• Anslem Uraga Sanuhare Ksheerapayi Premawanthaya - ඇන්ස්ලම් උරග සනුහරේ ක්ෂීරපායි ප්‍රේමවන්තයා

"ඒ මුත්‍රා බොන්න වුණත් පුළුවන්. සමහර ගෙම්බෝ අල්ලද්දි ඌ අපේ මූණට පවා මුත්‍රා කරනවා. ඒවා පෙවෙනවත් එක්ක. ඒත් මේ යස අගේට මම ඉන්නේ. තව මතයක් තියෙනවා ඒවා පොඩි ළමයෙකුගේ ඇඟට වැටුණම ඒ ළමයා කෙට්ටුවෙනවා කියලා. ඒව නම් බොරු කතා. තව ගස් මැඩියව ඇල්ලුවම සුදු කබර හැදෙනවා කියලා කියනවනේ. එහෙම බලනවනම් මට සුදු කබර හැදිලා හුඟක් කල් මේ වෙද්දි.”
(148 පිටුව - ඇන්ස්ලම් - උරග සනුහරේ ක්ෂීරපායි ප්‍රේමවන්තයා)
 ගෙම්බකු මුත්‍රා කළ විට නයෙකු දෂ්ට කළාක් මෙන් විපරීතව බය බිරාන්තව නාඩගම් නැටූ කෙල්ලක; ⁣ඇන්ස්ලම් මහතා මේ විස්තරය කියද්දී කෙසේ අසා සිටියැදැයි සිතා බලන්න. "නදීගේ මූණ දැක්කම 'ගෙඹි මස්' ගැන නම් කියන්න බෑ කියලා හිතුණා" යැයි ඔහු ඊට විනාඩියකට පසු මට කියනු අදද මැවි මැවි පෙනේ... ඒ විතරක්නම් මදෑ, ජෙනිෆර් මහත්මිය දිවා ආහාරයට සකසන ලද කුකුළු අණ්ඩක් ගිලිමින් මේවා අසා සිටීම ඊටත් එහා හපන්කමකි. ඒ "කුකුළා මොකද, ගෙම්බා මොකද දරුවෝ" යැයි කියමින් ⁣ඇන්ස්ලම් මහතාගේ විහිළුද දරා ⁣ගැනීමට සිදුව තිබූ නිසාය...
මා ඒ අතීතයෙහි නැවත නැවතත් ගිලෙමින් මතකාවර්ජනයක් කරමි... මට පාලුවක් දැනේ... එය මාස නවයක ගැබක් දරා හිඳ දරුවා අතෙහි හිඳිද්දීද අලුත් මවකට තම උදරය පිළිබඳ දැනෙන හැඟීමට සමාන දෙයකි. මට අවශ්‍ය ප්‍රතිඵලය ලැබී තිබේ; ඒත් යමක් අහිමිව ඇති බවද හැඟේ... ඒ සීයා ළඟ හිඳගෙන කතා ඇසූ දැරිවියකගේ සතුටය...
ඔහු ළඟ තවත් බොහෝ දේ තියෙන්නට ඇති බව මම දනිමි. අදටත් ඔහු කිඹුලන් පිළිබඳ පර්යේෂණයක යාල වැනි ප්‍රදේශයක සිටිනවා විය හැකිය. අදටද ඔහු සමඟ කතා කළහොත් අසීමිත දේ, අලුත් දේ දැනගත හැකිය. මේ විශ්වීය මිනිසාගේ ජීවිතයෙන් මම බොහෝ පාඩම් උගත්තෙමි...
"කරන වැඩේ ඉවරකරලා මිසක් පස්ස බලන්නෙපා"  
අදටද ඒ වචන ඇසෙන්නාක් මෙන්ය.... තව බොහෝ දේ පොතේ ඇති බවත් කියැවීමට හැකි සරල බස්වහරක් ඇති බවත් කියමි....හැකිනම් පොත ගැන හිතුණු දේ බෙදාගන්න....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Anslem Uraga Sanuhare Ksheerapayi Premawanthaya - ඇන්ස්ලම් උරග සනුහරේ ක්ෂීරපායි ප්‍රේමවන්තයා

  • Rs. 1,300.00