• Pramuditha Jeewithayak - ප්‍රමුදිත ජීවිතයක්

දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්‍යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප‍්‍රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි. පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනපි‍්‍රය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරිමත් බව, ඉවසීම සහ අපේක්‍ෂා සහගත සන්සුන්කම ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව
සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් සිහිපත් කරවන්නේ, සත්‍ය වශයෙන් ම සහජ අයිතියක් වන ප‍්‍රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය.

දළයි ලාමා වෙසෙන ඉන්දියාවේ ධර්මසාලා වෙත පැමිණි අගරදගුරු ඩෙස්මන් ටුටූ හා දළයි ලාමා අතර මනුශ්‍යා අත්පත් කරගත යුතු 'ප්‍රමෝදය' පිළිබඳව සතියක් පුරා වූ දීර්ඝ සංවාදය මේ කෘතිය තුළ අන්තර්ගතය.

ලොව පුරා මිලියන ගණනින් අළෙවි වූ මෙය සිංහලට පරිවර්තනය වන්නේ පළමු වරටය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ee Bawanamaya Margaya - ඒ භාවනාමය මාර්ගය.

Ee Bawanamaya Margaya - ඒ භාවනාමය මාර්ගය.

අචාන් ජෝන් සියන්සියෝසීගේ The Meditative Path ග්‍රන්ථයේ පදගතානුවදයකි...

Rs. 375.00