• Sewaka Sampatha - සේවක සම්පත

කෘතිය - සේවක සම්පත: බඳවා ගැනීම, පුහුණු කර ගැනීම - සිංහලෙන් බිස්නස් 5

දෙස් විදෙස්, සුවිසල් ව්‍යාපාරික ආයතනයන්හි සාර්ථකත්වයට ඉවහල්ව ඇති සේවකයන් බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ ක‍්‍රමවේදයන් ඉතා හොඳින් අපට ගැලපෙන ලෙස සකසා ඉදිරිපත් කර ඇති මෙම කෘතිය, ව්‍යාපාර හිමියන් කළමනාකරුවන්ට මෙන්ම මානව සම්පත් කළමනාකරුවන්ටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
මිනිස් සම්පතෙහි වටිනාකම ප‍්‍රාග්ධනය, තාක්ෂණය හා පරිගණක ජාලය අබිබවා ගොස් ව්‍යාපාර සාර්ථකත්වයෙහි කේන්ද්‍රය බවට පැමිණ ඇත. මේ වැදගත් පණිඩිඩය දීපාල් සූරියආරච්චි මහතා අපගේ සිංහල ව්‍යාපාරිකයා වෙතට ගෙන එන්නේ ඉතාමත් කෘතහස්සත උපදේශකයෙකු ලෙසිනි.
සිංහල කාටත් පැහැදිලි සහ හදවතට ළං වූ ද, කතුවරයාටම ආවේණික වූ ද, මනා භාෂා ශෛලියකින් සූරියආරච්චි මහතා ඉතා සාර්ථක ලෙස සේවකයන් බඳවා ගැනීමේදී හා පුහුණු කිරීමේදී ව්‍යාපාරිකයෙකු හැසිරිය යුතු ආකාරය හා තීරණ ගත යුතු සැටි ඉදිරිපත් කරයි. මෙම වටිනා ග‍්‍රන්ථය අප ව්‍යාපාරිකයන්ගේ අත්පොතක් බවට ඉතා ඉක්මනින් පත්වනු නිසැකය.

- මහාචාර්ය ගුණපාල නානායක්කාර

සිංහලෙන් බිස්නස් නමින් පොත් පෙළක් පළ කරමින් කළමනාකරණය පිළිබඳ විෂය කරුණු සරල බසින් ජනතාව අතර බෙදාහැරීමේ පුරෝගාමී මෙහෙයක් ඉටු කරන දීපාල් සූරියආරච්චි විකිණුම් ලිපිකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹාAVIVA NDB(කලින් ඊගල් රක්ෂණ) රක්ෂණ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙස විශ‍්‍රාම ගියේ 30 වසරක් පුරා ව්‍යාපාර කළමනාකරණයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි දෙස් විදෙස් අධ්‍යාපනයෙන් හා අත්දැකීම්වලින් පොහොසත් වෘත්තිකයෙක් ලෙසිනුයි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Udugan Bala - උඩුගං බලා

Udugan Bala - උඩුගං බලා

" සැබෑ වීරයකු ජිවිතයේ වීරයා කර ගැනීම තුලින් තවත් වීරයන් රාශියක් බිහිවෙයි."..

Rs. 400.00