prabhu - ප්‍රභූ
Mahasen - මහසෙන්
Thambarawila - තඹරවිල

Thambarawila - තඹරවිල

මම ලෝකය නරබමින් සිටිමි. පෘතුවිය වටකුරු බව මට පෙනෙයි. පෘතුවිය වෘතාකාරව පෙනෙන්නේ ගහකොලවලට පමණක් සීමාවූ..

Rs. 250.00

Lotus Pond

Lotus Pond

..

Rs. 650.00

Dadukata - දාදුකැට
Kalu Sudu - කළු සුදු
Walpalama - වැල්පාලම
Indumathi - ඉන්දුමතී
Dhara - ධාරා

Dhara - ධාරා

“... නො වැගිරෙන කඳුළින් ඇගේ දෑස බර ව තිබිණ. සිරුර ඝන වූ නිසා හෝ ඉහිල් වූ නිසා සාරිය, හැට්ටයට යා කළ උ..

Rs. 600.00