• Shiva - ශිව

ශිව ති‍්‍රත්වය

ශිව! මහා දෙවියාය. දෙවියන්ගේ දෙවියාය. නපුරේ අයහපතේ හා දුෂ්ට බලවේගයන්හි විනාශකයා ය. ලාලසාවෙන් යුත් පේ‍්‍රමවන්තයාය. පර්යාප්ත නර්තන ශිල්පියාය. බිය උපදවන රණ ශූරයාය. ප‍්‍රතාපවත් නායකයාය. අතිශය බලවත් එහෙත් අ¥ෂණීය, සදාතනිකව ජරපත් නොවන්නාය. ක්‍ෂණිකව බුද්ධිමත් තීරණයන්ට එළඹෙන හෙතෙම ඒ හා සමානවම ක්‍ෂණිකව කිපෙන්නේය.
සියවස් ගණනාවක් තිස්සේ අපගේ භූමියට ආක‍්‍රමණිකයකු, වෙළෙන්දකු, විද්වතකු, පාලකයකු, සංචාරකයකු ලෙස සපැමිණි කිසිම විදේශිකයකු නොඇදහූයේ එතරම් බලසම්පන්න පුද්ගලයකු යථාර්ථයක් ලෙස දිවි ගෙවන්නට නැත කියාය. ඔවුන් උපකල්පනය කළේ ඔහු මනුෂ්‍ය පරිකල්පන රාජධානියේ පමණක් විද්‍යාමාන විය හැකි, පැවැතිය හැකි මිථ්‍යාමය දෙවියෙකි කියාය.
එහෙත් අප වැරදි සහගත නම්? උතුම් වූ ශිව අනගි පරිකල්පනයක කල්පනා මාත‍්‍රයක් නොව ලෙයින් මසින් සැදුණු සැබෑ මිනිසකු නම්? ඔබ හා මා සමානවම, සිය කර්මයන්ට අනුව හෙතෙම දෙවියකු හා සමානව නැගී සිටි මිනිසෙකි. ඓතිහාසික කාරණාවන් මෙන්ම ප‍්‍රබන්ධය ද මිශ‍්‍ර කරගෙන, ඉපැරැුණි ඉන්දියාවේ සාරවත් මිථ්‍යා ප‍්‍රවාදමය උරුමයන් අර්ථ නිරූපණය, ශිව ති‍්‍රත්වයේ තර්ක පදනම, පූර්වාවයවය වෙයි.
එහෙයින්ම මෙම නිර්මාණය අධිපති ශිව වෙත උපහාරයක් ද, ඔහුගේ ජීවිතය වෙතින් අප උගත යුතු පාඩමක් ද වන්නේය. එය කාලයේ ගැඹුර හා අවිද්‍යාවේ අන්ධකාරය මධ්‍යයේ අහිමිව ගිය ශික්‍ෂාවකි. වඩාත් යහපත් ලෙස නැගී සිටින්නට අප සැම හට උපකාරී වන ආදර්ශයකි. සෑම මනුෂ්‍යයකුගේම අභ්‍යන්තරයේ දෙවියකු විසීමේ විභවය පිළිබඳ ගුරුහරුකමකි. අප කළ යුතු වන්නේ අපටම ඇහුම්කන් දීමය.
මෙම අපූර්ව, අනන්‍යසම විරුවාගේ ගමනේ සිදුවීම් පෙළ ඇතුළත් කෘති ති‍්‍රත්වයක පළමුවැන්න මෙලූහාවේ අමරණීයයෝ වෙයි. කෘති ති‍්‍රත්වයට අයත් ඉතිරිවා වන්නේ ‘නාගයන්ගේ රහස්’ සහ ‘වායු පුත‍්‍රවරුන් ගේ ශපථය’ යි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kon Kala Doni - කොන් කළ දෝණි

Kon Kala Doni - කොන් කළ දෝණි

වයස අවුරුදු දාහතේදී ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි...

Rs. 850.00

Rama Chandra Thrithwaya - රාමචන්ද්‍ර ත්‍රිත්වය

Rama Chandra Thrithwaya - රාමචන්ද්‍ර ත්‍රිත්වය

වසර පන්දහස් පන්සියයක ට ඉහත...විශ්වීය බලවේග පරිපූර්ණ සමාජයක් ගොඩනඟනු පිණිස කැඳවූ විරුවා...රාම..ඔහුට එ..

Rs. 5,400.00

Lankawe Sangramaya - ලංකාවේ සංග්‍රාමය

Lankawe Sangramaya - ලංකාවේ සංග්‍රාමය

ලංකාව දැවී යනු ඇත. අන්ධකාරය නොවැලැක්විය හැකිය.ඉන්පසු උදාවන ආලෝකය දරාගත හැක්කක්ද? තෘෂ්ණාව,ක්‍රෝධය, ශෝ..

Rs. 2,250.00