"උඹට බෑ මයේ අවසරය නැතිව මැරෙන්ටවත්. මං උඹව උස්සාන ඇවිත් වෙදකම් නොකළා නම්, මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියෑදීලා. අන්න එකයි මම උඹව මෙහෙම ගෙනැව්වේ. උඹේ හිතුවක්කාරකම් අඩුවෙනකන්ම උඹ ව මයේ පැලට ගෙන්නගන්ට නොවෙයි මම උන්නේ. එත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදු මැණිකෙ. උඹට මගේ පැලේ වසන්ට වෙනවා. හැබැයි එකක්... උඹ අර කලින් උන්න හිතුවක්කාර, මේ කඩවරව තඹේකට මායිම් නොකරන, බයක් කියන එක ගෑවිලාවත් නැති පරණ සුගන්දි වෙනකන් මම උඹට අතක් තියන්නෑ. සිහියක් නැතිව මෙතන දපලා ඉන්න උඹයි, මට අකමැතිව උන්න උඹයි දෙන්නාම මට එකයි. උඹ දැන් මේ මයෙ ළඟ ඉන්නෙත් උඹවත් නොදැන නෙව. කවදාහරි උඹ ගුණ වෙලා උඹේ ලමත්තෙන් උඹම මයේ ලඟට එන්ට ඕනේ. එකයි උඹයි මායි අතර හැමදාම තිබුන වචනේ... ස්ථීරයි. ඒ වචනේ උඹ මැරුණත් එහෙමමයි. හොඳින් හරි, නරකින් හරි, එකපාරකට හරි උඹ මයේ ළඟට එන්ට ඕනේ. ඔව්, උඹ එනවාමයි... අනිවාර්යෙන්ම උඹ දවසක මයේ ළඟට එනවාමයි..."
Kadawara - කඩවර
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Apurwa mandarami - අපූර්වා මන්දාරමී
- ISBN: 9786245558582
- Availability: Available
-
Rs. 2,300.00