• Wasilissa Wasse - වසිලිස්සා වැස්සේ
මේසය

ලියන්නියකට
ඕනෑය මේසයක්
නෑ... එකක් නොව දෙකක්!

ලියන්නට මැල්ලුම්
ලියන්නට ලූනු, මිරිස්
එපමණද ඉඩ ඇතොත්
ලියන්නට කවි, කතා

අස් කර කුස්සියේ මේසය
හිස් කළ එතැන හිත
පුන්නයූර් පුර කමලාද
පිරිමි පස්දෙනකුගේ වැඩ
අහවරව ලද
මේසය ගැන උදන් කී
යාය හතරේ ශාන්තිද...
තමන්ටම කියා මේසයක්
හිමි නොවූ කල්හිද
ලියා මැල්ලුම් ලූනු ද ඇති පදම්
ලියා ඇත ඔවුන්
ලොව සසල කළ වදන්

වරදකාරී හැඟුමක්
දැනෙනවද ඔබට ලෝකය
වහ වහා සරි කළත්
ඇඳ ළිප කොසු ඉදල් හැළි වලං ආදිය
අතපසු වුනාවද
දෙන්නට ඇයට මේ මේසය?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wasilissa Wasse - වසිලිස්සා වැස්සේ

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..

Rs. 450.00

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..

Rs. 520.00

Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද

Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද

තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්‍..

Rs. 250.00

Mata Siliti Sihinayini - මට සිලිටි සිහිනයිනි

Mata Siliti Sihinayini - මට සිලිටි සිහිනයිනි

පිනි මිදුණු ජනේල වීදුරුව මත එක එක හැඩයට අපේ නම් ලියා ඉර එනතුරු බලා හිඳිමි ... ..

Rs. 250.00