• Aramadasa - අරාමදාස

ඉතිහාසය ගොඩනැඟීමත් ඊට යටත්වීමත් එකක් නොව, හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි. මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතුදැයි කෙරෙන අදෘශ්‍යමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි.

‘ආරාමදාස’ නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන් කලඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි. සලාවැටුමක් හෙවත් දියසුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පත්ලට ඇදගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ රුදුරු ඉරණමින් ගැලවී ගංගාවත් සමග ඉතිහාසය හරහා නිදහසේ ගමනේ යෙදෙයි.

ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන ඇට්ලස්ට ලෝකය ඔසවාගෙන සිටීමේ කාරිය පැවරී ඇත්තා සේ ලාංකේය වාමන හෙවත් බහිරවයින්ට පැවරුණු කාරිය වන්නේ අතීත සමාජ සංස්කෘතික බරබද්දර ඔසවා සිටීමය. රාජ්‍ය සහ ආගම විසින් ඒ සඳහා හීලෑ කරනු ලැබ ඇති මේ දුක්ඛිතයන් ලේඛකයා දකින්නේ පැරණි සිංහල සමාජයේ විසූ පුදන ලද දාසයන් හෙවත් ආරාමදාසයින් ලෙසිනි.

ආරාමදාසයෝ එදත් අදත් අප අතර වෙති. ඇතැම් දාසයින්ට දාසභාවය පදක්කමක් වෙද්දී තවත් පිරිසකට එය උරචක්‍රමාලයක් වෙයි. උරචක්‍රමාලය යනු මිණියෙන් සැදි දැළිපිහියක මුවාත් ඇති පැලඳි ගෙල කපා බස්නා ආභරණයකි.

මේ නවකතාව මේ සියලු කාරණා තුළ ඔබේ භූමිකාව කුමක්දැයි ප්‍රශ්න කරයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

මෙම ඇණවුම සඳහා ශ්‍රී ලංකාව තුළ ෆ්‍රී ඩිලිවරි ලබා ගත හැකිය.  මෙම ඇණවුම සමග තවත් කෙතරම් පොත් ගෙන්..

Rs. 7,450.00

Wasara 7000 Ka Egypthuwa - වසර 7000 ක ඊජිප්තුව

Wasara 7000 Ka Egypthuwa - වසර 7000 ක ඊජිප්තුව

ඉතිහාසය, කලාව, සාහිත්‍යය හා සංස්කෘතිය..

Rs. 1,200.00