යක්ෂණීගේ බර වැඩි වෙලා කියලා ඩයට් කරන්න පටන් ගත්ත දවසේ තමයි, අපේ ගෙදර කෑම මේසෙට කණ කොකා පියාඹන ගමන් වසුරු හලලා ගියේ.
වෙනදා උදේට, දවල්ට අම්මා බැඳලා දෙන සිමෙන්ති කොට්ට දෙකක් විතර බත් ගෙඩි දෙක වෙනුවට දැන් කාල යක්ෂණී කන්නේ මුං ඇට, කවුපි, කඩල මදිපාඩුවට මගේ බොටුව.
රටේම තියන ඇට ජාති කාලා ඉවර වුණාම මේකි හින්දා අපිට දවසක උදේට කනේරු ඇටත් කන්න වෙන එක නම් බඩේ බත් ටික වගේ, ආ නෑ බඩේ ඇට ටික වගේ විශ්වාසයි.
ඇට කාලාම මාව නිකං ඇටකාමා කාන්තාරේ ඇටගැහුණු නාකි ඔටුවෙක් වගේ වෙලා.
Sellanda Kollo - සෙල්ලන්ද කොල්ලෝ
- Publisher: CR Publishers
- Categories:
- - Novels - නවකතා
- - Authors - කතුවරු
- - Books Published in 2026 - 2026 වසරේ ප්රකාශිත පොත්
- - Kalpana KasthuriArachchi - කල්පනා කස්තුරිආරච්චි
- ISBN: 9786249101432
- Availability: Available
-
Rs. 1,700.00

