• Thuhina Thudu Ridavilla - තුහින තුඩු රිදවිල්ල

අහස් වියනට එලා තිමිර තිර ඇතිරිල්ල
ඇටමිදුලු විනි විදින හීගතුවෙ වැලපිල්ල
සහස් කගපත් සදිසි තුහින තුඩු රිදවිල්ල
ආයෙමත් කුරගගා ඇවිත් නන් දෙඩවිල්ල

වසරකට වරක් විත් හිතක් පපුවක් නැතිව
කීවරක් නම් පැහැර ගත්තද දරු පොකුර
දුකක් නම් නෑ ඉදී ගිලිහුණා නම් ගස මුල ම
සුහුභු'ල්‍ය ඔවුන් ඇයි අත තියන්නේ මෙහෙම

මඳ නලේ නළවමින් පරිස්සම් කළ තරම්
රිදෙනවා ගිලිහුණත් ඒ නිසා එක පතක්
පහර පිට පහර දී සැමිටියෙන් සිය වරක්
කරන මේ හිරිහැරය මහ ගහක් වුව බරක්

නෑවිදින් තව ළඟට ඔතන ඔබ නවතින්න
එක වරක්වත් මලක් පූදින්න ඉඩ දෙන්න
පත් කිරුල බිම හලා නගන වූ වන අරණ
නතු කරන් ඔය තරම් ලද සුවය පවසන්න

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Thuhina Thudu Ridavilla - තුහින තුඩු රිදවිල්ල

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්