සරසවියේ දී මුණ ගැසුණු හොඳම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීර්යෙන් සාර්ථක කර ගත් අපේම ජීවිත ද, අපේම කියා දරුවන්ද, පැහැදිලි අනාගතයක් ද, විය.
එහෙත් එදා රෑ... අපේ මිතුරු සාදය පැවති දා රෑ... ඉරුණු ඇඳුමින්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය.ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචිය ද රැගෙනය.
''එයා මාව දූෂණය කළා...!''
මගේ හොඳම මිතුරිය කියන්නීය.
''මං එහෙම කළේ නෑ..! මගේ සැමියා කියයි.
ඉතින් විශ්වාස කරන්නේ කාවද...? මගේ සැමියා, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍රී දූෂකයෙකු ද...? නැතිනම් මගේ හොඳම මිතුරිය බොරු කාරියක් ද? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද.?
Raaga Gini - රාග ගිනි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Claire Mcgowan - ක්ලෙයා මැක්ගොවන්
- ISBN: 9786245664481
- Availability: Available
-
Rs. 2,100.00
- KBOOKS Cashback Rewards: 210