• Asirimath purisadammasarathee Gunayen Babalana Munidano - අසිරිමත් පුරිසදම්මසාරතී ගුණයෙන් බබලන මුනිදානෝ

ආලවකට වේලායුදය නම් බලවත් ආයුදයක් තිබුණා. එයින් ගැසූ විට මහාමේරු පර්වතය පවා සුන් වෙනවා. අන්තිමට මේ ආයුදයෙන් බුදුරජාණන් වහන්සේට පහර දුන්නා. ඒ ආයුදය පාපිස්සක් සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තැන්පත් වුණා. ආලවක තවත් කලබල වුණා. එවර ඔහුට සිතුණා මේ කරම් දේ කළත් මේ ශ්‍රමණයාගේ කිසි වෙනසක් නැහැ නෙ. කිසිම කම්පාවක් ද නැහැ. මේ ශ්‍රමණයන් වහන්සේ සිටින්නේ හොඳ ඉවසීමෙන්. කළ කිසිවකින් ජයක් නොලැබූ ආලවක උන් වහන්සේ කෝපයට පත් කරන්නට සිතුවා. නින්දා අපහාස වන වචන වලින්,

මහණ, වහාම මෙතැනින් පිට වෙනු කීය.

මෙතන දී මුදු ලෙස කතා කිරීමෙන් යකුගේ තද කෝපය අඩු කළ හැකි බව සිතූ බුදුරජාණන් වහන්සේ,

යහපති පින්වත' යි කියා බුදුරජාණන් වහන්සේ ගෙයින් පිට වූ සේක.

දඬු මුගුරු අවි ආයුද වලින් තොරව දරුණු ආලවක යක්ෂයා ධර්මයෙන් ම දමනය කළ අපේ බුදුරජාණන් වහන්සේ පුරිසදම්මසාරථී ගුණයෙන් බබළන සේක.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Asirimath purisadammasarathee Gunayen Babalana Munidano - අසිරිමත් පුරිසදම්මසාරතී ගුණයෙන් බබලන මුනිදානෝ

  • Rs. 1,200.00