• Muslim Sinhala - මුස්ලිම් සිංහල

මහත්තයාට මම හමුවුණෙත් නැහැ.... හමුවෙලත් නැහැ... හරිනේ... හැබැයි මට ලෙඩක් වැටුණොත් මහත්තයගෙ ෆොටෝ එක මගෙ මොළේ රෙජිටර් කරගෙන තියෙන්නෙ.... එහෙනං භවතු සබ්බ මංගලම් කිව්වා... අපි ගියා... අඩියෝස්...’

අපතයා තම ත්‍රිරෝද රථයෙන් ඉගිලූණේය. මරදාන හංදිය ආලෝකමත් වුවද පවිතින වැස්ස නිසා අවට පරිසරය පාළු ස්වභාවයක් උසුලයි.

තමාගේ යටි හිතෙන් දෙන සංඥා සහ දවසේ මගට බසින විට පළමුව දකින්නට ලැබෙන දර්ශනයෙන් දැනුම් දෙන සංඥාව නිවැරදිව හඳුනාගැනීමේ ඉවක් ඇති කාශ්‍යප සිදුවූ සිදුවීමේ භයානක බව හොදින් දැන සිටියේය. මත්කුඩු ගෙනයන ත්‍රිරෝද රථයකට ගොඩවීම දෛවයේ කවර සරදමක් දැයි සිතමින් ඔහු පසුතැවුණේය.


කාමරයේ එක් විදුලි පහනක් පමණක් දැල්වී තිබුණි. ඇඟට හිරවූ ඉතාම කෙටි කලිසමක් ඇඳි විශ්වාසනී ඇඳ මත හාන්සි වී සිටියාය. ඇගේ පියයුරු කෙටි කොට කලිසමට බොහෝ ඉහලින් රැඳී තිබූ ගැට ගසන ලද තුනී බ්ලවුස් එකකින් කිටි කිටියේ තදවී තිබුණි. සයනයේ හාන්සි වී දෙපා නවාගෙන තම දුරකතනයේ යම් ක්‍රියාකාරකමකට දැඩි අවධානයෙන් සිටි ඕ අඩක් විවර වූ දොර අබියස සිට තමාගේ අඩක් නගන සිරුර දෙස රහසින් බලා සිටින කාශ්‍යපව නොදුටුවාය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha