• Yakshagamanaya - යක්ෂාගමනය
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් The Resistible Rise of Arturo Ui (අර්තුරෝ උයිගේ වැළැකිය හැකිව තිබූ නැග්ම) නම් දැවැන්ත දේශපාලන නාට්‍යය ලියන්නේ දෙවෙනි ලෝක යුද්ධයට මුල පිරූ ඇඩොල්ෆ් හිට්ලර් බලයේ මුදුන් හිනිපෙත්තේ සිටි 1941 වසරේදීයි. එය ජාතිකවාදය සහ යුදවාදය පතුරුවමින්ද තිරශ්චීන ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින්ද බලයට එන අසමත් නායකයෙක් විසින් යටත් වුණු සමාජයක් විනාශය කරා ඇදගෙන යන ආකාරය ගැන ඇඟැවුම් කරන ප්‍රබලතම උපහාසාත්මක උපමා කතාවක් ලෙස නොකඩවා සම්භාවනාවට ලක් වේ.
‘යක්ෂාගමනය’ වූ කලී මෙම සම්භාව්‍ය නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. එය 1994 වසරේදී නිෂ්පාදනය කරනු ලැබ, එම වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන දහයක් දිනා ගනිමින් විචාරකයින්ගේද, රසිකයන්ගේද නොමඳ අගැයීමට පාත්‍ර විය.
ගිම්හානේ යන්න ගිහින් කාව්ය සංග්රහය සිංහල රසිකයා අතට ගෙනෙන්නේ මුල් බසින් ප්රථම වරට සිංහලට පරිවර්තනය කරනු ලැබූ 20 සියවසේ සම්භාව්ය රුසියන් කවියේ උත්කෘෂ්ට නියෝජනයකි.
රුසියන් බසද, රුසියන් සංස්කෘතියද, රුසියන් කවියේ හරයාත්මක ලකුණු මෙන්ම රුසියන පද්යකරණ සම්ප්රදායය හා එහි ශිල්පීය සම්පත් ද ගැන පොහොසත් දැනුමින් සන්නද්ධ පරිවර්තක - කවියෙකුගේ විපුල බුද්ධිමය හා නිර්මාණ ශ්රමය මෙහි ඒකරාශී වී ඇත්තේය. සිංහල රසිකයාට මේ කවි ගැඹුරින් කියවා ගැනීමට ආධාර කරන ශාස්ත්රීය අත්වැලක් ද මෙම කෘතිය තුළ බහා තිබේ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Manasa Vila - මානස විල

Manasa Vila - මානස විල

ප්‍රේමසිරි කේමදාසගේ ‘මානස විල’ ඔපෙරාමය රංග නිර්මාණය වූ කලී නූතන සිංහල කලා-සංස්කෘතික ඉතිහාසයේ අද්විතී..

Rs. 250.00

Asipatha - අසිපත

Asipatha - අසිපත

බි්‍රතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍යයේ සිංහල පරි..

Rs. 300.00