• Withakin Ihirunu Beera Bindak - විතකින් ඉහිරුණු බීර බිඳක්

ප්‍රේමය තිබුනේ එතැනය;
සඳක් අහසකට, තරුවකට හාදු දෙන තැනය.
ආදරේ කරන තැනය
ඊටත් වඩා වැඩියෙන්
සඳට දුරින් හිඳ පෙම් කරන කොලුවෙකු ළඟය..!
ප්‍රේමය තිබුනේ එතැනය;
මලකට බඹරෙකු  ආදරේ කිව් තැනය
හොරෙන් විත් සිපගත් තැනය.
ඊටත් වඩා වැඩිය,
මලක් රැකගනු වස් කටු වුනු
පෙම් හිතක් ළඟය..!
ප්‍රේමය තිබුනේ එතැනය;
නුඹ ඔහු ලඟින් සිටින තැනය
ඔහු සමඟ පෙම් බස් දොඩන තැනය
හාදු දෙන තැනය
ඊටත් වඩා ඒ දෙස
මං බලා කඳුළු පුරවාගත් තැනය..!!

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Withakin Ihirunu Beera Bindak - විතකින් ඉහිරුණු බීර බිඳක්

  • Rs. 500.00