"ලොකු වැටුපක් ගන්නම නෙමෙයි. හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ව වගේම තව බොහෝ ජීවිත ගොඩදාපු 'වසරේ විධායකයෙක්' විය යුත්තේ "මම ඒකට සුදුසුයි" කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න. මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න.
ඉතින් ඔබ විධායක ඉණිමග නැගලා අනාගත CEO කෙනෙක් වෙන්න හිතුවත්, බිස්නස් එකක් කරලා CEO කෙනෙක් වෙන්න හිතුවත්, මේ කෘතිය තියෙන්නේ ඔබට බොස් කෙනෙක් වෙන්න යන ඒ ගමන යන්න අවශ්‍ය උපාය මාර්ග ඉගෙන ගන්න.ඒ ගමනට Road Map එක ඇඳගන්න.ඒ ගමන යන්න ඔබව සන්නද්ධ කරගන්න"
වසරේ CEO
රීබොක් (Reebok) ගැන අපි නොදන්නා තිරය පිටුපස කතාව. කුඩා සපත්තු නිෂ්පාදකයෙකුගේ සිට ගෝලීය සන්නාමයක් දක්වා රීබොක් (Reebok) ගෙනගිය ව්‍යවසායක සිහිනය.
බ්‍රිතාන්‍යයේ කුඩා නගරයක කුඩා සපත්තු නිෂ්පාදකයෙකුගේ සිට ලොව පුරා සියලුම දෙනා නම කියූ සැනින් දන්නා රීබොක් (Reebok) සමාගම නිර්මාණය කළ ජෝ ෆොස්ටර්ගේ ගමන, නොසැලෙන විශ්වාසයක් සහ නොපසුබස්නා උත්සාහයක කතාවකි. ඔහුගේ Reebok ගොඩනැගීමේ කතාව වන "Shoemaker - The Untold Story of the British Family Who Founded Reebok" (මෙය සපත්තුවා නමින් KBOOKS Publishing වෙතින් සිංහලයට පරිවර්තනය වී ඇත.) යනු හුදු ව්‍යාපාරික පොතක් පමණක් නොව, සිහින් දැකීමේ ශක්තිය සහ අභියෝග ජයගැනීමේ කලාව පිළිබඳ ගවේෂණයකි.
සපත්තුවා - Reebok Global Brand එකක් වීමේ කතාව
Wasare CEO and Sapaththuwa Reebok Story Bundle Offer
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Business - ව්‍යාපාරික
- - Priyanath Vidanapathirana - ප්‍රියනාත් විදානපතිරණ
- - Pramesh Wickramasinghe - ප්‍රමේෂ් වික්‍රමසිංහ
- ISBN: WCEOSBO
- Availability: Available
- Rs. 3,000.00
-
Rs. 2,750.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Business Pissuwa - බිස්නස් පිස්සුව
ජීවිතයේදී , බිස්නස්වලදී අනිවාර්යයෙන්ම අවදානම් ගන්න ඕන. ඒත් එහෙම ගන්න අවදානම් හැම එකක්ම කලින් ගණනය කර..
Rs. 1,000.00
11:11
ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු ඇත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ අංක 14හි සිට..
Rs. 1,500.00
Sapaththuwa - සපත්තුවා
"ගෝලීය අලෙවිකරණ ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් කිසිවක් අප සතුව තිබුණේ නැහැ. අපි කිසිදු අලෙවිකරණ සැලස..
Rs. 1,500.00